ජනාධිපතිට ජාත්‍යන්තර ඔත්තුකරුවෝ

 ඡායාරූපය:

ජනාධිපතිට ජාත්‍යන්තර ඔත්තුකරුවෝ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතිය අවසානයේදී යාපනයට ගියේය. ඒ යාපනයේ තිබූ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමටය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පී. හැරිසන් ඇමැතිවරයා සහ විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය සහභාගී වී සිටි අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී වී සිටියහ. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී රාජ්‍ය නායකයාගේ සහභාගීත්වයෙන් උතුරේ පැවති උත්සව වර්ජනය කළ දෙමළ ජාතික සන්ධානය දැන් ආණ්ඩුවේ වැඩසහන් සදහා සහභාගී වෙයි.

ලංකාවේ සිදුකරන විශාලම වැසි ජලය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළ ජනාධිපතිවරයා “එකට සිටිමු - යාපනය දිස්ත්‍රික් වැඩසටහන”ටද සහභාගී විය. පේදුරුතුඩුවේ ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ ජනාධිපතිවරයා යාපනයේ සිට නැවත කොළඹ බලා පැමිණියේ නැත. යාපනයේ සිට පොළොන්නරුවට පැමිණ ඔහු සෝමාවතිය බලා පිටත්ව ගියේය. පසුව කන්තලේට ගොස් සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිරාවරණය කිරීමට සම්බන්ධ විය. නැවත ජනාධිපතිරවයා කොළඹ පැමිණියේ ඉරිදා සවසය.

ඉරිදා සවස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කැඳවා තිබුණේය. ඒ අඟහරුවාදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ කටයුතු ගැන සොයා බලන්නටය. දයාසිරි ජයසේකරට වැඩි වගකීමක් එහිදී පැවරී තිබුණේය. සංවිධාන කටයුතු ගැන සොයා බැලූ ඔහු සඳුදා පදනම් ආයතනයට ගියේ උපාධිධාරී ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයකට සහභාගීවීමටය.

කැබිනට් හමුව

අඟහරුවාදා උදෑසන සුපුරුදු පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භවීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු අරලිගයහ මන්දිරියේදී පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වා තිබුණේය. එහෙත් මෙවර කැබිනට් රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවූයේ මාලදිවයිනේ සංචාරයක නිරතව සිටි නිසාය.

අගමැතිවරයා සමඟ මාලදිවයින් සංචාරයට එක්ව සිටි ඇමැතිවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන්ට අදාළ කැබිනට් යෝජනාද මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබිණි. එහෙත් ඒ සඳහා ලැබී තිබුණේ එතරම් හොඳ ප්‍රතිචාර නොවේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිහිටි කතෝලික දේවස්ථානය ජාතික වනෝද්‍යාන භූමියෙන් ඉවත් කර ගැසට් කිරීමට ජෝන් අමරතුංගු ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේය. පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට වජිර අබේවර්ධන ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

"පළාත් සභාවල මේ මන්ත්‍රීවරු දැන් නැහැ. පළාත් සභාවල මන්ත්‍රීවරුන්ට තීරුබදු වාහන දෙන්නේ නෑ කියලා තීරණයක් අරගෙන තිබෙනවා. පළාත් සභාවක් නැති වෙලාවක මේක දෙන එක වැරදියි. මේක ර‌ටේ ආර්ථිකයට නරක විදියට බලපානවා" මංගල සමරවීර ඇමැතිවරයා දැඩි විරෝධයක් දැක්වීය.

ජෝන් අමරතුංග ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්වීමට ඇමැතිවරු කිහිපදෙනෙක්ම එක්ව සිටියහ. සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, ගාමිණී ජයවික්‍රම පෙරේරා මේ කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්වූවේය. ඒ නිසා කැබිනට් පත්‍රිකා දෙකම යළි හරවා යැවීමට සිදුවිය.

ජනාධිපතිට ජාත්‍යන්තර ඔත්තුකරුවන්

කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් කළ ජනාධිපතිවරයා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට පැමිණියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට සහභාගීවීමටය. වෙනදාට පක්ෂයේ සංවත්සරය එළිමහන් වේදිකාවක පවත්වන නමුත් මෙවර සංවස්තරය සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වූයේ ජනතාව ඒකරාශී කරගැනීමේ ගැටලුවක් නිසා යැයි ඇතැම් පාර්ශවයන්ගෙන් කියවිණි. එහෙත් සමුළුවට විශාල පිරිසක් පැමිණ සිටියහ. මේ නිසා ඇතැම් අය කෑ ගසන්නට වූයේ වේදිකාවට පිටුපසින් වූ කොටසේ තමන්ට ආසන පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. කෙසේ නමුත් ඔවුන්ගේ ඉල්ලීමට ඉඩක් ලැබුණේ නැත.

