කලාව යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමක්ද?

 ඡායාරූපය:

කලාව යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමක්ද?

කලාව යනු කුමක්ද?

කලාව හැඟීම්, සිතිවිලි සහ ආශාවන්ගේ ප්‍රකාශනයක් ලෙස කෙටියෙන් හඳුන්වා දිය හැකි යි. නමුත් එය වඩාත්ම පෞද්ගලිකය. ඒ අනුව එය බොහෝ දෙනා ලෝකය බෙදා ගත් හා අත්පත් කරගත් ආකාරය යැයි කිව හැකිය. එනම් තම පෞද්ගලිකත්වයේ දිගුවකි. වචනාර්ථය අභිභවා ගිය සංකල්ප පිළිබඳ සන්නිවේදනයකි. අප විසින් තෝරාගන්නා ලද අන්තර්ගතය පමණක් නොව ප්‍රකාශ කරන මාධ්‍ය භාවිතය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවද කලාව ඇසුරින් අරුත් ගැන්විය හැකිය. කලාකෘති නිර්මාණය කිරීම පහසු නැත. එනම් අලංකාරය, රසිකත්වය, සන්දර්භය ආදිය කෙරෙහි පවතින බලපෑම් නිසාවෙනි. කලාකරුවා සවිඥානිකව කලා කෘතියකින් සංකල්පය රැගෙන ඒම, වඩාත් ගැඹුරු චිත්තවේග, අපේක්ෂිත අර්ථය හැසිරවීමේ ක්‍රමවේදවල පිහිටුවිය යුතු බැවිනි. කලා කෘතියක සුන්දරත්වය ආත්මීය වන බව “සෞන්දර්ය ආකල්ප ආත්මීය වූවකි” ලෙස එමානුවෙල් කාන්ට් විසින් විග්‍රහ කර දක්වයි.

තව දුරටත් සංවේදී බවක් අපට පෙනෙන්නේ නැතත් කලාව පිළිබඳ අපගේ ගෞරවය හිමි විය යුත්තේ කාලෝචිත මතයක් මතය. අප මෙය විශ්වාස නොකරන්නේ නම් අපට කලාව කළ හැකි වන්නේ කෙසේද? කලාව හුදෙක් යථාර්ථ ප්‍රතිනිර්මාණය කිරීමක්ද යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේදී කලාව හා යථාර්ථය අතර ඇති සම්බන්ධය ගැන සාකච්ඡා කළ යුතුමය. එය ඉතිහාසය පුරාම පුළුල් ලෙස සාකච්ඡා වූ විෂයයන්ගෙන් එකකි. කලාව යථාර්ථයේ ඍජු පිටපතක් නොව චිත්‍ර ශිල්පියාගේ හා පරිකල්පනයේ දෙබිඩි සම්බන්ධතාවක් තිබීම ගැන අදහස් දැක්වීම මෙහිදී ප්‍රධාන කරුණකි.

ඕනෑම ආකාරයක දැනුමකින් අර්ථවත් අත්දැකීමක් ලබා ගන්නේ කෙසේද යන්න මෙහිදී ලිඩියා ගෝර්ගේ උපුටා දැක්වීමකින් කලාවේ මාහැඟි බව ප්‍රකාශ කළ හැකිය.

 

“A work of art takes place in and as a performance the art work out of the context of empirical or real world to render it purls aesthetic an abstractive and active deed that eques them to achieve a start of self or world forgetfulness as they enter into a new world of the work of art.” - Lidia Goar, 1967

“විශිෂ්ටතම නිමැවුම් ඉපදෙන්නේ දක්ෂතම අසන්නන් හා සූක්ෂතම බලන්නන් එක් වූ තැනය. එකී නිර්මාණ පක්ෂය සෞන්දර්යාත්මක හැඩගැන්වීමක බහාලීමට නම් නිර්මාපකයන් නව ලොවක් කරා පිවිසිය යුතුය. තමා හාත්පස ලොවෙන් ඈත් වී නව ලොවක් කරා ඔවුහු පිවිසිය යුත්්තෝය. එහෙත් එය සම්පූර්ණයෙන්ම එසේ නොවිය යුතුය. එනම් මුළුමනින්ම ස්වයං ලෝකයෙන් ඔවුන් විනිර්මුක්ත වීම අවාසියකි. නව ලොවට පිවිසෙන විට ස්වයං ලෝකය අමතක නොකර එහි ද ඡායා මාත්‍රයක් ළඟ තබා ගත මනාය”

