කෝමාරිකා වගාවක් කරමුද?

 ඡායාරූපය:

කෝමාරිකා වගාවක් කරමුද?

 

[රොනිති සර්ධාතිලක]

බොහෝ කාන්තාවෝ ගෙවතු වගාව කෙරෙහි විශාල උනන්දුවක්, ඇල්මක් දක්වති. මේ දිනවල ඉතාම ජනප්‍රිය වගාවක් වන කෝමාරිකා වගාව ගැන ඔබට විස්තර ගෙන ඒමට අදහස් කළේ ස්වයං රැකියාවක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස ගෙවතු වගාවට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්මයි.

වගා භූමිය හොඳින් ජලය බැසයන හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් විය යුතුය.

රසායනික පොහොර කිසිවක් යෙදිය නොහැකි අතර කොම්පෝස්ට් පොහොර පමණයි.

පර්චස් එකක් වැනි භූමි ප්‍රමාණයක පැළ 70ක් පමණ වගා කළ හැකි අතර පැළ දෙකක් අතර පවත්වාගත යුතු පරතරය අඩි දෙකකි. මාස 9ක කාලයක වගාවෙන් පසු පත්‍ර සහ කුඩා පැළ විකිණීමටද පුළුවන.

වැඩුණු පැළයක පත්‍රයක් දළ වශයෙන් කිලෝ එකක් පමණ බරින් යුක්ත වේ.

සාමාන්‍යයෙන් මාස 30ක කාලයකින් පමණ (අවුරුදු 1 1/2 ක්) එක පැළයකින් අස්වනු ලබාගත හැකිය.

වල් මර්දනය අතින් කළ යුතු අතර තෙත් කලාපයේ නම් දියමලන් කෑමේ රෝගයට මේවා ලක්වීමට ඉඩ ඇත. වැඩි විස්තර සඳහා තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න. පැළ විකිණීමෙන් පසු ගැණුම්කරුවන් ගැන හොඳින් විමසා බලා වගකීමෙන් කටයුතු කරන්නේ නම් මෙය ආර්ථිකව වාසි ලැබිය හැකි කදිම ස්වයං රැකියාවකි.

 

මාතෘකා