විචිත්‍ර පරිසර වර්ණ මවන සොබාදහමේ අපූරු මිතුරා බොහොඬා

 ඡායාරූපය:

විචිත්‍ර පරිසර වර්ණ මවන සොබාදහමේ අපූරු මිතුරා බොහොඬා

බෙහොඩා නැත්නම් බෝදිලිමා අයත් වෙන්නේ කටුසු යාළුවන්ගේ සත්ත්ව පරපුරට. බොහොඬා යාළුවන් වැඩිවශයෙන් ජීවත් වෙන්නේ වැසි වනාන්තරවල සහ අප්‍රිකාවේ කාන්තාරවල. අඩි 2ක් පමණ දිගු දිවක් මේ යාළුවන්ට තියෙනවා. ඒ අය පැයට සැතපුම් 13ක පමණ වේගයෙන් දිව දිගු කරලා එයාලගේ ගොදුරු අල්ලගෙන ආහාරයට ගන්නවා. බොහොඬාගේ මෙම වේගවත් ආහාර ගැනීමේ ශෛලිය එයාලගේ හැසිරීම්වල විශේෂ අංගයක්.

බොහොඬා එයාලගේ සමේ වර්ණය වාසස්ථාන සමඟ මිශ්‍ර කරනවා. ඒ සතුරු විලෝපිකයන්ගෙන් බේරිලා ජීවත්වෙන්න වගේම ලෙහෙසියෙන්ම ගොදුරු අල්ලා ගන්න. වැසිවනාන්තරවල ගස්වල එල්ලී ඉන්න බොහොඬා යාළුවන් හරිත නැත්නම් කොළ පාටින් යුතු වෙනවා. කාන්තාරවල ජීවත්වෙන බොහොඬා යාළුවන් කාන්තාරය වගේම දුඹුරු පාටින් යුතු වෙනවා. බොහොඬා යාළුවන් තමන්ගේ සිරුර උණුසුම් හෝ සිසිල් කිරීමටත් වර්ණ වෙනස් කිරීම සිදුකරනවා. ඒ අඳුරු තද වර්ණ වැඩි උෂ්ණත්වයක් උරා ගන්නා නිසා. සතුරන් ආකර්ශනය කිරීමට බොහොඬා යාළුවන් ඉතා දීප්තිමත් වර්ණ මාරු කිරීම සිදුකරනවා. ඒ වගේම මේ යාළුවන් තමන්ගේ අනිත් බොහොඬාවන් සමඟ සන්නිවේදනය කිරීම සඳහාත් වර්ණ මාරුකිරීම සිදුකරනවා. බොහොඬාවන් වර්ණ වෙනස් කිරීමට අවශ්‍ය වූ විටත් නව වර්ණ විදහා දක්වන්නට අවශ්‍ය වූ විටත් එයාලගේ මොළයෙන් සෛලවලට පණිවිඩයක් යවනවා. ඉන්පස්සේ විවිධ සෛලවලින් වර්ණක සම පිටතට මුදාහරින බවයි සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ.

බොහොඬා යාළුවන් විශේෂ 150ක් පමණ වැසි වනාන්තරවල ජීවත්වෙන අතර ඒ අතරින් ව්‍යෘඝ්‍ර බොහොඬා වඳවිමේ තර්ජනයට මුහුණ දී සිටිනවා. ලංකාවේද ලොව රතු දත්ත පොතට වැටී ඇති වඳවීමේ අවදානමට හසුව සිටින කඳුකර කුරු බොහොඬා නැත්නම් කුරු බෝදිලිමා ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙනවා. පරසරයට අනුව පරිසරයේ අසිරිමත් වර්ණ රටාවන් මවන මේ අපූරු බොහොඬා යාළුවන් රැක ගැනීම අප කාගේත් වගකීමක්.

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

මාතෘකා