පිරිමි මවුවරු ගැහැණු පියවරු!

 ඡායාරූපය:

පිරිමි මවුවරු ගැහැණු පියවරු!

Cell Stem Cell හි පසුගිය ඔක්තෝබර් මස පලවී ඇති පර්යේෂණ පත්‍රිකාවකට අනුව Chinese Academy of Sciences ආයතනයේ පර්යේෂක කණ්ඩායමක් පිරිමි මීයන් දෙදෙනෙකුගේ ජාන යොදාගෙන මී පැටවෙකු නිර්මාණය කිරීමට සමත්ව ඇත. එකම ලිංගයක්ට අයත් සතුන් දෙදෙනෙකු යොදාගෙන තවත් සතෙකු නිර්මාණය කිරීම ඉතා අභියෝගාත්මක කරුණකි. ඒ ශුක්‍රාණු සහ ඩිම්බ සෛලවලින් උකහා ගන්නා ජාන ඉතා වෙනස් අපිජනක ධාරණයන් (epigenetic imprinting) හා පැමිණෙන නිසා ය.

පියවරුන් දෙදෙනෙකුගෙන් පැටවෙකු නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ කටයුත්තකි. එයට එම පියවරුන්ගෙන් උරුමවන ඇතැම් ජාන මැකීම ද ඇතුලත් වේ. කෙසේ වුවත් ඉහත කී මී පැටවා ඉපදී සුළු වේලාවකින් මරණයට පත්වූ බව වාර්තා වේ.

"පියෙකුගේ දායක්වයක් නොමැති (මව්වරුන් දෙදෙනෙකුගෙන් උපත ලබන) ප්‍රජනනය ඇතැම් පෘෂ්ඨවංශිකයන් අතර දක්නට ලැබෙන ස්වාභාවික දෙයකි. උභයජීවීන්, උරගයන් සහ මත්ස්‍ය වර්ග ඒ අතර වේ. නමුත් පියවරුන් දෙදෙනෙකුගෙන් ජීවය ලබන සතුන් යනු ඉතාම විරල දෙයකි," එම විද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයෙකු ‘The Scientist’ සඟරාවට පවසා තිබුණි.


දොස්තරගේ තැන පරිගණකයට!

කෘතිම ස්නායු ජාලයනට ඇති දත්ත විශාල සංඛ්‍යාවක් සැකසීමේ මෙන්ම රටාවන් හඳුනාගැනීමේ හැකියාව, මිනිස් වෛද්‍යවරු ඉක්මවා යන තරම් ප්‍රභලය. රුධිර සාම්පල සැලකිල්ලෙන් විශ්ලේෂණය කර බලා පිළිකා ලක්ෂණ හඳුනාගැනීමේ ප්‍රභල හැකියාවක් මේ මගින් ලැබී තිබේ.

බොහෝ වෛද්‍ය පරීක්ෂණාගාර පිළිකා රෝගී තත්ත්වය පෙරදීම හඳුනාගැනීම සඳහා 'කෘතිම බුද්ධිය' (Artificial intelligence) භාවිත කිරීම ගැන බලාපොරොත්තු සහගතව සිටිති. එමෙන්ම එක් එක් පිළිකා රෝගියාට අනන්‍ය වූ ලක්ෂණ හඳුනාගෙන, ඊට අදාළ ප්‍රතිකාරය සිදු කිරීමේ යෝග්‍යතාව සෙවීමටද කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිත කළ හැකිය. එමෙන්ම එක් එක් පිළිකා රෝගියාට අනන්‍ය වූ ලක්ෂණ හඳුනාගෙන, ඊට අදාළ ප්‍රතිකාරය සිදු කිරීමේ යෝග්‍යතාව සෙවීමටද කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිත කළ හැකිය.


පරීක්ෂණාගාර මීයන්ට නිදහස!

පරිගණක තාක්ෂණයේ බලය බොහෝ නව්‍යකරණයන්හි කේන්ද්‍රය වී ඇති අතර එම ගොඩට වැටෙන නවතම නව්‍යකරණ ක්‍රමවේදය වී ඇත්තේ සතුන් යොදාගනිමින් කරන විද්‍යාත්මක පර්යේෂණයනගේ ප්‍රතිඵල පුරෝකථනය කිරීමට සමත් පරිගණක වැඩසටහනකි.

ජෝන්ස් හොප්කින්ස් සරසවියේ පර්යේෂක තෝමස් හාර්තන්ගේ මූලිකත්වයෙන් දියුණු කරඇති මේ වැඩසටහන වෙනුවෙන් යොදාගෙන ඇත්තේ විද්‍යා පරීක්ෂණ දහස් ගණනකින් ලබා ගත්ත දත්තයන්ය. මේ පරිගණක වැඩසටහන එම වර්ගයේ පරීක්ෂණ 87% ක් පමණ සංඛ්‍යාවක ප්‍රතිඵල නිවැරදිව පුරෝකථනය කිරීමට සමත් වී ඇත.

වැඩසටහන නැවත නැවත පරීක්ෂාවට භාජනය කිරීමේදී එම ගණන 81% දක්වා අඩු වී ඇති මුත් මෙවන් වැඩසටහන් නිසා අනාගතයේදී සතුන් යොදාගෙන කරන පර්යේෂණ සංඛ්‍යාව අඩු කරගත හැකි වෙතැයි තෝමස් හාර්තන් 'The Scientist' සඟරාවට පවසා තිබුණි.

"මෙය සතුන් යොදාගනිමින් සිදු කරන පර්යේෂණවල අවසානය නොවෙයි. නමුත් එවන් පර්යේෂණ අවම කිරීමට මෙම පියවර වැදගත් වේවි."

මාතෘකා