Good and evil

 ඡායාරූපය:

Good and evil

හොඳ ළමයෙක් නං උදේම නැඟිටින ගේදොර අමදින, වෙලාවට කෑම කන වෙලාවට ඉස්කෝලෙ යන, ඉස්කෝලෙ දිව්‍යලෝකෙ කියල හිතන, කියවන්න ලියන්න ගයන්න වයන්න සෙල්ලං කරන්න හැමදේකටම දක්ෂ, මවුපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට නෑදෑයන්ට වඳින, කීකරුව ඉන්න සිරිමත් වගේ වෙන්න ඕන කියල කුමාරතුංග මුනිදාස ළමයින්ට කවියක් ලියනව.

කලින් දවසෙ ටියුෂන් ගිහින් ඇවිත් මහන්සිෙයන් නින්දට වැටුණාම ෂෙහාන්ට උදේ නැඟිටින්න පරක්කු වෙනව. ඒ නිසා නිවීසැනසිල්ලෙ උදේ කෑම කන්න බැරි වෙනව. ස්කූල් වෑන් එකට දුවන ගමන් පාන් කෑල්ලක් ගිලිනව. ගෙවල්වල ප්‍රශ්න ඔළුවෙ තියන් ඇවිත් ඒව ළමයින්ගෙන් පිට කරන ඉස්කෝලෙ ගුරුවරුන්ගෙන් බැනුං අහගෙන ගුටි කාගෙන පාඩමට හිත යොමන්න උත්සාහ කරනව. ඉස්කෝලෙ උගන්නන දේවල් නොතේරෙන නමුත් ටියුෂන් සර් උගන්නන දේවල් තේරෙන නිසා ආයෙත් හවසට ටියුෂන් යන්න සිධ වෙනව. සෙල්ලං කරන්න වෙලාවක් නැති වෙනව. හති දාගෙන රෑ වෙලා ගෙදර ආවම අම්මගෙයි තාත්තගෙයි මූණු යන්තමින් දකිනව. රෑට කාල ආයෙත් ඇඳට වැටෙනව. ගේදොර අමදින්න තියා හුස්ම ගන්නවත් වෙලාවක් නැති වුණත් කොහොමහරි කටපාඩම් කරල විභාගෙ පාස් වෙලා පන්තියෙ දෙවනිය වෙනව.

හොඳ ගැහැනියක් නං හාල් ගරන්න බත් තම්බන්න මිරිස් අඹරන්න සම්බෝල කොටන්න දර හොයන්න වතුර අදින්න මිදුල අතුගාන්න රෙදි හෝදන්න පුළුවන් වෙන්න ඕන, මේවා කරන්න බැරි ගැහැනිය, ගන්න මිනිහගෙ ආත්මෙ විනාශ කරන, හතර වරිගෙට නිග්‍රහ කරන කරුමෙට උපන් හැතිරියක් කියල කාගම සිරිනන්ද නම් භික්ෂුවක් ගැහැනුන්ට බණක් කියනව.

හැන්දෑවෙ ඔෆිස් ඇරිල කාරෙක ඩ්‍රව් කරගෙන සැලෝන් එකට යන අශානි එන ගමන් සුපර්මාර්කට් එකෙන් බඩු අරං ගෙදර ඇවිත් කුකර් එකක් මයිෙක්‍රාවේව් එකක් පාවිච්චි කරල ගෙදර අයට ඩිනර් ලෑස්ති කරනව. සෙනසුරාදට රෙදි ටික වොෂින් මැෂින් දාල මාස්ටර්ස් ඩිග්රි යට ක්ලාස් යනව. ඉරිදට යාළුවො එක්ක ෂොපිං කරල ෆිල්ම් එකක් බලනව. හවසට ඩ්‍රින්ක් එකක් ගන්නව. දවසම හවුස්කෝට් එකක් ඇඳගෙන කුස්සිය මුල්ලට දිය වෙන්නෙ නැතිව එහෙ මෙහෙ සැරිසරනව.

හොඳ නිරෝගී ජීවිතයක් ගෙවන්න නං රතු හාල්, කොළ ජාති අලුත් එළවළු පලතුරු ආහාරයට ගන්න, කිරිපිටි වෙනුවට දියර කිරි පාවිච්චි කරන්න, ක්ෂණික ආහාර පැණිබීම පාවිච්චිය අතාරින්න, නරක ආහාර පුරුදු පාලනේ කරගන්න, සමබල ආහාර වේලක් ගන්න, මත්පැන් දුම්වැටිවලින් මිදෙන්න කියල වෛද්‍යවරු රෝගීන්ට උපදෙස් දෙනව.

