Youth එක කියන්නේ විසිරුණු සෙනඟක්

 ඡායාරූපය:

Youth එක කියන්නේ විසිරුණු සෙනඟක්

බිම්සරා ප්‍රේමරත්න

'අප්පච්චි’ ටෙලිනාට්‍යයේ 'මේඝනා' කිව්වම ගොඩක් අයට ඇගේ රූපය මැවෙන්න පුළුවන්. ඒත් නිතර නිතර රූපවාහිනියේ පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි ඇය. ඒ නිසාමයි ඇය විශේෂ වෙන්නෙ. දක්ෂ නිවේදිකාවක් වගේම ඉංග්‍රීසි, සිංහල වේදිකා නාට්‍ය දෙකම හුරුපුරුදු රංගන ශිල්පිනියක් ඇය. යම් මතයක් දරන සෘජු අදහස් ඇත්තියක් ඇය. ඇය බිම්සරා ප්‍රේමරත්න. Youth එක ගැන බිම්සරා කියන්නෙ මෙහෙම.

මේ දවස්වල ජීවිතේ කොහොමද?

විශේෂයක් නෑ. මියුසියස් විද්‍යාලයේ drama coach විදියට මං කටයුතු කරන්නෙ. මේ දවස්වල ඩ්‍රාමා තරගවලට ළමයින්ව පුහුණු කරන වැඩවල තමයි ඉන්නෙ

සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම නිවේදන කටයුතුවල යෙදෙන කෙනෙක් ඔබ. ඒකෙ වෙනස දැනෙන්නෙ කොහොමද?

මෙහෙමයි, ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මම ඒ විදියට නිවේදන කටයුතුවල යෙදුණා. පාසලේ මියුසියස් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියට කටයුතු කළේ මම. නිවේදනය කරනවා, මිනිස්සු වැඩිපුර අහල තියෙන්නෙ සිංහල වෙන කෙනෙක්, ඉංග්‍රීසි වෙන කෙනෙක් විදියටනෙ. නමුත් එක්කෙනෙක්ම එහෙම භාෂා දෙකෙන්ම නිවේදනය කරනකොට මට ලැබෙන ප්‍රතිචාර වෙනස්. ඒ වෙනස තමයි තියෙන්නෙ.

රංගනය හා නිවේදනයට අමතරව මේ ක්ෂේත්‍රයේ කරන දේවල් මොනවද?

මම Dubbing කරනවා. මං කරපු පළවෙනි ඩබින් එක තියෙන film එක මේ දවස්වල රිලීස් වෙලා තියෙනවා 'හුස්ම' කියල. ඒකෙ ප්‍රධාන චරිතෙට හඬ කැවීම කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව රේඩියෝ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කරනවා.

ඔබ ස්වාධීන තරුණියක් විදියට දැන් youth එක ගැන අදහස කොහොමද?

ඔවුන් කරන එක දෙයක් කියන්න අමාරුයි. විසිරුණු සෙනඟක්. එකම ට්‍රැක් එකක යන අය නෙමෙයි. සංවිධානය වෙලා කරන කටයුතු අඩුයි. අපේ අම්මලා තාත්තලාගෙ කාලෙ අපි දන්නවා එහෙම නෑ. ඒගොල්ලො වැඩ කළේ ලොකු එකතුවක් එක්ක. තනි වුණු තරුණ තරුණියො තමා ඉන්නෙ. ඒකේ හොඳත් තියෙනවා නරකත් තියනවා ඉතිං.

ඒකෙ හොඳ - නරක කොයි වගේද?

මෙහෙමයි. තනියෙන් වැඩ කරද්දි පුද්ගල මූලික අදහස් තමයි බිහි වෙන්නෙ. තරගකාරීත්වය ඇති වෙනවා වැඩී. තනියෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒකෙන් චරිත මතු වීම වෙනවා. නමුත් තරුණ ප්‍රජාවක් විදියට ඉදිරියට යන්න තරුණයන්ගෙ ප්‍රශ්න කතා කරන්න විදියක් අවස්ථාවක් තැනක් නැති වෙලා යනවා.

දැන් youth එක Social media පාවිච්චි කරන ආකාරය ගැන අදහස?

ගොඩක් entertainවලට තමයි භාවිත වෙන්නෙ. උදාහරණ විදියට කිව්වොත් Comedy, Music සඳහා අලෙවිය හා ප්‍රචාරණය සඳහා සින්දුවක් අහන්න වගේ දේවලට. ඒවල අවශ්‍යතාවක් තියෙනවා. Digital media නරක දෙයක් විදියට මම දකින්නෙ නෑ. හරියට පාවිච්චි කරනවා නම් එතැන ප්‍රශ්නයක් නෑ. සිල් රෙදි පොරවගෙන ඉන්න කියනවා නෙවෙයි අනික් අයට බාධා වෙන්නෙ නැතුව gossip හොයන්න, මඩ ගහන්නෙ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම community එක එකතු කරන්න පුළුවන්. මෙතැනදි පොඩි දේශපාලන වැඩපල ගැන දිගට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් හැදෙනවා නම් හොඳයි.

Social mediaවල තාරුණ්‍යයේ හැසිරීම වෙනස් කර ගත යුත්තේ කොහොමද?

ඔවුන් එකිනෙකා වෙනස්. ඒ නිසා ඒ අය මෙහෙම කරන්න ඕනෙ කියල මට කියන්න බෑ. නමුත් ප්‍රජාවක් විදියට හිතනවා නම් අනෙකාගෙ නිදහසට බාධා නොවීම ගැන හිතන්න ඕන. අධ්‍යාපන ක්‍රමය හරහා පාසල්වලින් වගේම දහම් පාසල්වලින් ඒ culture එක හැදෙන්න ඕනෑ කියන එක තමයි කියන්න තියෙන්නෙ.

Youth එකට දෙන පණිවිඩය?

මම අවුරුදු 16, 17 වයසෙ ඉඳලම තරුණ වැඩවලට සම්බන්ධ වුණු කෙනෙක්. පළාත් මට්ටමින්, සමස්ත ලංකා මට්ටමින් වගේම අන්තර්ගත වශයෙනුත්. තරුණ සේවා සභාව වගේ තරුණ සංගම් සමාජ නියෝජනය කරල වැඩමුළුවලට සහභාගී වෙලා තියෙනවා. ඒ කාලෙ එකට වැඩ කරපු හැමෝම අද විවිධ තැන්වල විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනවා. දැන් දේශපාලනික වශයෙන් එකතු වෙන තරුණ සමාජ අඩුයි. එහෙම background එකක් තිබුණු කෙනෙක් මම. තරුණ ප්‍රශ්න ගැන කතා කරන්න එකතු වෙන්න ඕන ඔවුන්මයි. අනිවාර්යයෙන්ම එහෙම background එකක් හදා ගන්න ඕනෑ කියන කාරණය තමයි කියන්න තියෙන්නෙ.

[සසංකා විතානගේ]

මාතෘකා