පක්ෂ සම්මේලනයට අනෙකුත් දේශපාලන පක්ෂ හා සංවිධාන තිස් පහකට ආරාධනා කර තිබිණි. එයින් නොපැමිණ තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් හා විමල් වීරංවශගේ පක්ෂයේ නියෝජිතයින් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන උදය ගම්මන්පිල මෙන්ම ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් හා එක්සත් ජාතික පක්ෂය සමග සිටින පාඨලී චම්පික රණවකද මෙහි පැමිණ සිටියහ.

පොදුජන පෙරමුණේ කටයුතු දැඩි ලෙස විවේචනය කරන කුමාර වෙල්ගමට ඉදිරිපෙළ අසුනක් හිමිව තිබුණේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් එහි පැමිණ සිටි අතර ඇය සුපුරුදු පරිදි ප්‍රමාදවී සමුළුවට පැමිණියාය.

"ගෙම්බන් පනිනවා වගේ එහාට මෙහාට පනින්නේ රට වෙනුවෙන් හිතන අය නෙමෙයි. ඒ සියලුදෙනාම තමන්ගේ පුද්ගලික දේවල් ගැන හිතන අය. තමන්ගේ ඊළග ඇමැතිකම, මන්ත්‍රීකම, සභාපතිකම ආදිය ගැන තමයි මේ අය හිතන්නේ. අද දේශපාලන තක්සේරුවකට ගියොත් අද මුළු දේශපාලනයම අවුල් ජාලාවක් බවට පත්වෙලා තියෙනවා. ශෝකජනකයි. රට වෙනුවෙන් කල්පනාකරන විට අනුවේදනීයයි. දුක්ඛදායකයි. මුළු දේශපාලන ව්‍යුහයම ශෝකාලාපයක්. අප ගොඩනැගිය යුත්තේ හරිත ආර්ථිකයක්. සුහුරු තාක්ෂණය අපිට ගොනැගිය හැක්කේ රොබෝ තාක්ෂණය සමගින් ඩිජිටල් යුගයක් බිහිකරමිනුයි.

"වසර පහකට ආසන්න මගේ කාලය පිළිබඳ මොන ආකාරයට විග්‍රහ කළත් මා ඉහත කී ආර්ථිකය වෙනුවෙන් සටන් කළා. රට විකිණීමට එරෙහිව, දූෂණයට විරුද්ධව මට සටන් කරන් සිදුවුණා. 2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයේදී මම උඩුංග බලා පිහිනපු අයෙක්. එය මොනතරම් අභියෝගයක්ද කියලා ඇතැම් අයට අමතකයි. බොහෝ දෙනෙකුට මතකයි. අභියෝග ජයගෙන හදපු ආණ්ඩුව ජනතාවට වැඩ කොටසක් කළා. මගේ පාර්ශවයෙන් නෙමෙයි, අනෙක් පාර්ශවයෙන් අනුමත කළ නොහැකි බොහෝ දේ කළා. නව ලිබරල්වාදය අපිට ගැලපෙන්නේ නෑ. ප්‍රභූ දේශපාලන පංතිය ප්‍රභූ දේශපාලනයෙන් තොරව පැමිණි මා යට ගසා තිබෙනවා. නිර්ප්‍රභූ දේශපාලනය අද අපිට අවශ්‍යයි. ප්‍රෝඩාකාරී දේශපාලනය, ජාවාරම්කාරී දේශපාලනය අද දූෂිත ප්‍රභූ පංතියට එක්වී සිටිනවා.

ව්‍යාජ දේශප්‍රේමීත්වය තක්කඩින්ගේ අවසන් තිප්පොලයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ බව පිළිගෙන තිබෙනවා. අවුරුදු හතරක් තිසේසේ මට මොවුන්ට එරෙහිව සටන් කරන්න සිදුවුණා. මේ රටේ දූෂණය නැත්තේ කොතැනද? පාර්ලිමේන්තුවේද, පළාත් සභාවේද, පළාත් පාලන ආයතනයේද, මේ හැමතැනම දූෂණය තිබෙනවා. ආණ්ඩුවට වගේම විපක්ෂයත් පළාත් පාලන ආයතන දූෂණයෙන් තොරව පවත්වාගෙන යෑමට කිසිදු අවශ්‍යතාවයක් දක්වන්නේ නෑ.

රටට ගැලපෙන දේශපාලනඥයා, රටට ගැලපෙන කෙනා කවුද කියලා සොයා ගැනීම අද වැදගත්. අපේ ආණ්ඩුවේ ලොකුම හූනියම කරපු මහ බැංකු කොල්ලයේ වගඋත්තරකරුවන් වහාම දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. එහෙම ඉදගෙන ඉදිරි ජනාධිපතිවරණය ගැන සුද්ධවන්තයෝ වගේ කතා කරනවා. තව බොහෝ දේ ඉදිරියේදී හෙළිවේවි. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි හදලා ඉවරයි. ඊට වඩා ලොකු මහත්තුරුන්ටත් වගඋත්තරකරුවන් විදියට උසාවි කූඩුවට නගින්න අවශ්‍යවෙන ලිපි ලේඛන හදලා ඉවරයි. පළාත් සභා ක්‍රමයට ඇණ ගහලා ඉවරයි. ඒකට පාර්ලිමේන්තුවෙන් අදාළ වාර්තාව අගමැතිවරයා දීලා නැහැ. ඒකට වගඋත්තරකරු අගමැතිවරයායයි.

