සිරිලක ආවේණික කුරුලු ලොව සරසන ශ්‍රී ලංකා දෑදෙමලිච්චා

 ඡායාරූපය:

සිරිලක ආවේණික කුරුලු ලොව සරසන ශ්‍රී ලංකා දෑදෙමලිච්චා

සිමිටාර් බැබ්ලර් යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකා දෑදෙමලිච්චා දෙමලිච්චන්ගේ කුලයට අයත් ලංකාවට ආවේණික කුරුලු යාළුවෙක්. ලංකාවේ ආවේණික කුරුල්ලන් අතර ජාත්‍යන්තර රතු දත්ත පොතේ සඳහන් පරිදි තවමත් වඳවීමේ තර්ජනයට ලක් නොවුණු කෙනෙක්. දෑ දෙමලිච්චාට මෙම ‘දෑ’ නැත්නම් ‘දෑකැති’ දෙමලිච්චා කියා නම්කර ඇත්තේ මේ කුරුලු යාළුවාගේ හොටය කහපාටින් දෑකැත්තක හැඩයෙන් පිහිටා ඇති නිසයි.

ශ්‍රි ලංකා දෑදෙමලිච්චා යාපනය හැරුණු විට අඩි 2400කට වඩා උස වනාන්තරවල රංචු වශයෙන් පඳුරු සහ ගස් අතුපතර ජීවත් වෙන්න ප්‍රියකරනවා. හිස, පිහාටු සහ වල්ගය දුඹුරු පැහැයෙන් යුතු වන අතර ළය ප්‍රදේශය ගෙල දක්වා සුදුපැහැයෙන් යුතුයි. ඇස්වලට ඉහළින් හොටයේ සිට විහිදෙන සුදු පැහැති පටියක් මෙන් පිහාටු තීරුවක් දක්නට ලැබෙනවා. දෑදෙමලිච්චා මිලි මීටර් 210 සිට 215 දක්වා වර්ධනය වෙන අතර අත්තටු මිලි මීටර් 86 සිට 94 දක්වා දිගින් යුතු වෙනවා. ඒ වගේම වැඩුණු දෑදෙමලිච්චකුගේ වල්ගය මිලි මීටර් 95ක් පමණ දිගයි.

කෘමීන්, මකුළුවන්, සලබයන් සහ කුඩා ගෙඩි වර්ග මෙන්ම මල්පැණි ආහාරයට ගන්නත් වනාන්තරවල යටිරෝපණයේ ගැවසෙන්නටත් දෑ දෙමලිච්චා හරිම කැමතියි. දෑදෙමලිච්චාගේ කිරිල්ලිය දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා අතර කාලයේදී පඳුරු මත කූඩුවක් තනා බිත්තර 2ත් 5ත් අතර ප්‍රමාණයක් දමනවා. වනාන්තර එළි කිරීම, පළිබෝධනාශක භාවිතය වැනි පරිසර දූෂණ කටයුතු නිසා මේ දෑදෙමලිච්චන් ලංකාවෙන් වඳවීමට ඉඩනොදී රැක ගැනීම අප කාගේත් යුතුකමයි.

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය................................

ගංගා

උල්පතින් පැන තරඟ නංවා

කෙමෙන් පහළට ගලා යන්නේ

මහා වනපෙත් උයන්වල මේ

සිහිල් දියකඳ සිරි දකින්නේ

උල්පතේ හිඳ මූදු යන්නට

අදිටනින් ජල කඳ ගලන්නේ

ගලින් ගලටයි හැපි හැපී මේ

මහා ජල කඳ ගලා යන්නේ

විසල් ගල් කුලු

හමුවුවත් මඟ

තිර අදිටනින්

පෙළ ගැසී ගෙන

කුමක් කීවත්

මූදු යන්නේ

රියන් ගණනින්

වියන් බඳිමින්

මහා වන පෙත්

පැන නඟින්නේ

වන පෙතේ

අසිරිය නිසාමයි

මෙවන් සිරියා

අප දකින්නේ

[බී. එල්. පුර්ණ සම්පත්]

12 කලා

කුලි/කනදුල්ල ධර්මරාජ ආදර්ශ විදුහල................................

