OPPO A5s, Dual Rear Camera , Waterdrop තිරයක් දිගුකල් පවතින බැටරියක්

 ඡායාරූපය:

OPPO A5s, Dual Rear Camera , Waterdrop තිරයක් දිගුකල් පවතින බැටරියක්

තරුණ පරපුර ඉලක්ක කරගනිමින් තම නවතම පසා-ර්බටැ දුරකථනය ලෙස OPPO A5s වෙළඳපොළට හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. මෙම දුරකථනය Waterdrop තිරය සහිත අලංකාර නිමාව, දීර්ඝ කාලයක් පවතින බැටරිය, dual rear camera පද්ධතියක් සහ finger-print ස්කෑනරයක් ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත වේ. 4230mAh බැටරියක් සහිත එහි භාවිත වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් බලශක්ති පරිභෝජනය අවම වන නිසා බැටරියේ ආරෝපණය දීර්ඝ කාලයක් පවතී.

අලංකාර නිමාව සහ Waterdrop තිරය

19:9 aspect ratio සහ 1520x720-pixel resolution සහිත අඟල් 6.2 LCD Waterdrop තිරය නිර්මාණය කර ඇත්තේ වතුර බින්දුවක් සිහිගන්වන ආකාරයෙනි. අතිනවීන තාක්ෂණය භාවිත කිරීම නිසා Earpiece, Camera සහ Light Sensor යන සියලූ කොටස් තිරයේ ඉහළ ජල බින්දුවක හැඩය ඇති කොටසක් තුළ යෙදීමට හැකිවී ඇත. මෙමගින් 89.35% screen-to-body ratio මට්ටමක් පවත්වා ගැනීමට හැකිවී ඇති අතර තිරයේ අලංකාරය සහ ප්‍රායෝගිකත්වයද වැඩිවී තිබේ. විශේෂයෙන්ම වීඩියෝ ක්‍රීඩාවල යෙදීම, වීඩියෝ නැරඹීම, අන්තර්ජාලය භාවිත කිරීම ඇතුළු සියලූ දේ මෙම තිරය නිසා සුවිශේෂී අත්දැකීමක් බවට පත්වනු නිසැකය.

ඝනකම මිලිමීටර් 0.64 ක් පමණක් වන නිසා OPPO A5s දැනට වෙළඳපොළේ පවතින දුරකථන අතර සිහින්ම දුරකථනය ලෙස සැලකේ. මේ වනවිට කළු, රතු, කොළ සහ ගෝල්ඞ් වර්ණවලින් OPPO A5s දුරකථන මිලදීගත හැකි වේ. කොළ සහ ගෝල්ඞ් වර්ණ සහිත දුරකථන සඳහා Grating රටාවක් භාවිත වී ඇති අතර එය දුරකථනයට 3D පෙනුමක් ලබාදෙයි.

 

4230mAh බැටරිය සහ 3GB RAM

4230mAh විශාල බැටරියක් සහිත OPPO A5s දුරකථනයේ භාවිත වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ ප්‍රොසෙසරය මගින් බලශක්ති පරිභෝජනය අවම වන නිසා පැය 13.5ක් දක්වා වීඩියෝ නැරඹීමේ හැකියාව ඇත. 3GHz CPU සහ 3GB RAM නිසා බාධාවකින් තොරව Apps කිහිපයක් එකවර ක්‍රියාත්මක කළ හැකි අතර මෙහි පසුපස Fingerprint Scanner මගින් තත්පර 0.08ක් තරම් කෙටි කාලයක් තුළ දුරකථනය Unlock කිරීමේ හැකියාව පවතී.

 

13MP Dual Rear Camera සහ 8MP Selfie කැමරාව

OPPO කැමරා තාක්ෂණයේ විශිෂ්ටත්වය නිසා එය මේ වනවිට තරුණ පරපුරේ ජනප්‍රියතම කැමරා ෆෝන් සන්නාමය බවට පත්වීමට සමත් වී ඇත. 8MP ඉදිරිපස කැමරාවක් සහ F2.0 aperture සහිත OPPO A5s දුරකථනය මෙම ජනප්‍රියත්වය තවත් වැඩිකිරීමට දායක වැනි නිසැකය. කෘත්‍රිම බුද්ධි සහ Big Data තාක්ෂණයන් නිසා ඡායාරූපය ලබාගන්නා පුද්ගලයාට වඩාත් ගැළපෙන ආකාරයට වැඩි අලංකාරයක් සහිත සෙල්ෆි ඡායාරූප ලබාදීමට මෙහි ඉදිරිපස කැමරාවට හැකියාව ඇත. 13MP+2MP dual rear camera පද්ධතිය, පසුබිම් දර්ශන බොඳකිරීමේ හැකියාව සහිත නිසා ඡායාරූපයේ ප්‍රධාන ඉලක්කය වඩාත් හොඳින් මතුකර දක්වයි. තවද මෙම ඡායාරූප වඩාත් අලංකාර කිරීම සඳහා beautification තාක්ෂණයද භාවිත වේ. ආලෝකයේ ගමන්මග පාලනය කිරීම සඳහා මූලික කැමරාවේ 5P කාචයක් භාවිත වන නිසා එමගින් වඩාත් තියුණු ඡායාරූප ලබාගත හැක.

OPPO A5 දුරකථන 2GB RAM + 32GB ROM සහ 3GB RAM + 64GB ROM ලෙස වර්ග දෙකකින් වෙළඳපොළට පැමිණේ. 22GB RAM + 32GB ROM මාදිලිය දැන් රතු හෝකළු වර්ණවලින් අබාන්ස්, ඩයලොග්, සිංහගිරි, Daraz, OPPO බලයලත් අලෙවිසැල් සහ OPPO ප්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැක.

මාතෘකා