ATOM Technologies වෙතින් ක්‍රිකට් සිමියුලේටරයක්

 ඡායාරූපය:

ATOM Technologies වෙතින් ක්‍රිකට් සිමියුලේටරයක්

ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් උමතුවේ නවතම අත්දැකීමක් සමීප කරවීම සඳහා ATOM Technologies සමාගම ප්‍රථම වරට 'ATOM Fantasy Cricket Simulator' නමින් ක්‍රිකට් සිමියුලේටරයක් හඳුන්වාදී තිබේ.

ATOM Technologies යනු මෙරට විශාලතම ඩිජිටල් සංඥා පුවරු සමාගමයි. සිමියුලේටරය හඳුන්වා දීමේ උත්සවය පසුගිය ජුලි 04 වැනි දින කලම්බු සිටි සෙන්ටර්හිදී පැවැත්විණි. මෙම අවස්ථාවට ක්‍රිකට් රසිකයෙකු වන මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොමේෂ් කලුවිතාරණ එක් වූහ.

Fantasy Cricket Simulator තුළදී ඩිජිටල් තිරයක් ඔස්සේ ජාත්‍යන්තර තලයේ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් හා දඟපන්දු යවන්නන්ට මුහුණ දීමට අවස්ථාව ලැබේ. සවිස්තර ලකුණු පුවරු, වීඩියෝ නැවත නැරඹීමේ (Replay) හැකියාව සහ සජීවී විස්තර කථනයක් පවා තිබීම මගින් මෙය කෙනෙකුට සැබෑම ක්‍රිකට් තරඟයක් ලෙස දැනෙනු ඇත. පැයට කිලෝමීටර් 165 පමණ වේගයක් දක්වා පන්දු යොමු කිරීමට මෙන්ම විවිධ අතට දෝලනය වන පන්දු සහ යෝකර් පන්දු ආදිය පවා යොමු කිරීමට මෙයට හැකියාව පවතී.

"ශ්‍රී ලංකාවට ඩිජිටල් විනොදාස්වාදයේ උපරිමය ළඟා කර දීමට අප සෑම විටම උත්සාහ කරනවා. අපගේ ඩිජිටල් සංඥා පුවරු සහ ''LED පුවරු ව්‍යාපාර කටයුතු දිවයින පුරා ව්‍යාප්ත වී තිබෙන අතර කෙටි කාලයක් තුළ අප ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් හුරු පුරුදු නාමයක් බවට පත් වී තිබීම මහත් සතුටක්. මෙම සිමියුලේටරය හඳුන්වා දීම, නවීන ඩිජිටල් විනෝදාස්වාද තාක්ෂණයන් ලංකාවට හඳුන්වා දීමට අප දරන උත්සාහයේ තවත් පුරෝගාමී පියවරක් වේවි. ''ATOM Technologiesහි විනෝත් තේවමනි මහතා පැවසීය.

2019 ජූලි 04 දින සිට 2019 ජූලි 21 දින දක්වා Fantasy Cricket Simulator කලම්බු සිටි සෙන්ටර්හිදී ක්‍රියාත්මක වනු ඇත. 0771 508 293 අංකය ඔස්සේ් ATOM Technologies ඇමතීමෙන් මේ සම්බන්ධ වැඩි විස්තර ලබා ගත හැකි වේ.

මාතෘකා