"ලබන ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශයවත් හිමිවෙන්නේ නෑ. ඒ සියලුම බලතල ලැබෙන්නේ අගමැතිවරයාට. අද රටේ ජනතාවට මේ ගැන කතා කරන්නේ නෑ. 2020 රට භාරගන්න ඉන්නේ අගමැතිවරයා මිස ජනාධිපතිවරයා නොවන බව මතක තියාගන්න. 2020ට ජනාධිපතිවරයෙක් පත් කරනවාට වඩා අපි උන්නදුවෙන්නේ අගමැතිවරයෙක් පත් කිරීමටයි.

"ඊයේ පෙරේදා පත්තරවල මම දැක්කා හැම වෙලාවේම කටමැත දොඩවන වාචාල හාදයෙක් කුලියාපිටියේ ගිහින් 2015 ජනාධිපති අපේක්ෂකයා තෝරන වෙලාවේ අත්වැරදීමක් වුණාය කියලා තිබුණා. 2015 වගේතේරුවොත් පාරේ බැහැලා යන්න වෙන්නේ නෑ කියලා තිබුණා. රනිල් එලවලා මහින්ද අගමැති කරන්න සිදුවුනේ ඒ තිබුණ තත්ත්වය නිසයි. දූෂණයට විරුද්ධව ආණ්ඩුව ඇතුළේම ඉදලා සටන් කළ නිසයි," ජනාධිපතිවරයා දැඩි කතාවක් කළේය.

"සර් අර අර්ජුන් මහේන්ද්‍රන්ට වඩා හොරු ගැන කවුද සර්ට කිව්වේ" ජනාධිපතිරවයාගේ කතාව අවසන් කර පැමිණ අසුන් ගත් විට ඔහු අසල සිටි අයෙක් ඇසුවේය.

"මටත් ඉතිං ඔය ඉන්ටර්පෝල් එකෙන් වගේ තොරතුරු එනවානේ" ජනාධිපතිවරයාත් සිනාමුසුව කීවේය.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා කළේ ජනාධිපතිවරයාගේ කතාවට වඩා වෙනස් කතාවකි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් පත් කිරීම ගැන කතා කරන විට නිමල් සිරිපාල කතා කළේ පොහොට්ටුව සමඟ පොදු සන්ධාන ගොඩනැගීමට ඇති ඉඩකඩ පිළිබඳය.

දයාසිරිගෙන් සාදයක්

පක්ෂ සමේලනය අවසන් කළ මැති ඇමැතිවරු ගියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ නිවසටය. දයාසිරිගේ නිවසේ රාත්‍රී සාදයක් සූදානම් කර තිබුණේ ජනාධිපතිවරයාගේ උපන්දිනයත්, පක්ෂ සම්මේලනයට උපකාර කළ අයටත් ස්තුති කිරීමත් එකට යොදාගෙනය.

ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශර්වාද ලබාගත් ජනාධිපතිවරයා දයාසිරිගේ නිවසට පැමිණියේය. ඒ වන විට සම්මේලනයට උදව් උපකාර කළ බොහෝ දෙනා එහි පැමිණ සිටියහ.

"සර් මේ අය තමයි සම්මේලනය සාර්ථක කරගන්න උදව් කළේ. මම මේක තනියම කරපු වැඩක් නෙමෙයි. හැමෝගේම එකමුතුවෙන් කරපු වැඩක්"දයාසිරි එකිනෙකා ජනාධිපතිවරයාට හඳුන්වා දුන්නේය.

පසුදා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ලියූ පොතක් දොරටවැඩිම වෙනුවෙන් පැවති උත්සවයටද ජනාධිපතිවරයා සහභාගී වූවේය. මේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා පොතේ කොටස් කිහිපයක් කියවා තිබුණේය.

"මේ පොතේ අන්තිම හරිය කියෙව්වොත් පක්ෂයෙන් අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් තියනවා. මොකද මෙතුමා එක්සත් ජාතික පක්ෂයේ නේ"ජනාධිපතිවරයා විජයදාසට සිනාසෙමින් කීවේය.

තලතාගේ තැන විජයදාසට

පොළොන්නරුවේ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ වැඩසටහන බ්‍රහස්පතින්දා පැවැත්විණි. ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරු කොළඹ සිට හෙලිකොප්ටරයෙන් පොළොන්නරුවට යෑමට සූදානමින් සිටියේය. තලතා අතුකොරළ ඇමැතිවරියත්, වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිවරයාත් හෙලිකොප්ටරයෙන් ජනාධිපතිවරයා සමඟ යෑමට සූදානමින් සිටි අතර අනාරාධිතවම ජනාධිපතිවරයා සමඟ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාත් පැමිණියේය. ඔවුන් සියලුදෙනාම එකම හෙලිකොප්ටරයෙන් පොළොන්නරුවට පැමිණියේය. පොළොන්නරුවට පැමිණි ඔවුන් ගියේ ජනාධිපතිවරයාගේ නිවසටය. එහි‌ ගොස් තේ බී උත්සවයට පැමිණියේය.

