ළහිරු මඬල

 ඡායාරූපය:

ළහිරු මඬල

මේ පොත ලියා තිබෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ මාමා. "ළහිරු මඬල" ස්වර ප්‍රස්තාර සහිත ළමා ගී පොතකි. මෙම පොත් කවර, නිර්මාණ සහ සිතුවම් ඇඳ තිබෙන්නේ රවීන්ද්‍ර තේනුවර මාමා. පොතේ ස්වර නිර්මාණ කර තිබෙන්නේ ප්‍රසන්න ලංකානාත්, කරුණාරත්න විජේවර්ධන, නවරත්න ගමගේ, එච්. එම්. ජයවර්ධන සහ චන්දන වැලිකල මාමලා.

ළහිරු මඬල පොතේ ළමා ගී දහඅටක් තිබෙනවා. "වැවට ඇසළ සඳ වැටිලා, බලු පැටියාගේ කතාව, සරුංගලේ, වීර මද්දුම සහ මල්පැණි එහි ඇති ගී කිහිපයකි. බලු පැටියාගේ කතාව ගීතයේ තිබෙන්නේ බලු පැටියෙක් පොඩි කාලෙම ඔහුගේ අම්මා සහ සහෝදරයන් හය දෙනා නැතිවෙලා තනියම ජීවත්වන හැටි. පොතේ හැම ගීතයකම එවැනි ලස්සන කතාවක් තියෙනවා. මේ අතරින් මා කැමතිම ළමා ගීය වන්නේ රජ්ජුරුවෝ මං. ඒකෙන් කියැවෙන්නේ සෙල්ලම් ගෙයක් හැදූ ළමයි කට්ටියක් ගැනයි.

"පොල් පිති කඩුව මගේ අතේ

කොස්කොළ ඔටුන්න ඔලුවේ

 

කපුටෝ පියාඹන්න බෑ ඉහට උඩින්

අපේ සෙල්ලම් ගෙයි රජ්ජුරුවෝ මං"

සරුංගලේ ගීතයත් ලස්සනයි.

ගීය පටන් ගන්නේ මෙහෙමයි,

"සරුංගලේ උඩ අහසේ

ඉගිල්ලිලා යන විට

මහපොළොවේ හැදුණු වැඩුණු

ගෙදර මතක් වෙනවද?"

"ළහිරු මඬල" ගීත අරුත්බරයි. සිත්ගන්නාසුලුයි. එනිසා මේ පද සංගීතය යොදා ගායනා කරන්නත් අපට පුළුවනි.

[ෂෝන් යතින්ද්‍ර රාජපක්ෂ]

7 ශ්‍රේණිය F

කොළඹ රාජකීය විදුහල

මාතෘකා