‘රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය’ 18 දා එයි

 ඡායාරූපය:

‘රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය’ 18 දා එයි

ප්‍රශාන්ත් ආශීර් ධර්මදාස විසින් රචිත ‘රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය’ නවකතාවේ දොරටවැඩුම සහ කතිකාව ජූලි 18 වන දින සවස 3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී කෘතිය පිළිබඳ මූලික අදහස් දැක්වීම් සාහිත්‍යවේදී කේ. කේ. සමන් කුමාර, ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල්කාන්ත, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහ සමාජ ක්‍රියාකාරික තරිඳු ගුණතිලක විසින් සිදු කෙරේ. ඉන් පසු කෘතිය පිළිබඳ කතිකාමය අවකාශයකට ඉඩකඩ විවර වනු ඇත.


ලංකා ලේඛක සංවිධානයේ රජත සැමරුම් සාහිත්‍ය උළෙල අගෝස්තු 2 දා

ලංකා ලේඛක සංවිධානයේ 25වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ නොනිමි මෙහෙවරක රජත සැමරුම සාහිත්‍ය උළෙල හා නිර්මාණ තරගයේ ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදානය අගෝස්තු 02වනදා සිකුරාදා සවස 2.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. එහි සියලු ජයග්‍රාහකයන්ට යථා කාලයේදී ලිපි මගින් දැනුම් දෙන බවත් තරගයට ඉදිරිපත් වු සැමටම සමරු උළෙලට ඇරියුම් කෙරෙනු ඇති බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ලංකා ලේඛක සංවිධානයේ 25 වසරක ඉතිහාසය විදහා දැක්වෙන විශේෂාංගද මෙම රජත සැමරුම් උළෙලට ඇතුළත්ව ඇත.


අජිත් තිලකසේනගේ ‘පාර දිගේ’ නව මුද්‍රණය එළිදකී

ප්‍රවීණ සාහිත්‍යධර අජිත් තිලකසේනගේ විචාරක අවධානයට නතු වූ ‘පාර දිගේ’ තිර රචනයේ නව මුද්‍රණය දැන් නිකුත් වී ඇත. සරසවි ප්‍රකාශනයක් වන මෙහි මිල රු. 350කි. 1985 වසරේ පළමු වරට මුද්‍රණය වූ එහි මේ, 5 වන මුද්‍රණයයි. කෘතියේ සංඥාපනයේලා කතුවරයා පවසන්නේ චිත්‍රපට මාධ්‍යයෙන් පමණක් නිම විය යුතු කෘතියක කටුසටහන වශයෙන් මෙය බිහි වූයේ මෙහි අන්තර්ගත අත්දැකීම තමාට හුරුපුරුදු සාහිත්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට තමා අපොහොසත් වීම නිසා බවය. කෘතියට සිනමාපටයේ දර්ශනවල ඡායාරූපද ඇතුළත් වන අතර

‘පාර දිගේ’ සිනමාපටය විමසන අයටත් තිරනාටක කලාව විමසන අයටත් මෙය වැදගත් කෘතියක් වනු ඇත.


ගයාන් ඉන්දුල කොඩිතුවක්කුගේ ‘මට සිළිටි සිහිනයිනි’

මාතෘකා