පිළිගැනීමේ කතාවෙන් පසුව තලතාට කතාවක් කිරීමට තිබුණේය. කතාවට පෙර තලතා තමන්ගේ මාධ්‍ය ලේකම්වරයාට කතා කළේය.

"නලීන්, මම කතාවක් කරන්නේ නෑ. අපි ඒ කතාව විජයදාස මන්ත්‍රීතුමාට දෙමු" තලතා කීවාය. ඒ අනුව තලතාගේ තැන ගනිමින් විජයදාස විනාඩි විස්සක් කතා කළේය.

"එකම විනිසුරුවරයෙක්ටවත් කතා නොකළ එකම ජනාධිපතිවරයා වෙන්නේ මම. අනෙක් හැම ජනාධිපතිවරයෙක්ම විනිසුරුවන්ට කතා කරලා, බලපෑම් කරලා තියෙන බවට චෝදනා තියෙනවා," ජනාධිපතිවරයා තමන්ගේ කතාවේදී කීවේය.

උත්සවයෙන් පසුව ජනාධිපතිවරයා තවත් උත්සව කිහිපයකට සහභාගීවීමට පැමිණි අතර තලතා හා විජයදාස නැවත රත්නපුරයට පැමිණියේය.

මාලදිවයිනේ සිටියදී ලැබුණ මැතිවරණ ආරංචිය

පසුගිය සඳුදා අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නිල චාරිකාවක් සඳහා මාලදිවයින බලා පිටත් විය. එහිදී එරට නායකයින් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා සාර්ථකව නිම කළ අගමැතිවරයාට අනතුරුව එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ කතාවක් කිරීමටද ආරාධනා ලැබිණ. වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, දයා ගමගේ හා අනෝමා ගමගේ ඇතුළු මැති ඇමතිවරුද එම නිල දූත පිරිසට අයත් විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළ ඉදිරිපත්ව තිබූ පෙත්සමේ තීන්දුව ලැබුණේද එම ඡන්දය ඔක්තෝම්බර් 11 දාට නියමව ඇති බවද අගමැතිවරයාට අරලියගහ මැදුරෙන් දැන්වූයේ මාලදිවයිනේ සංචාරය අතරය. එහිදී ඇමති වජිර සමඟ මෙන්ම සෙසු ඇමතිවරු සමඟද කතා කළ අගමැතිවරයා දුරකථන හරහා බෙන්තර - ඇල්පිටිය එජාප සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක සමඟද ඊට අදාළව කතා කළේය.

“මේ ඡන්දය ඉතා වැදගත් එකක්. අපි පක්ෂයක් ලෙස එකමුතු වෙලා ඊට මුහුණ දෙමු. මේක අපට ජය ගන්න පුලුවන්. මම ලංකාවට ආ විගස පක්ෂයේ සියලු දෙනා හමුවෙලා කතා කරලා වැඩ පිළිවෙලක් හදමු. එතකම් ගයන්ත අවශ්‍ය කරන මුලික කටයුතු ටික කරන්න. කබීර්, අකිල, කිරිඇල්ල වගේ අය එක්ක කතා කරන්න.” අගමැතිවරයා ගයන්තට උපදෙස් දුන්නේය.

බදාදා නැවත පැමිණි අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තුවට ගියේ අගමැතිගෙන් සෘජු ප්‍රශ්න ඇසීමේ අවස්ථාවට එක්වීමටය.

“මේ වසර අග ජනාධිපතිවරණය නිසා අයවැයක් ගේන්නේ නෑ. ඒ කාලයට පරිපූරක ඇස්තමේන්තු ගේනවා” අගමැතිවරයා කීවේ ජවිපෙ බිමල් රත්නායක විමසු පැනයකට පිළිතුරු ලෙසය.

බ්‍රහස්පතින්දා උදයේ ජපාන තානාපති අරලියගහ මැදුරට පැමිණි අතර ශ්‍රී ලංකාව ජපානය හා ඉන්දියාව එක්ව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දියුණු කළ හැකි අයුරු ගැන එහිදී අවධානය යොමු කෙරිණි.

“රාජපක්ෂ ආණ්ඩුව අපේ හමුදා මූලස්ථාන කොළඹ හදවත වගේ ඉඩම හා තව අක්කර 15,000 ක් පිටරටට සින්නක්කර දීලා තියෙනවා. ඒත් අපි කිසිදා ඒක කරන්නේ නැහැ. පෝර්ට් සිටි එකයි හම්බන්තොට වරායයි වගේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ලංකාවටත් අයිතිය ලැබෙන ලෙස බදු ක්‍රමයට විතරයි අපි යන්නේ” අගමැතිවරයා තානාපතිවරයාට පැහැදිලි කළේය.

