මගේ රටේ ඉතිහාසය මේ නිර්මාණවලට මුල්බැහැගත්තා

 ඡායාරූපය:

මගේ රටේ ඉතිහාසය මේ නිර්මාණවලට මුල්බැහැගත්තා

“වෙරළට සමුදෙන්න අකමැතිනම් මුහුද මැද දැකීමේ සිහිනය අතහරින්න.” යැයි වරෙක ක්‍රිස්ටෝපර් කොළොම්බස් කිවේය. ඒ කීවාක් සේම කොළොම්තොටින් හිතුවක්කාරයකුව නික්මුණු සිංහල ක සමක් ඇති කොල්ලෙකි. බ්‍රිතාන්‍යයේ Universit East Londonහි 2009 අවුරුද්දේ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා වෙන්වූ අංශයෙහි ක සමක් තිබූ එකම ආසියාතිකයාත් ඔහුය. වත්මන ගෘහ නිර්මාණකරණයේ නව මානයන් දකින සලකුණ ලෙස හැඳින්විය හැකි The Cube Projects සමාගමේ නිර්මාර්තෘවරයාද ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයාද ඔහුය. නමින් තරිදු පීරිස් වූ ඔහුගේ වයස යාන්තම් තිස් දෙකකි.

බරපතළක් නැතිව ඉගෙනීම

මට එතකොට වයස 18යි. මම City School of Architecture යනවා ඉගෙන ගන්න. හැබැයි මේ මොකක්ද මම කරන්නේ කියලා හරි අවබෝධයකින් නෙමෙයි. ඉතිං දවසක් ඒකේ ඉන්න ආචාර්යවරයෙක් මට පැත්තකට කතා කරලා කියනවා "පුතා ඔයා කැමති නැද්ද ඔයාට ලැබුණ අවස්ථාව තව කෙනෙකුට දෙන්න. අපරාදෙනේ නිකං මවුපියන්ගේ සල්ලි." කියලා. කොහොම හරි මං ඒ කාලේ සෑහෙන හිතුවක්කාරයෙක්. එක්තරා සිදුවීමක් සමඟ මට ලංකාවෙන් යන තැනට තීරණය ගන්න සිද්ධ වෙනවා.

University East London වල ක කොල්ලා

ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමට තමයි මං එංගලන්තෙට යන්නේ. 2009 බැච් එකේ ඩිපාර්ට්මන්ට් එකට හිටපු එකම සිංහල ක කොල්ලා මං. ඒක තමයි මට ලොකුම අභියෝගය වුණේ.

අපට පළවෙනි වසර උගන්නන්න හිටපු ජර්මන් ලෙක්චර්ස්ලා දෙන්නා දැඩි Asian ෆෝබියාවකින් පෙළුණා. ඒකේ අතුරු ප්‍රතිඵල විඳින්න වුණේ මට. ඒත් එක්කම ඉංග්‍රීසි භාෂාව එක්ක තදබල විදියට හැප්පුණා

East ලන්ඩනය ක කොල්ලාගේ වසඟයට

දෙවැනි අවුරුද්ද වෙනකොට ආසියාතිකය මං කෙරෙහි තිබුණු ෆෝබියාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන තැනට මං සාර්ථක වුණා. ඩිපාර්ට්මන්ට් එකේ වගේම ආචාර්යවරුන්ගේත් සිත් දිනාගත්‍තු චරිතයක් වුණා. දේවල් වේගයන් ඉගෙනගන්නත් අලුත් විදියට හිතන්නත් මං පුරුදු වුණා.

ලකුණු තුනකින් මිස් වුණු ෆර්ස්ට් ක්ලාස් එක

තුන්වැනි වසරේ අවසාන විභාගයට අපිට පැවරුණා ආකෘර්තියක් ඉදිරිපත් කරන්න. ඒක හදලා ආචාර්ය මණ්ලයකට ඉදිරිපත් කළ යුතුයි. මේක කරන්න තිබ්බ දවසට කලින්දා රෑ මගේ අත කැපෙනවා. මට ආකෘතිය ඉදිරිපත් කර ගන්න බැරිව යනවා. බැන්ඩේජ් දාගෙන විභාගය කරනවා. මට ෆස්ට් ක්ලාස් එක ලකුණු තුනකින් මිස් වෙනවා. ඊට ටික කාලයකට පස්සේ මට ආරංචි වෙනවා මගේ ඒ ආකෘතිය ඒ රටේ ව්‍යාපෘතියකට තෝරගෙන විශ්වවිද්‍යාලයෙන් ලබා දුන් බව.

The cube Project අමුතු, අලුත් කලාවක්

2012 අවුරුද්දෙ මම The Cube Project නමින් මගේ සමාගමක් ආරම්භ කරනවා. ඒ තමයි මගේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය.

දැනුම ගවේෂණය ඇරඹෙයි

මහාචාර්ය ලලිත් ද සිල්වා ඇසුර මට නව ජවයක් සමඟ ආත්ම විශ්වාසයක් ඇති කරවන්නට හේතු වෙනවා. මම ලංකාවෙන් ප්‍රමාණාත්මක සමීක්ෂණ පශ්චාත් උපාධිය කරනවා. මේ අතර කාලයේදීම මට මගේ පළවෙනි ව්‍යාපෘතිය ලැබෙනවා. ඒ, නුවර පීසා හට් එකක් නිර්මාණය කිරීම. ඒ නිර්මාණය දැකලා මට තවත් ව්‍යාපෘති සඳහා අවස්ථා කීපයක් උදා වෙනවා. 2015 මම ආපහු ලන්ඩන් යනවා.

