ජනාධිපති මාධ්‍ය සම්මාන 2018

 ඡායාරූපය:

ජනාධිපති මාධ්‍ය සම්මාන 2018

උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලී දායකත්වය ඇගයීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලංකාවේ ප්‍රථමවරට පවත්වනු ලැබූ 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ පසුගියදා (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය කැබිනට් නොවන සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජනමාධ්‍ය ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් ඇතුළු මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

2017 වසරේ පුවත්පත් මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය සහ වෙබ් මාධ්‍ය යන මාධ්‍යයන්හි විශිෂ්ටයන් ඇගයීමේ අරමුණින් සම්මාන 41ක් මෙහිදී ප්‍රදානය කරනු ලැබූ අතර ජනමාධ්‍යයට කළ මෙහෙවර අගයනු වස් ඉහත මාධ්‍ය ක්ෂේත්‍රයන්හි දැවැන්තයන් සිව් දෙනකු සඳහා "ශ්‍රී ලංකා මාධ්‍යාභිමානී" සම්මාන ප්‍රදානය කෙරුණි. ජනාධිපති මාධ්‍ය සම්මානලාභීන් පහත පරිදි වේ.

පුවත්පත් ක්ෂේත්‍රය

1. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව (සිංහල) - සපුමල් ජයසේන

2. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව (ඉංග්‍රීසි)- මිරුදුලා තම්බයියා

3. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව (දෙමළ) - ලෝරන්ස් සෙල්වනායගම්

4. වසරේ ප්‍රශස්ත ඡායාරූප (පොදු) සම සම්මාන- රුක්මාල් ගමගේ / සුදම් ගුණසිංහ

5. වසරේ ප්‍රශස්ත තීරු ලිපිය (සිංහල)- යසවර්ධන රොද්‍රිගෝ

6. වසරේ ප්‍රශස්ත තීරු ලිපිය (ඉංග්‍රීසි)- ගගනි වීරකෝන්

7. වසරේ ප්‍රශස්ත තීරු ලිපිය (දෙමළ)- ආර්. රාම්කුමාර්

8. වසරේ ප්‍රශස්ත කාටුන් නිර්මාණය (පොදු)- සවුන්දිස් ධර්මදාස්

9. වසරේ ප්‍රශස්ත පිටු සැලසුම (පොදු)- ධනුෂ්ක විජේසිරි

10. වසරේ ප්‍රශස්ත විශේෂාංග ලිපිය (සිංහල)- සපුමල් ජයසේන

11. වසරේ ප්‍රශස්ත විශේෂාංග ලිපිය (ඉංග්‍රීසි)- මහිල් විජේසිංහ

12. වසරේ ප්‍රශස්ත විශේෂාංග ලිපිය (දෙමළ)- ප්‍රින්සියා ඩික්සි

13. වසරේ ප්‍රශස්ත විමර්ශනාත්මක පුවත (සිංහල)- එම්.එම්. ක්‍රිෂ්ණන්

14. වසරේ ප්‍රශස්ත විමර්ශනාත්මක පුවත (ඉංග්‍රීසි)- කමන්ති වික්‍රමසිංහ

15. වසරේ ප්‍රශස්ත විමර්ශනාත්මක පුවත (දෙමළ)- ප්‍රින්සියා ඩික්සි

‍රේඩියෝ ක්ෂේත්‍රය

1. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව / ඉදිරිපත් කිරීම (සිංහල)- නිශාන්ති සල්පිටිකෝරළ

2. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව / ඉදිරිපත් කිරීම (දෙමළ)- සනෝස් මොහොමඩ්

3. වසරේ ප්‍රශස්ත ගුවන්විදුලි වැඩසටහන (සිංහල)- ඉන්ද්‍රසිරි සුරවීර

4. වසරේ ප්‍රශස්ත ගුවන්විදුලි වැඩසටහන (දෙමළ)- අබර්නසුතන් ප්‍රේමකාන්තන්

5. වසරේ ප්‍රශස්ත ළමා වැඩසටහන (සිංහල)- අජිත් වසන්ත ඈපා

6. වසරේ ප්‍රශස්ත ළමා වැඩසටහන (දෙමළ)- ෆිලොමිනා අනුෂා මොරායස්

7. වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන (සිංහල)- චාමිකර බණ්ඩාර

8. වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන (දෙමළ)- ඥානකුමාරන් ගණදීපන්

9. වසරේ ප්‍රශස්ත අධ්‍යාපනික වැඩසටහන (සිංහල)- ප්‍රියන්තනි ගමගේ යහම්පත්

10. වසරේ ප්‍රශස්ත අධ්‍යාපනික වැඩසටහන (දෙමළ)- ෆාතිමා රිස්වානා

11. ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන- ප්‍රසන්න ජයම්පති

ටෙලිවිෂන් ක්ෂේත්‍රය

1. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව (සිංහල)- නිමේෂ් විජේසූරිය

2. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව (දෙමළ)- එස්.ඩී. එම්. සහරන්

3. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදනය (සිංහල)- නිෂාදි බණ්ඩාරනායක

4. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදනය (ඉංග්‍රිසි)- ඉෆ්තියා අබ්දූල් කාදර්

5. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදනය (දෙමළ)- ඉර්ෆාන් මොහොමඩ්

6. වසරේ ප්‍රශස්ත වැඩසටහන් ඉදිරිපත් කිරීම (සිංහල)- චන්දන ජයසිංහ

7. වසරේ ප්‍රශස්ත වැඩසටහන් ඉදිරිපත් කිරීම (ඉංග්‍රීසි)- බර්නඩින් ජයසිංහ

8. වසරේ ප්‍රශස්ත වැඩසටහන් ඉදිරිපත් කිරීම (දෙමළ)- මොහොමඩ් මුස්හාරෆ්

9. වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන (පොදු)- ඉර්ෆාන් මොහොමඩ්

10. වසරේ ප්‍රශස්ත වාර්තා වැඩසටහන (පොදු)- විනීතා කරුණාරත්න

11. වසරේ ප්‍රශස්ත සංවාදාත්මක වැඩසටහන (පොදු)- කෞෂල්‍යා දිසානායක

12. වසරේ ප්‍රශස්ත අධ්‍යාපනික වැඩසටහන (පොදු)- සුමින්ද තිලකසේන

වෙබ් අඩවි ක්ෂේත්‍රය

1. වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වෙබ් අඩවිය (පොදු)- කැලුම් ශිවන්ත

2. වසරේ ප්‍රශස්ත බහුමාධ්‍ය භාවිතය (දෙමළ)- වී. ප්‍රියදර්ශන්

3. වසරේ ප්‍රශස්ත බ්ලොග් (Blog) රචක (දෙමළ)- නඩරාසා සරවනන්

යාවජීව සම්මාන

1. පුවත්පත් ක්ෂේත්‍රය - ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා

2. ගුවන්විදුලි ක්ෂේත්‍රය - කරුණාරත්න අමරසිංහ මහතා

3. රූපවාහිනී ක්ෂේත්‍රය - ලූෂන් බුලත්සිංහල මහතා

4. වෙබ් අඩවි ක්ෂේත්‍රය - ලක්ෂ්මන් ජයවර්ධන මහතා