ජනාධිපතිගේ කතාව ගැනත් අවධානය

අනතුරුව පැමිණ සිටි මැති ඇමතිවරු සමඟද අගමැතිවරයා කතාබහ කළේය.

“අපි දැන් වාද බේද පැත්තක තියලා ඇල්පිටිය ඡන්දය දිනන්න කැපවෙන්න ඕනෑ. ඒක ගහල ගියොත් ජනාධිපතිවරණයටත් ඒක නරක විදියට බල පානවා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කළහ.

“ඇල්පිටිය ප්‍රතිඵලය ආණ්ඩුවට ඉතා වැදගත්. ඒත් පොහොට්ටුවට, ශ්‍රීලනිපයට හෝ ජවිපෙට විශේෂයෙන් වාසි තැනක්. මේ වගේ ප්‍රාදේශීය ඡන්දයක් තිබුණම වාසි පැත්තට වාසි වේවි. ඒක ජනාධිපතිවරණයට සෘජු බලපෑමක් වෙනවා කියලා හිතන්න නරකයි. ඒත් ඇල්පිටිය එකමුතු වෙලා ජය ගැනීම එජාපයේ සියලු දෙනාගේ වගකීමයි. ආණ්ඩුවක් තියාගෙන ප්‍රාදේශීය සභාවක් දිනාගන්න බැරිනම් මේක ආණ්ඩුවක්ද ” උතුරු මැද හිටපු එජාප මහ ඇමති මහින්දසෝම මහතාගේ පුත්‍රයා වන අනුරාධපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චන්දිම ගමගේ කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අනුමත කළේ කොක්හඬලමිනි.

“ ශ්‍රීලනිප සංවත්සරයේදී ජනාධිපතිතුමා අමුතු කතාවක් කළේ. ” චමින්ද විජේසිරි කීවේය.

“ ඊළග ජනපතිට බලයක් නෑ කියල එතුමා කිව්වෙ ගෝඨාභය ඉලක්ක කරල වෙන්න පුලුවන්. එදා සමුළුවේ පරස්පර කතා ඒ කථිකයෝ කළේ. සමහරු ජනාධිපතිතුමාගෙ කතාවට පස්සෙ දොස් කියලත් තියෙනවා. ශ්‍රීලනිපය දෙකඩ වෙලා පොහොට්ටුව හැදුනා. දැන් ඉතිරි ශ්‍රීලනිපයටත් යළි දෙකඩ වෙන එක ස්ථිරයි.” චමින්ද ගමගේ කීවිට සියලු දෙනා එය අනුමත කළහ.

“ එජාප පිරිසක් අපේක්ෂක ප්‍රශ්නය පාරට ගෙනිච්චා. සාකච්ඡාව සම්මුතිය හොඳම විසඳුමයි. නැත්නම් කෘත්‍යාධිකාරිය හා පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් තියල ඡන්දයකට යෑම හොඳම ක්‍රමයයි. එතකොට දිනන කෙනාට චාන්ස් එක යනවා. ඇල්පිටියේ අභියෝගය මුලින්ම බාරගන්න කෙනාට ජනතාවගෙන් ලොකු ප්‍රසාදයක් ලැබේවි. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ ඇල්පිටිය හා ජනපතිවරණ මැද සමහරු එජාප මන්ත්‍රීලට හා ඒ ගෙවල්වලට කතා කරල බලපෑම් කරන බවට නායකතුමාට පැමිණිලි ලැබිල තියෙනවා.” එජාප නීති උපදේශකයෙක් කීවේ එවැන්නකි.

“සජිත් ඇතුළු පිරිස රටපුරා කරන රැස්වීම් මාලාව පක්ෂයට වාසියි. නිදාගෙන හිටපු එජාප අය නැගිටට්ටවලා ගන්න ඒ රැස්වීම් සමත් වුණා.” හේෂා විතානගේ කීය.

අගමැතිවරයාට කැළණියෙන් කැපිල්ලක්ද?

“ කැලණි විහාරේ අගමැතිතුමාගේ පරම්පරාව රැකබලා ගත්තු විහාරයක්. එකේ දායක සභාවෙන් ඔබතුමා ඉවත් කළා කියන කතාව මොකද්ද? ” මහාචාර්ය ආශු මාරසිංහ සෘජුව ප්‍රශ්න කළේ අගමැතිගෙනි.

“එහෙම දෙයක් මම දන්නෙත් නෑ. මට දන්වලත් නෑ. මම නොවැම්බර්වල කොහොමත් ඉවත් වෙන්න හිටියේ. මේ වැඩ නිසා දායක සභාවත් බෙදිලා. පෙරහැරත් අනතුරට ලක්වෙනවා. මට කණගාටුව ඒකයි.” අගමැති කීවේය.

“ඔය විහාරේ හිමිවරුන්ට විරුද්ධව විශාල චෝදනා තියෙනවලු. ඒවා විභාග කරලා නිදොස්වීම හොඳ බවයි අගමැතිතුමාගෙ මතය වෙන්නේ”චමින්ද විජේසිරි කීය.