මෙම උපුටා දැක්වීම් චිත්‍රයේ ස්වභාවය පිළිබඳ ඉතාමත් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් පෙන්වා දෙයි. එහිදී අනුභූතික යථාර්ථය ශේෂ වී පවතී. (Aesthetic Discipline) සෞන්දර්යාත්මක විනය පිළිබඳ අදහස් දක්වන ජර්මන් ජාතික බවුම්ගාට්න් නම් දාර්ශනිකයාගේ අදහස් මේ හා සමාන්තරව ගමන් කරයි. බවුම්ගාට්න් විසින් පෙන්වා දුන්නේ යම් ව්‍යුහයක් සැකසීමට ඇති ක්‍රමය තර්කනය නොව තවත් සංවේදනයක් එනම් දැනුම අවට ගොඩනැඟිය යුතුය යන්නයි. පුළුල් දැනුම වෙනුවට පුළුල් අවබෝධයක් තාර්කික දැනුම එතැන් පටන් ඒකරාශී වීමයි. එහිදී ඉතා සංවිධානාත්මකව හා තාර්කිකව දැනුම හඳුනා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

කෙසේ වෙතත් හැඟීම ප්‍රකාශනය විස්තර කිරීම සදහා නව භාෂාවක් අවශ්‍ය බව ප්‍රකාශ වේ.

කලාව විශ්වයේ ස්වභාවය, මිනිසාගේ ස්වභාව, අනුව යථාර්ථයේ තෝරා ගැනීම යථාර්ථයක් ලෙස ගෙනහැර දක්වන අවස්ථා එමටය. කලාවේ අරමුණ එවන් වියුක්ත කිරීම්වලට භෞතික ආකාරයක් ලබා දීමෙන්, ඒවා නිරීක්ෂණය කළ හැකි වන අතර එමඟින් කිසියම් අදහසක් හෝ ලෝක දෘෂ්ටිය නිරූපණය කිරීමට අවස්ථාවක් ලබා දීමය. මෙම අදහස භෞතික යථාර්ථයක් ලෙස සිතීම සහ එය ප්‍රායෝගිකව තේරුම් ගත හැකි දේ අවබෝධ කර ගැනීම සඳහා මිනිසුන්ට ඉඩ සලසා දිය යුතුයි. මේ ආකාරයෙන් කලාව, ආත්මික මඟපෙන්වීම සහ ජීවත්වීම සඳහා දැනුම සැපයීම යන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම උදෙසා බව කිව හැකි විය යුතුව ඇත.

ලෝකයේ සෑම දෙයක්ම මෙන් කලාව විශේෂිතය; එබැවින් එය දැනුවත්ව නිර්වචනය කළ හැකිය. මිනිසා සෑදූ සෑම දෙයක්ම මෙන් එය පෘථිවියේ මිනිස් ජීවිතයේ අවශ්‍යතාවන් අනුව හොඳ හෝ නරක ලෙස විනිශ්චය කරනු ලැබේ.

යථාර්ථය යනු තෝරා ගැනීමකි. එය සිතිවිලි, මානසික සම්බන්ධතා සහ සංකීර්ණ සංකල්ප සහ සාරධර්ම යථාර්ථයට පරිවර්තනය කිරීම අවශ්‍ය වේ. කලා විෂය තුළ, අනෙකුත් කෘතීන්ට වඩා අවශ්‍යයෙන් විනිශ්චය කිරීම සඳහා වෛෂයික නිර්ණායකයක් ප්‍රතික්ෂේප කරයි. සෑම වටිනාකමක් සහිත නිර්මාණයක් කෙරෙහිම පාහේ ආධ්‍යාත්මික අගයකින් යුක්ත නම් එය ඉහළින් තැබිය හැකි ය.

මිනිසා තම ජීවිතයේ පාලනයට යටත් වන අතර ඔහුගේ සාරධර්මවලට අනුව තම ලෝකය වෙනස් කිරීමට හැකි වන පරිදි, තමා විසින්ම සෑදූ ආත්මය ලෙස ආත්ම පරිණාමය වූ ආත්මයක් ලෙසට නිරූපණය කරයි. වස්තූන් ආකාරයෙන් කියැවෙන්නේ එවැනි දේ ප්‍රතිනිර්මාණකරණ වීමේදී අදාළ වටිනාකමක් දී නැති බව පෙනෙයි. ආත්මික ඒ අනුව කලාව තව දුරටත් යථාර්ථවාදී නිරූපණයකින් ඔබ්බට ඇති බව ප්‍රකාශ කළ හැකිය.

මාතෘකා