සිරිලකින් සමුගන්නා මෙරට දුර්ලභම කටුසු මිතුරා : කඳුකර කුරු බෝදිලිමා

 ඡායාරූපය:

සිරිලකින් සමුගන්නා මෙරට දුර්ලභම කටුසු මිතුරා : කඳුකර කුරු බෝදිලිමා

කටුසු කුලයේ විශිෂ්ටතම හා අති දුර්ලභම කටුසු යාළුවා කඳුකර කුරු බෝදිලිමායි. ප්‍රමාණයෙන් සෙ.මි.15ක් තරම් වන කඳුකර කුරු බෝදිලිමාට දිගු හොම්බක් සහ ඇතුළතින් පිහිටි කන්බෙරයක් හිමියි. එනම් කඳුකර කුරු බෝදිලිමාට ඇතුළු හෝ බාහිර කන් නොමැති බැවින්. එමෙන්ම තුරු මත ගමන් කිරීමේදී උපකාරී වන ග්‍රාහක වලිගයක්ද ඇත. එය ගොදුරු අල්ලා ගැනිමේදී දරා සිටීමට උපකාරී කර ගනී. කඳුකර කුරු බෝදිලිමාගේ පසුපසට උල් වූ තරමක් විශාල අවිධිමත්ව වැඩුණු පෘෂ්ටීය කොරළ සිරුර පුරා දක්නට ලැබේ. කඳුකර කුරු බෝදිලිමාගේ ගැහැනු සතා ප්‍රමාණයෙන් කුඩා වන අතර තියුණු, උල් වූ කොරළ ඇයගේ සිරුර පුරාද දක්නට ලැබේ. කඳුකර කුරු බෝදිලිමාගේ ගැහැනු සතා තම බිත්තර කුස තුළ දරාගෙන දින 03ක කාලයක් රැකීමෙන් පසු තම කුසින් තම පැටවකු බිහිකිරීමත්, කුස තුළ බිත්තර පිපිරීමත් විශේෂත්වයකි. මෙම කටුසු යාළුවන් තමන්ගේ බිත්තර පොළොවේ පස තුළ දමා යෑමත් ඒවා පස් තුළදී පිපිරී පැටවුන් බිහිවීමත් සිදු කරයි. අඳුරු කහ කොළ සහ දුඹුරු පැහැ හරස් ඉරි බෙල්ලේ සිට වල්ගයේ අග දක්වා දැකිය හැක.

වාසස්ථාන :- කඳුකර කුරු බෝදිලිමා මීටර් 1500 සිට මීටර් 2200 දක්වා උසින් පිහිටි කඳුකර උස්බිම්වල වාසය කරයි.

හැසිරීම :- කඳුකරයේ වනාන්තරවල, තේ වගා බිම්වල සහ කඳුකර ගෙවතු ආශ්‍රිත ෆයින් ගස්වල වාසය කරන්නට මේ කඳුකර බෝදිලිමා කැමැත්තක් දක්වයි. මීටර් 9කට වඩා ඉහළකින් තුරු මත ලැග සිටින කඳුකර කුරු බෝදිලමා දහවල් කාලයේ ඉතා සෙමින් තුරු උඩුවියනට ගමන් කරන්නට කැමැත්තක් දක්වයි. දළඹුවන්, කෘමීන්, කුහුඹුවන් සහ කඳපණුවන් ආහාරයට ගන්න මේ යාළුවා හරිම කැමතියි. තමන්ගේ කුලයේ කටුසු යාළුවන්වද ආහාරයට ගත් අවස්ථා වාර්තා වී තිබෙන බව මේ යාළුවා ගැන පර්යේෂණ කරපු ආචාර්ය ඇන්ස්ලම්ද සිල්වා ගුරුතුමන් සඳහන් කරයි.

කඳුකරයේ කැළෑ එළි කිරීමත් පලිබෝධනාශකත් නිසා කඳුකර කුරු බෝදිලිමා අපේ රටෙන් වඳවෙන්න පටන් අරන්. කසළ නිසා බෝවෙන කපුටන්ද මේ යාළුවාගේ පැවැත්මට තර්ජනයක් වෙලා. මේ වටිනා දුර්ලභ වනජීවී යාළුවන් රැක ගන්නට පරිසරය සුරැකීම අපි කාගේත් වගකීමක්.

(ස්තූතිය - ගවේෂණයට මඟ පෙන්වන පාරිසරික ජීවවේදී සමීර චානක අයියාට)

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

මාතෘකා