“එජාපෙ අපේක්ෂකත්ව ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගැනීම අත්‍යවශ්‍යයි. අගමැතිතුමා හා සජිත් ඇමතිතුමා අතර විශ්වාසනීයත්වය තහවුරු කරන අතරමැදි සාකච්ඡාවක් අවශ්‍යයි. ඒකට දේශපාලන පිල්වල නැති මධ්‍යස්ථ අය සම්බන්ධ කරගැනීම වටිනවා. දෙදෙනා අතර එහෙම ඇතිවෙන විශ්වාසනීයත්වය කරු, රවී, ෆොන්සේකා, නවීන්, මංගල, කබීර්, මද්දුම බණ්ඩාර වගේ ප්‍රබලයන් අතරත් විසුරුවා හරින වැඩපිළිවෙළකට ඉක්මණින් යන්න ඕනෑ.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහයට අගමැති ඇතුළු කාගෙත් එකඟත්වය පල විය.

“ වීරවංශ දිගට හරහට ඇමෙරිකාවට ගහනවා. ඇමෙරිකන් අයට මේ රටේ ඕන පිස්සුවක් නටන්න පුලුවන් බවට ඊයේ ටී.වී එකෙන් බෙරිහන් දුන්නා. වීරවංශ කියන කතාව ඇත්ත. ඇමෙරිකානු පුරවැසියන්ට මේ රටේ ජනාධිපතිවරණයට ඉල්ලන්නත් පුලුවන්. ගෝඨාභයට වෙන්න ඕන වීරවංශ මේ බැට දෙන්නේ. ” චමින්ද වජේසිරි කීවේ කාගේත් සිනා මැදය.

“ ගෝඨාභය ආරක්ෂක ලේකම් විදියට ඒ කාලෙ කරපු වැඩවල හැටියට ජනාධිපති වුණාම කරන වැඩ ගැන හිතාගන්නත් බෑ කියල මහින්ද මහත්තයම ළඟදි හොඳ කතාවක් කිව්වා. ආරක්ෂක ලේකම් වෙලා ගිනි තියපුව, මරපුව අතුරුදහන් කරපුව, ජනතා මුදල් අවභාවිත කරපු හැටි මතක් වෙලා මෙයා ජනාධිපති වුණොත් ඒවා කොහොම කරාවිද කියල හිතල මහින්ද මහත්තයා එහෙම කිව්වා වෙන්න ඕන ” චන්දිම ගමගේ කීවේ කාගේත් සිනා මැදය.

“බෝරා සමුලුව ලංකාවේ පැවැත්වීම රටේ ආර්ථිකයට ඩොලර් දස ලක්ෂ 50ක ප්‍රතිලාභ ලැබෙන හා අපේ රටේ ආරක්ෂාව හා සංචාරක ව්‍යාපාරය ගැන ලෝකයටම සහතිකයක් දීපු වැදගත් අවස්ථාවක්. සමහරු මේකට විරුද්ධවත් උද්ඝෝෂණ කරන පහත් තත්ත්වයට යන්න හැදුවා. උසාවියට පිං සිද්ද වෙන්න ඒවා වැලකුණා” දිනේෂ් වීරක්කොඩි කී විට සියලු දෙනාම එය අනුමත කළහ.

..........

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු සිදුවූ ජනාධිපති බලතල කප්පාදු කිරීම පිළිබඳ අභියෝගය ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකි බව ඩලස් අලහප්පෙරුම පවසයි. එහෙත් ඔහුගේ ප්‍රකාශය පරස්පරය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට අග්‍රාමාත්‍ය තනතුර ලබාදුන් ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යධුරයේ පිහිටුවන බව ඩලස් පවසන අතරම ඔහු තවදුරටත් කියන්නේ 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිධුරයට පත්ව වයෝවෘද්ධව සිටි සිරිමාවෝ මැතිනියව අග්‍රාමාත්‍යධුරයේ පිහිටුවනු ලැබුවද ඇය කිසිඳු රාජ්‍ය පාලන කටයුත්තකට දායක කර නොගත් බවය.

කේපීට කළ දේ අර්ජුන් මහේන්ද්‍රන්ට කරනබව ගම්මන්පිල කියයි

අනාගතයේදී අර්ජුන මහේන්ද්‍රන් සොයා අල්ලාගෙන එන බවත් ඔහුට කේ.පී ට කළ දේ කරන බවත් උදය ගම්මන්පිල පවසයි. ආණ්ඩුව ඔහුව හොර රහසේම රටින් පිට කළ බවත් පැවසූ ගම්මන්පිල මහතා, මේ මොහොතේ අර්ජුන් මහේන්ද්‍රන් බේරී ඇති බව සිතා සිටින බවත් කියා සිටියේය. නමුත් ලෝකයේ කොහේ සිටියත් නුදුරු දිනයක බලයට පැමිණීමෙන් පසු තමන්ගේ ආණ්ඩුවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

කේ.පීට අත්වුණ ඉරණම මතක ඇතැයිද මෙහිදී ගම්මන්පිල මහතා කියා සිටියේය. කේපීට අත්වූ ඉරණම දන්නේ මහින්දගේ ආණ්ඩුවමය. කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබුණේ යැයි පැවසූ මුදල්, රත්‍රන්, නැව්, ප්‍රෙට්‍රල් ශෙඩ් ආදිය පිළිබඳ එවක ආණ්ඩුව හෙළි නොකළ අතර අද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කරන පරිදි මහින්ද රාජපක්ෂ පාලනය විසින් ඔහු අත්අඩංගුවට ගත්තා විනා අඩුම තරමේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේ ය.

