ඉත්තෝ දෙවැනි අදියර පුංචි තිරයේ දිගහැරේ

 ඡායාරූපය:

ඉත්තෝ දෙවැනි අදියර පුංචි තිරයේ දිගහැරේ

රැල්ලට ගිය ටෙලි නාට්‍ය කලාවේ පැහැදිලි වෙනසක් ඇති කරමින් හා ප්‍රේක්ෂක අවධානය උපරිම ලෙස දිනා ගනිමින් සියත රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ‘ඉත්තෝ’ රහස් පරීක්ෂක ටෙලි නාට්‍ය මාලාවේ දෙවැනි කතා ප්‍රබන්ධය (Season 2) මේ වන විට විකාශනය ආරම්භව ඇත. තුන්වැනි අදියරේ (Season 3) රූගත කිරීම්ද සිදුවෙමින් පවතී. කොටස් සියයකින් සමන්විත මෙම කතා මාලාව කොටස් විසිපහෙන් විසිපහට වෙනත් මානයන්ට ප්‍රේක්ෂකයා රැගෙන යන නමුත් එය එකිනෙකට ඈදෙන ලෙසත් මුල් කතාංගයේ රැඳි ත්‍රාසය, භීතිය, කුතුහලය එලෙසම රඳවා ගනිමින් ඉදිරියට ගලායන සේ තිර පිටපත ලියැවී ඇත.

ප්‍රථම අදියරේ රඟපෑ රොෂාන් රණවන, උදාරි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමයන්ති ෆොන්සේකා, අමිල කරුණාරත්න, තිළිණි පෙරේරා, නිමේශා මදුශානි, චමිර ලියනගේට අමතරව දෙවැනි අදියර සඳහා කුසුම් රේණු, ජනක් ප්‍රේමලාල්, සචිනි වික්‍රමසිංහ, හිරුණි රණසිංහ, මිලින්ද පෙරේරා, කුමාර රණේපුර ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිසක් රංගනයෙන් එක්ව ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ටයිනර් මැක්ලේන් ඇඩැම්ස්, සංස්කරණයෙන් රෙශාන් මදුශංක රාජපක්ෂ, අංග රචනයෙන් තාරක අධිකාරී, ගීත ගායනයෙන් මිහිඳු ආරියරත්න, ගීත රචනයෙන් දිල්ශාන් පතිරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් කේෂාන් පෙරේරා, කලා අධ්‍යක්ෂණයෙන් සුරේන් රාජපක්ෂද දායකවන ඉත්තෝ ටෙලි මාලාවේ තිරපිටපත් රචනය කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරණ සහ නිලංක ඇලෙක්සැන්ඩර්ගෙනි. තිර පිටපත් අධීක්ෂණය සහ අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග ලොකුහේවා ගෙනි.

[ඇන්ටන් ඡේ. ප්‍රනාන්දු]

මාතෘකා