ඉදිරියේදී හිතුමතේ ආගමික ස්ථාන හදන්න බෑ

 ඡායාරූපය:

ඉදිරියේදී හිතුමතේ ආගමික ස්ථාන හදන්න බෑ

දේශපාලනඥයන්ට හෝ ආගමික නායකයන්ට හිතුමතේ ආගමික ස්ථාන ගොඩනැංවීමට දැනට තිබෙන ලිහිල් තත්ත්වය වෙනුවට ඊට නිසි නීතිමය පසුබිමක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල ඊට යෝජනා සහ අදහස් විමසමින් සිටින බව පැවසූ හෙතෙම මින් පසු ආගමික ස්ථාන එකිනෙක අතර මෙන්ම ඒවාට තැබෑරුම් ආදියෙහි සිට පිහිටි දුර, එවැනි ආගමික ස්ථානයක් පිහිටුවීමේදී  කිසියම් ප්‍රදේශයක සිටිය යුතු අවම පවුල් ගණන  ආදිය කෙරෙහි අවධානය යොමු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මාතෘකා