වාසු තැටිය මාරු කරයි

ජනාධිපතිධුර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරීම සම්බන්ධව වරද පිළිගන්නා බව වාසුදේව නානායක්කාර පවසයි. ගෝඨාභය ආවොත් රට මිලිටරිවන බව ඔහු නිතර කී අතර ගෝඨාට තමා විරුද්ධ බවද කීය. එහෙත් දැන් වාසුගේ තැටිය මාරු වී ඇත.

ගෝඨාභය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තමන් ඔහු පිළිබඳ සත්‍ය තේරුම් ගත් බවත් ඒ අනුව කරුණු නිසි ලෙස නොදැන ඒ මහතා සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ කිරීම වරදක් බව තේරුම් ගත් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

ගෝඨාගේ ලේකම් එළවයි

ගෝඨාභය රාජපක්ෂගේ වියත්මග වැඩසහනේ ලේකම්වරයා ලෙස කටයුතු කළ නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයට උගත් අයෙක් පත් කිරීම ඇති අවශ්‍යතාවය ගැන කතා කරමිනි. ඔහු පසුගිය දිනවල ගම්පහ ප්‍රදේශයේ කුඩා සාකච්ඡා පවත්වමින් කියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂට ගම්පහින් උගත් අයෙක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවය. ගෝඨාගේ තෝරාගැනීම තමන් බවද ඔහු කියා තිබුණේය.

මේ අතර පසුගියදා නාලක ගොඩහේවා මීගමුව පෙරියමුල්ලේ සෙන්ටිමෙන්ටන් නිවාස සංකීර්ණයට ගොස් තිබුණේ මෙවැනිම සාකච්ඡාවක් සඳහාය. තමන් ගෝඨාභයගේ ලේකම්වරයා නිසා ගෝඨාගේ දැනුම්දීම අනුව මෙහි පැමිණි බව ඔහු කියා තිබුණේය.

"ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි අරමුදල් රැස්කිරීමේ වැඩ සටහනකුත් ක්‍රියාත්මක කරනවා" නාලක ගොඩහේවා අරමුදල් එක් රැස් කිරීමටත් කටයුතු කර තිබුණේය.

ඔහු අරමුදල් රැස් කරන විට මහින්දගේ හා ගෝඨාගේ හිතවතුන් කිහිපදෙනෙක් ඔවුන්ට කතා කර තිබුණේය.

"අපි එහෙම අරමුදල් එකතු කරන්න කියලා නෑ. එලවලා දාන්න" ඔවුන් දෙදෙනා දක්වා තිබුණේ රළු ප්‍රතිචාරයකි.

මේ ප්‍රතිචාරය හමුවේ නිවාස සංකීර්ණයේ සිටි පිරිස් ඔහුට බැණ එතැනින් එලවා දමා තිබුණේය.

කැලණි‍යේ සිදු වූ දේ

ඩලස්ගෙන් අමුතු කතා

පාලිත සජිත්ගෙන් කළ ඉල්ලීම

ඉකුත් බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය වැඩසටහන් ඇරඹුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල මැද්දේගම පුරාණ රජමහා විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල්ගල තබමිනි. අනතුරුව ‘සහිරුගම’ – 264 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී හේෂා විතානගේ සහ චමින්ද විජේසිරු මන්ත්‍රීවරුන් ඇසුවේ “ඔබතුමා මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා පුදුම වැඩ කොටසක්නේ ඉටු කරන්නේ” කියාය. සජිත් කීවේ “මේ මුදල් තියෙන්නේ ගිණුම්වල තියාගෙන, රුපියලේ අගය පහළ වැටුණම දියවෙලා යන්න නෙවෙයි. සම්බුද්ධ ශාසනය දියුණු කිරීමට හා අනෙකුත් ආගමික සිද්ධස්ථාන නඟා සිටුවීමටයි. ඊට ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් පූර්ණ ආශිර්වාදය නිරතුරුවම මට ලැබෙනවාය” කියාය.

