2020 සිට Android 2.3.7 සහ iOS 7වලට WhatsApp නැහැ

 ඡායාරූපය:

2020 සිට Android 2.3.7 සහ iOS 7වලට WhatsApp නැහැ

2020 පෙබරවාරි මස සිට Android 2.3.7 සහ iOS 7 මෙහෙයුම් පද්ධති සඳහා WhatsApp පහසුකම අත්හිටුවනු බව සඳහන්ය. එබැවින් තවදුරටත් එම සේවාව ලබා ගැනීමට අවශ්‍ය වේ නම් 2020 පෙබරවාරි මාසයට පෙර අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකතනයකට යොමුවන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කර සිටී.

එසේම Windows මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන සියල්ලටම තම සහාය මේ වසර අවසාන වනවිට ලබානොදීමට WhatsApp තීරණය කර තිබේ. තවද ජූලි පළමු වැනිදායින් පසුව බොහෝ දුරට WhatsApp යෙදුම Microsoft Store වෙතින් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කොට ඇතැයි වාර්තා වී ඇති අතර මේ නිසා සියලුම ශ්‍රී ලාංකික Windows මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථනය භාවිත කරන්නන් හට හැකි ඉක්මනින් IOS හෝ Android මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වන ජංගම දුරකතනයකට යොමුවන ලෙසින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දී සිටියි.

[තියේෂා ද සිල්වා]

------------------

OPPO වෙතින් පෙරළිකාරී RENO

වැඩි දෙනෙකුගේ සිත් දිනාගන්නා සුවිශේෂී පෙනුමක් සහ අංග රැසක් සමඟින් තරගකාරී ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළ තුළ පෙරළිකාරී පියවරක් හඳුන්වා දෙමින් තම නවතම ස්මාර්ට්ෆෝන් දුරකථනය වන OPPO Reno හඳුන්වා දීමට OPPO සමාගම කටයුතු කර ඇත.

OPPO Reno 10x ZOOM සම්බන්ධයෙන් දැනටමත් විශාල කතාබහක් ඇතිවී තිබේ. වැඩි දෙනෙකුගේ සිත් දිනාගන්නා පෙනුමක් සහ අංග රැසක් සමගින් වෙළෙඳපොළ පැමිණෙන මෙය කාටත් සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

විශේෂ නිර්මාණ සැලසුම් භාවිතා කිරීම කවදත් OPPO දුරකථනවල විශේෂ ලක්ෂණයකි. කෙසේ වෙතත් Reno සමග OPPO සිය වඩාත්ම ජනප‍්‍රිය අංගය වන කැමරා තාක්ෂණයේ සුවිශේෂීත්වයෙන් ඔබ්බට ගමන් කරයි. Shark-fin-pop-up කැමරාවක් snapdragon ප්‍රොසෙසරයක් සහ 10x hybrid zoom කාච සහිත ත‍්‍රිත්ව කැමරා පද්ධතියක් මෙම දුරකථනයේ අඩංගු වේ.

OPPO Reno 10x Zoom Edition හි ඇත්තේ 6.65 Full-HD AMOLED දර්ශන තීරයකි. Qualcomm snapdragon 855 ප්‍රොසෙසරයකින් එය බලය ලබයි. ඉතාමත් විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාදීම සඳහා එහි f/1.7 කැමරා විවරයක් සහිත 48MP Sony IMX586 Sensor Clubbed කැමරාවක් යොදා ඇත.

OPPO දුරකථන අතර ඉහළම මාදිලිය ලෙස සැලකෙන මෙම දුරකථනයේ 13MP ද්විතීයික සෙන්සරයක් අඩංගු වන අතර පුළුල් දර්ශන පසුබිමක් සහිත ඡායාරූප ගැනීමට සහ zooming සඳහා උපකාරී වන පරිදි 8MP Super Wide Angle සෙන්සරයක්ද යොදා තිබේ.

මාතෘකා