වසු පැටියා

අවටින් හඬ දෙන වසු පැටියන්නේ

කිරි බී සුරතල් දඟ පෙන්වන්නේ

එහෙට මෙහෙට දුව පැන නටමින්නේ

රඟ මඬලක අසිරිය පෙන්වන්නේ

[ළහිරු රෂේන් මාරසිංහ]

2 ශ්‍රේණිය

නික/අඹකඩවර ධර්මරාජ මහ විදුහල................................

දින පොතක පිටු - 02

විභාගෙට පාඩම් කරලම මගේ හිතටයි ගතටයි මහන්සි පාටයි. මීටර් සීයෙ ධාවන තරගෙකට සහභාගි වුණා වගෙයි. ඒත් විභාගෙ ඉවරවුණාම හිතට පාළුවකුත් දැනෙනවා. ඒකෙන් මිදෙන්න අපි අද චාරිකාවක් යනවා. ඒ මඩකලපුවට. මේ ගමනෙදි අපට හිතේ හැටියට විනෝද වෙන්න පුළුවන්. ඒත් මගේ හිතේ කොනක දුකයි දෙගිඩියාවයි කොනිති ගහනවා. මේ ගමනට අම්මයි නංගියි එන්නෙ නෑ.

"මේ ගිනි කාස්ටකේ මඩකලපු ගිහින් මොනවද කරන්නේ?"

අම්මගේ හඬ හදවතේ නින්නාද දෙනවා. දැන් ගමනට අඩුම කුඩුම ලෑස්තියි. මම මගේ කාමරේ ඇඳ උඩ.

අම්මා මට ගොඩක් වටින කෙනෙක්. සමහර වෙලාවට මම එක එක දේවල් කියලා ප්‍රශ්න ඇති කරගත්තට අම්මට මගේ තියෙන ආදරේ අඩුවෙන්නෑ. අම්මාගේ ආදරේ තැවරුණු හඬ දැනුත් කුස්සිය පැත්තෙන් මට ඇහෙනවා. මේ ගමන යනවද නැද්ද? මගේ හිත දෙගිඩියාවෙන්.

[අබ්දුල් උමාර් සහන් නෙත්මිණ]

10 ජී, කොළඹ සහිරා විදුහල................................

වෙනස

සිරිත් විරිත් පුරනා එක් ගමක් විය

සහයෝගයෙන් දිවි ගෙවනා පිරිස් විය

වී ගොවිතැනින් පිරිපුන් මහ කුඹුරු විය

දැන් ඒ සියල්ලම රෑ දුටු සිහින විය

කිසිදු ගසක් නැත පොළොවේ ඵලින් බර

එකදු විලක් නැත මහ ජල කඳින් බර

ගතට කිසිදු සිසිලක් දෙන මඟක් නැත

ගම්මානය වියළුණු මුඩු බිමක් විය

කටු මැටි ගෑ බිත්ති පොළොවේ නිදන් විය

ඵලබරවූ ගස් හෙමිහිට මිළින විය

සියොතුන්ගේ ගී රාවය වසන් විය

ගම අපගෙන් සමුගත් බව සිහි වීය

[සෞභාග්‍යා කෞමදී]

11 ශ්‍රේණිය

නික/කඩිගාව මහ විදුහල................................

කවුද මේ?

සිරුර විසාලය එමෙන්ම හොටද විශාලව ඇත්තේ

ඇදෙනාසුලු පැසක්ද ඒ නිකටට පහළින් ඇත්තේ

කිළිටි සුදැති පිල් කළඹකි යටිකය සුදුවට ඇත්තේ

බේරෙ වැවේ උන් පාවී යන රඟ දැකගත හැක්කේ

නම

අළු පැස්තුඩුවා

විද්‍යාත්මක නම

pelecanus philippensis

ඉංග්‍රීසි නම

spot_billed pelican

දෙමළ නම

පුල්ලි අලගු කූලෛක්කඩා

• දලවැල්ල මාමා

මාතෘකා