උයන්න ලෑස්ති වෙලා හාල් හෝදනකොට හාල්වල තිබිල රතු සායමක් වතුරට එකතු වෙනව. එළවළු පලතුරු අතට අරං බැලුවම කොනක හරිමැදින් විදපු සිදුරක් තියනව. අහවල් කිරිපිටි වර්ගය ගෙන්නන්නෙ නවසීලන්තෙන්, ඒකෙ විටමින් වර්ග දහයක් තියනව කියල අම්ම කෙනෙක් දරුවෙකුට ඒ කිරිපිටි පොවන විදිහ පෙන්නල ටීවී එකේ ඇඩ් එකක් යනව.පවුලෙ දෙතුන් දෙනාම වැඩට යන ගෙදරක පාන්දර උයන්න වෙලාවක් නැතුව ගියාම හැමෝම පේස්ට්‍රි ෂොප් එකක් ළඟ නැවතිල උදේ කෑමට ෂෝටීට්ස් මොනාහරි ගන්නව. ඔෆිස් මීටිං එක ඉවර වෙන්න හවස තුනත් පහු වුණ නිසා එදා ලන්ච් අවර් එක මඟ ඇරෙනව.

තමුන්ට තියා දරුවන්ටවත් සමබල ආහාර වේලක් දෙන්නෙ කොහොමද, තමුසෙ හම්බ කරන පඩිය ගෙදර වියදමට මදි කියල බිරිඳ රණ්ඩු කරනකොට ගෙදර ආරවුල් ඉවසන්න බැරුව ඩිප්‍රෙස් වුණ තාත්ත කෙනෙක් ටිකෙන් ටික මත්පැන්වලට ඇබ්බැහි වෙනව.

මේ සමාජ ක්‍රමය ඇතුළේ හොඳ නරක කියන්නෙ හරි මැදින් ඉරක් ගහල දෙකට බෙදන්න පුළුවන් සංකල්පයක්ද? කාලයට අනුරූපව මිනිස් ජීවිත වෙනස් වෙනව. ඒ එක්කම හොඳ නරක මනින මිනුම් දඬුත් වෙනස් වෙනව. මුදල් මූලික වුණු මේ ක්‍රමය ඇතුළේ තමන්ට හිතකර හෝ අහිතකර ඕන දෙයක් තෝරගන්න මිනිස්සුන්ට නිදහස තියනවා. දේවල් ගැන අර්ථකථනය කරපු පැරණි බමුණු මත සහදේවල් සිද්ධ වුණ පැරණි විදිහ ‘මාරයි’ කියල උත්කර්ෂයට නැංවීම වගේම, ඒවා ගැන දැන් තියන අර්ථකථන සහ ඒවා දැන් සිද්ධ වෙන විදිහ ‘ඊයා’ කියල පහත් කිරීම හොඳ නරක මනින මිනුම් දණ්ඩක් නෙමෙයි. ලෝකෙ සමාජාර්ථික දේශපාලන සාධකවලට සාපේක්ෂව මිනිස් ජීවිත වෙනස් වෙද්දි ඒ ඒ තත්ත්වයන් උද්ගත වෙනව. ඒවට මූණ දෙන්න සිද්ද වෙනව. තෝරගන්න තියන ඔප්ෂන්ස් අතරෙන් තමන්ට කම්ෆටබල් චොයිස් එක තෝරගන්න මිනිස්සු පෙලඹෙනව. ඇතැම් විට ඔවුන් තෝරගන්නෙ ජීවිතයට හානිකර විකල්පය විය හැකියි. හැබැයි ඒ තෝරාගැනීම අතින් ඔවුන්ව ස්වාධීන කරලා, හානිය අඩු ඔප්ෂන් එක මොකද්ද කියන එක පිළිබඳව සමාජයක් විදිහට ඔවුන්ව දැනුමෙන් සන්නද්ධ කිරීම හැර මේකට වෙනත් සාර්ථක උත්තරයක් නැහැ.

හානිය අඩු ඔප්ෂන් එකක් තියන බව සමාජගත කරන්නත් පාවිච්චි කරන්න වෙන්නෙ හානිය වැඩි ඔප්ෂන්ස් සමාජගත කරන්න පාවිච්චි කරන විදිහේ උපක්‍රම තමයි.

මාතෘකා