පුදනකොටම කාපි යකා

ලන්ඩන් පශ්චාත් උපාධියට අපිව මොන අංශවලින්ද ප්‍රගුණ කරවන්නේ කියලා තොරා ගැනීම කරන්න විශේෂ ක්‍රමයක් තිබුණා. අපි විසින් ආචාර්ය මණ්ලයක් ඉදිරියේ ඉදිරිපත් කිරීමක් කරනු ලැබිය යුතුයි. ශිෂ්‍යයන් හිටියා එකසිය ගාණක්. දැන් අන්තිමට බලනකොට අනෙක් සියලු දෙනාම විවිධ අංශවලට තෝරාගෙන තිබුණා. මම මොකකටවත් තෝරාගෙන නෑ. අන්තිමේ මට යන්න වුණේ ඉතාලි ජාතික මහාචාර්ය දෙපළක් ළඟට.ඒ මහාචාර්ය මරියා සෙගන්තිනි සහ මහාචාර්ය කාලෝ චප්පායි. මේ දෙන්නා ඉතාලියේ වෙනීස්වල ඉතා ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී යුවළක්.

පින කුණුමුල්ලේ

අන්තිමට මොකකටවත් තේරුණේ නැති මම හොඳම දෙන්නා ළඟට තේරුණා. ඔවුන්ගෙන් ලැබුණු ඇසුර, දැනුම තමයි මගේ ඊළඟ පර්ච්ජේදය. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා ඒ අයත් ආසියාතික අය. මා කෙරෙහි ප්‍රසන්න ප්‍රතිචාරයක් මුලදී තිබුණෙ නෑ. වැඩි දවසක් නොයවාම ඒ අදහස ඒ අය ඉවත් කර ගන්නා තැනට මම අවංකව වැඩ කළා.

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

මම හැම වෙලේම සටන් කළේ මගේ මතය එක්කමයි. අනිත් අයත් එක්ක සටනක් මට තිබුණෙ නෑ. අනිත් අයගේ මතය එක්ක සටනක් මට තිබුණෙත් නෑ. මට විශේෂයෙන් හදාරන්න ලැබුණ විෂය තමයි Heritage. ඉතිහාස අධ්‍යයනය. ඒ කාරණය ඇතුළේ මගේ මුල් දුවපු මගේ රටේ උණුසුම හැම වෙලේම මගේ නිර්මාණවල මුල්බැහැ ගත්තා.

ලේයර් සංකල්පය

මේක මම කරපු අධ්‍යයනයන් හරහා හොයා ගත්තු නව අදහසක්. නමුත් ඒක අපි ළඟ මුල ඉඳලම තිබුණු දෙයක්. මේ පරිසරයේ අප ඇතුළු හැම දෙයක්ම විවිධ තලවලට කඩලා බැලුවොත් ඒ සියල්ලම එක්තරා කාලසීමාවක් හරහා ගොඩනැඟුණු කොටස් බව අවබෝධ කරගන්න පුළුවන්. ගෘහ නිර්මාණ ශිල්පයේදීත් ඒ අදාළ පරිසරයට අදාළව ගොඩනැඟුණු විවිධ තල හඳුනා ගන්නට අවශ්‍යයි එහෙම වෙන්කර ගත්ත තලය තුළ අපේ නිර්මාණය අපි සිදු කරනවා.

උදාහරණයකට මඩ වළක් ළඟ තියෙන ඉඩමක කෙලවරක තියෙන උණපදුර ළඟ උදෑසන කාලය දිස්වෙන ආලෝකයේ ස්වරූපයත් සවස් කාලයට කුරුල්ලන්ගේ පැමිණීමත් තල දෙකක්. ඒ තලයන් හඳුනා ගැනීම තුළ නිර්මාණය එයට අනන්‍යතාවකට පෙළගස්වා ගන්නවා.

ඒක තමයි මගේ කලාව. මම මගේ නිර්මාණකරණයට High Technology සහ නව සංකල්ප භාවිතාව සිදු කරනවා. ඒ සියල්ල එහෙම වුණත් අපේ සංස්කෘතිය සහ ආචාරධර්මතාවන් බිඳ ගනිමින් ඒ කිසිවක් කරන්නෑ. ඒක මම මටම පනවා ගත්තු නීතියක්.

පොළොවේ පයගහන්න

මං ජීවත් වෙන අවකාශය තුළ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන සරල මනුස්සයෙක්. සංගීතය වගේම ක්‍රීඩාව මගේ විනෝදාංශ. පාසල් කාලේ මම ජාතික මට්ටමට සෙල්ලම් කරපු කොල්ලෙක්. තාරුණ්‍යය අහිංසක හිතුවක්කාරකමක් කළාට කමක් නෑ. නමුත් තමා හොඳම කෙනා කියලා හිතලා තීන්දු තීරණ ගන්න එපා. අත්දැකීම්වලින් පරිණත යහපත් අය සමඟ ඇසුර ඔබට අවශ්‍යයි. මේ මහ පොළොවේ පය ගසා ජීවත් වීම අත්‍යවශ්‍යයි.

Cube Projects සමාගමේ නිර්මාර්තෘ හා ප්‍රධාන විධායක අධ්‍යක්ෂ තරිදු පීරිස්

සටහන [අනුපමා ගල්කඩවල]

ජායාරූප [ගනිදු බාලසූරිය]

මාතෘකා