වැලිගෙපොළ, රංවල, දෙල්වලකන්ද ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ බලංගොඩ ශ්‍රී වීරසේකර මුදලින්දාරාමයේ සිසු දහම් පාසල් ශාලා සඳහා මුල්ගල් තබා එදින වැඩසටහන අවසන් කළේ ඇඹිලිපිටිය පල්ලේබැද්ද සංඛපාල විහාරස්ථානයේ දෙවැනි අදියර යටතේ අභිනවයෙන් ඉදිකළ දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කරමිනි. ‘වාසනා උදාගම’ සහ ‘සෙත්සිසිලගම’ - 265 සහ 266 වන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම සඳහා කළුතර බුලත්සිංහලට සජිත් සමඟ එක්ව ගියේ අමාත්‍ය අජිත් පී පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලික තෙවරප්පෙරුමය. පාලිත එහිදී දුක්ගැනවිල්ලක් මතුකරමින් කීවේ “ඔබතුමා ගස් යට ඉගෙනුම ලබන දරුවන්ට දහම් පාසල් ගොඩනැඟිලි හදලා දෙනවා. මටත් දහම් පාසල් ගොඩනැඟිල්ලක් හදලා දෙන්න බැරිද?” කියාය.

“පාලිත ඔයා ජනතාව වෙනුවෙන් දුක්විඳින මනුස්සයෙක්නේ. මම ඔයාගේ ඉල්ලීම අනිවාර්යයෙන් ඉටු කරනවා.” සජිත්ගේ පිළිතුර විය.

සුළු ජාතිකයන් කියලා කොටසක් නැතැයි සජිත් කියයි

බේරුවල සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරයේ ශ්‍රී ධීරානන්ද දහම් පාසල විවෘත කිරීමෙන් අනතුරුව සජිත් අතින් මුල්ගල තැබුණේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දහම් පාසල් ශාලාව හා දෙමහල් ධර්ම මන්දිරයේ ඉදිකිරීම් සඳහාය. අම්පාර දිස්ත්‍රික්කයේ “අල්මිනා ග්‍රාමම්” සහ “ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමිගම” 267 වන සහ 268 වන උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය යෙදී තිබුණේ පසුදාටය. නිවාස 25කින් සමන්විත “අල්මිනා ග්‍රාමම්” උදා ගම්මානය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහාම වෙන් වූවකි. “බලය බෙදීම සම්බන්ධව ඔබතුමාගේ ප්‍රතිපත්තිය මොකක්ද?" යැයි ප්‍රශ්න මතු කළේ ෆයිසාල් කාසීම් රාජ්‍ය අමාත්‍යවරයාය. "මගේ ප්‍රතිපත්තිය ඒකීය

ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමයි. 'සුළු ජන කොටස්' යන නාමය මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ අය හැඳින්විය යුත්තේ 'සෙසු ජනතාව' හැටියටයි.

"ඉතා හොඳ ප්‍රතිපත්තියක්" රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස විය. දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් ලක්ෂ 8,525 වෙන් කිරීම පිළිබඳව පුදුමයට පත් ශාස්ත්‍රපති මාඔය සෝභිත හිමියන් සජිත්ගේ කණට ළංව සඳහන් කළේ "උදාර පියෙකුගේ උදාර පුතෙක් පියාගේ අඩිපාරේ යමින් ශාසනය ගොඩනැඟීමට ඉටු කරන සේවය අතිමහත්. අපි ඒවා බලාගෙන ඉන්නේ. කවුරුත් මේ වැඩේට අතගැහුවේ නැහැ. ඔබතුමා නම් අතිවිශිෂ්ටයෙක්" කියාය. සජිත් කීවේ "ප්‍රේමදාසලාට තියෙන්නේ ප්‍රායෝගික බෞද්ධකමනේ" කියාය. මඩකලපු දිස්ත්‍රික්කයේ "කුමරන් කුඩිඉරිප්පු" සහ "කාලිකා පුරම්" යන 269 වන සහ 270 වන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමෙන් සජිත් යොමු වුණේ මාතර දිස්ත්‍රික්කයටය. මාතර දිස්ත්‍රික්කයේ සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ දහම් පාසල් ශාලා 6ක් විවෘත කිරීමේ සහ මුල්ගල තැබීමේ එක් උත්සවයක්ද 271 වැනි උදාගම්මානය වන "හස්තිරාජගම" ජනතා අයිතියට පත් කිරීමද සිදුවුණේ සඳුදා දිනයේදීය. "ඔබතුමා පුදුම වැඩකොටසක් කරන්නේ" බුද්ධික කියද්දි සජිත් කීවේ, "ඔව් මල්ලි. මම සංස්කෘතික කටයුතු අමාත්‍යංශය භාරගෙන මාස 8-9ක කෙටි කාලයකදී අවුරුදු 6-7ක වැඩ කරලා තියෙනවා" කියාය. "ඊර්ෂ්‍යාකාරයන්ගේ විවේචන වැඩිවෙලා නේද?" බුද්ධික අහද්දී සජිත් කීවේ "ඕනෑ තරම් විවේචන කරපුදෙන්. ඊර්ෂ්‍යාව පැටව් ගහපුදෙන්. මේවා මගේ ගමනට ආශිර්වාදයක්. මම බුද්ධ ශාසනය නඟා සිටුවමින් අනෙක් ආගම් රැක බලාගනිමින් මගේ ගමන ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යනවා. ඊර්ෂ්‍යාකාරයෝ ඊර්ෂ්‍යා කර කර කාලය ගත කරපුදෙන්. මගේ ගමන මම යනවා." කියාය.

මාතෘකා