Hybrid Zooming, Digital Zooming සහ Optical Zooming ඇත්තටම මේ මොනවාද?

 ඡායාරූපය:

Hybrid Zooming, Digital Zooming සහ Optical Zooming ඇත්තටම මේ මොනවාද?

මෑතකාලීනව Hybrid Zooming සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුණා. විශේෂයෙන්ම OPPO RENO 10X ඇතුළුව Hybrid Zooming තාක්ෂණය සහිත දුරකථන වෙළෙඳපලට පැමිණීම මීට ප‍්‍රධාන හේතුවක් වුණා. මෙය කැමරා සහ මෘදුකාංග තාක්ෂණයන්ගේ දියුණුවෙහි නව සන්ධිස්ථානයක් බවට සැකයක් නැහැ.

ඇත්ත වශයෙන්ම Hybrid Zooming කියන්නේ මොකක්ද?

Optical Zoom

මෙහිදී අපට තරමක් දුරට තාක්ෂණික පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් Optical Zoomingහිදී එකිනෙකට සාපේක්ෂ චලනයන් හඳුනාගැනීම සිදුවන අතර එමගින් දෘශ්‍ය කෝණය විශාල වීම හෝ කුඩා වීම සිදු වෙනවා. ස්මාර්ට්ෆෝන්වලදී මෙය සිදුවන්නේ සම්පූර්ණ වෙනත් තලයකට ප‍්‍රවේශ වෙමින්, එහි ඇතුළත් සෙන්සර් සහ කාච භාවිතයෙන්. මෙය සාමාන්‍ය කැමරාවක ඇති zoom රහිත (prime) කාචයක් මාරු කිරීමට සමානයි. Optical Zooming සම්බන්ධ තාක්ෂණික පර්යේෂණ කටයුතු වසර ගණනාවක පටන් සිදු වූණා. දැන් එහි විශිෂ්ට ප‍්‍රතිඵල අපට දැකගැනීමට හැකි වෙලා තියනවා. මෙහි නවතම සොයාගැනීම වන්නේ පෙරිස්කෝප් එකක් ආකාරයට භාවිතා කළ හැකි කාච ක‍්‍රමයයි. මෙමගින් දුරකථනයේ ඝනත්වය වැඩි නොකර වඩාත් විශාල ප‍්‍රමාණයේ කාච භාවිතා කිරීමට හැකිවී තියනවා. මෙම කාච මාරු කිරීම Optical Zoomingවලට සමානයි.

ඔබ දැනටමත් දන්නා ආකාරයට, සමාර්ට්ෆෝන් වල ස්ථාවර දෘශ්‍ය කෝණ සහිත එකිනෙකට වෙනස් කාච භාවිතා වෙනවා. මෙය තාක්ෂණික වශයෙන් නාභිගත දුර (Focal Length) ට අදාළ මිලිමීටර් ගණනින් දක්වනවා. මෙය ප‍්‍රායෝගිකව දක්වනු ලබන්නේ zoom වන ප‍්‍රමාණයේ ගුණාකාරය (x zoom) අනුවයි. උදාහරණයක් විදිහට පුළුල් කෝණ කාචයක් 1X වන අතර අතර මධ්‍යම කාචයක් 2Xද, ටෙලිෆොටෝ කාචයක් 5Xද වෙනවා. මෙම ප‍්‍රමාණයන් වෙනස් කළ නොහැකි අතර එය Optical Zooming තාක්ෂණයට සමාන වෙනවා.

Digital Zooming

Digital Zooming යනු Optical Zooming තාක්ෂණයේ අනික් පැත්ත ලෙස හැඳින්විය හැකියි. මෙය ඡායාරූපයට හසුවූ දේ විශාල කර පෙන්වීම සඳහා ඡායාරූපය crop කිරීමට මඳක් වෙනස්. මෙහිදී මෙය ඩිජිටල් ක‍්‍රමයකට සිදුවන අතර එමගින් බොහෝවිට ඡායාරූපයේ තත්ත්වයට සහ තියුණු බවට බලපෑමක් ඇතිවිය හැකියි. මේ නිසා ඩිජිටල් ක‍්‍රමයට crop කිරීමට වඩා මුලින් ඡායාරූපය ලබාගෙන පසුව සංස්කරණය කිරීමේදී crop කිරීම වඩාත් සුදුසුයි.

Hybrid Zoom

තාක්ෂණය අඛණ්ඩව දියුණු වීම නිසා, වඩාත් බලවත් ප්‍රොසෙසර සහ දියුණු මෘදුකාංග සමග මෑත කාලීනව Hybrid Zoom තාක්ෂණය ලොවට දායාද වී තියනවා. එකිනෙකට වෙනස් කාච භාවිතයෙන් ඡායාරූපය ලබාගෙන, එය හොඳම ක‍්‍රමයට මුසු කර, සංකීර්ණ ක‍්‍රමවේදයක් භාවිතයෙන් ඡායාරූපය සංස්කරණය කෙරෙනවා. මෙය Optical Zoom සහ Digital Zoom තාක්ෂණයන් මනාව එකිනෙක මුසු කිරීමක්. මෙම තාක්ෂණය භාවිතයෙන් zoom කරන විට කැමරාවේ කාච වල වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට සාමාන්‍ය zoom කාච සමග zoom කළාක් මෙන් පෙනෙනවා. මේ නිසා නිෂ්පාදක සමාගම්වලට මේ වනවිට මිලිමීටර 160ක් දක්වා 10X Hybrid Zoomහැකියාවක් ලබාදීමට හැකි වී තියනවා.

තාක්ෂණය මේ වනවිට නොනැවතී ඉදිරියට යනවා. මේ ඉදිරි ගමනේ විශිෂ්ට නිර්මාණයක් වන Hybrid පද්ධති ඉදිරියේදී බෙහෙවින් ජනප‍්‍රිය වේවි. ඉදිරි වසර වලදී ස්මාර්ට්ෆෝන් නිෂ්පාදක සමාගම නිසැකවම නව සෙන්සර්, (පෙරිස්කෝප්) කාච සහ මෘදුකාංග නිර්මාණය සඳහා විශාල වශයෙන් ආයෝජනයන් සිදුකරන බවට සැකයක් නැහැ.

ඒ අනුව අනාගතයේදී තවත් පෙරළිකාරී සොයාගැනීම් රාශියක් දැකගැනීමට අපට හැකි වේවි.

මාතෘකා