සද්දන්තයාගේ රාත්‍රිය

 ඡායාරූපය:

සද්දන්තයාගේ රාත්‍රිය

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිපතිතුමාගේ නියමය පරිදි යුෂ්මතාට අධිචෝදනා කරන අතර එම අධිචෝදනාවේ ඇතුළත් චෝදනාවල වග නම්.......” ප්‍රපාතවත් හඬින් අධිකරණ ශාලාව හාත්පස පැතිරුණ නිශ්ශබ්දතාව බිඳී යමින් තිබිණි.

“....... වර්ෂ 2012ක් වූ අගෝස්තු මස 17 වන දිනයේ හෝ ඊට ආසන්න දිනයකදී මෙම අධිකරණ බලසීමාව තුළ පිහිටි මහගමදී යුෂ්මතා ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා යුෂ්මතාගේ ලිංගේන්ද්‍රිය බණ්ඩාරනායක මුදියන්සේලාගේ බිනරමලී නැමැත්තියගේ ස්ත්‍රී ලිංගය මත පාවිච්චි කිරීමෙන් 1998 අංක 29 හා 1995 අංක 22 දරණ පනත්වලින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු ස්ත්‍රී දූෂණය නම් වරද සිදු කළ බවය.” තෝල්කමුදලි තම අත රැඳි චෝදනාපත්‍රය කියවා නිම කර ඔහු දෙසට ගාම්භීර බැල්මක් හෙළීය.

ඔහු නිහඬවම විනිසුරුගේ හිසට ඉහළින් වූ දූවිල්ලෙන් අවපැහැ ගැන්වුණ විදුලි පංකාව කැරකෙන අයුරු බලා සිටියේය. “ක්රාස්... ක්රස්.. ක්රස්.., ක්රාස්... ක්රස්.., ක්රස් ... ක්රාස්... ක්රස්.., ක්රස් ...” විදුලි පංකාව හඬ මවන රටාව අපූරු යැයි ඔහුට සිතිණි.

“මෙම අධිචෝදනාවට යුෂ්මතා වැරදිකරුද? නිවැරදිකරුද?” නැවත විධාන විමසුම් හඬ ඇසිණි.

ඔහුට ඒ පිළිබඳව නිනව්වක් නොවීය. “වැරදිකරුද? නිවැරදිකරුද? වැරදිකරුද? නිවැරදිකරුද වැරදිකරුද? නිවැරදිකරුද?...” එම පැනය ඔහුගේ සිත තුළ විදුලි පංකාව හා සම වේගයකින් භ්‍රමණය වෙමින් තිබිණි.

“ක්රාස්... ක්රස්.. ක්රස්.., ක්රාස්... ක්රස්.., ක්රස්... ”

පාසල් මිදුල කෙළවර වූ විසල් අඹ රුක් සෙවණෙහි ඔහු ඇය එනතෙක් රැඳීසිටියේය. පන්ති කාමරය ඉදිරියෙන් එහා මෙහා ගිය දෙවාරයෙහිම තමාට ලොකු අඬවැඩියාවක් කීමට ඇති වග එම දෑසෙහි රැඳී තිබූ බව ඔහු හැඳිනුවේය. ඒ, තමාගේම දෑසය. එය යාන්තමට රත්පැහැ ගැන්වී තිබූ වගක්ද ඔහුට මතකය. එයට කාරණා සැකහැර දැනගත යුතු බවට ඔහුගේ හිත මිමිණුවේය.

“අනේ අයියණ්ඩි, ඊයේ රාත්තිරියෙත් අරකා මගෙ කාමරයට රිංගුවා!”

ඔහුගේ සිතුවිලිදාමය බිඳිමින් දෑස රත්පැහැ ගන්වන්නට හේතුව ඔහු අසලින්ම ඇසෙමින් තිබුණේය.

“මොකක්!” ඔහු ගෙරෙව්වේය. “ඔයාට කරදරයක් වුණාද?” හිස් මුදුනින් නැඟෙන කෝපය යටපත් කරන්නට වෙර දරමින් ඔහු වහා විමසුවේය.

“නෑ.” ඇය සන්සුන්ව හිස දෙපස සැලුවේය. “මලයණ්ඩි ළඟ හිටියා. එයාට ඇහැරුණා.” ඇය සියල්ල කෙටියෙන් කීවාය.

“මම ඕකා මරනවා!” ඔහු තමාටම ගෙරෙව්වේය. “නැන්දාට කිව්වේ නැද්ද?” කෝපයෙන් දැවෙමින්ම ඇසුවේය.

“වැඩක් නෑ.” ඇය කීවාය. “ඒකා ඊයේ ඉස්තෝප්පුවේ බුදු මැදුරක් ඇටෙව්වා. බුදු පිළිමයකුත් ගෙනත් තිබුණා.”

“අත්තම්මාට කිව්වෙත් නැද්ද?”

“නෑ. ඒකා අත්තම්මාට ලොකු අකුරු තියෙන පිරුවානා පොත් වහන්සේ කෙනෙක් ගෙනත් දුන්නා.” ඇය කීවාය. “මම කියන දෑ උන්දැලා විශ්වාස කොරන් නෑ.”

ඔහු තනිවම හීල්ලුවේය. හීං නඟා ඔහුගේ ඇවැස්ස නෑනාය. ඇය යොවුන් වියට පියනඟද්දීම ඇයත් මල්ලීත් තනිකර දමා ඇගේ පියා සදහටම යන්නට ගියේය. යුද්ධය සදහටම හීං මාමා රැගෙන ගියේය. ඒත් ඔවුන්ගේ ජීවිතවලට අතුරු අන්තරාවක් නොවීය. ගම්මානේ කවුරුත් එකම පවුලක නෑයෝය. එබැවින් ඔවුන්ගේ දුකසැප බැලීම කාගෙ කාගේත් වගකීම වී තිබිණි. ඔවුහු එය නොපිරිහෙළා ඉටු කළෝය. ඒත් දැන් බලාපොරත්තු නොවූ පරිද්ෙදන් හදිසියේම හීං නඟාගේ ජීවිතයට විතරක්ම කණකොකා හඬමින් සිටින වගක් ඔහුට පැහැදිලිය.

අඩු වයසින්ම දරුවන් දෙදෙනෙකු සමඟ තනිවුණ තම නැන්දනියගේ නිවසට යළිත් පිරිමි පරාණයක එළිය වැටෙන බවට ආරංචිය පැතිර ගියේ මීට පෝය හත අටකට පෙර සිටය. එහෙත් නෑදෑයෝ කිසිවෙක් ඒ පිළිබඳව උරණ නොවූයේය. ඒ ඇයටත් කලදසාවක් යා යුතු බැව් නෑදෑ සනුහරේම විශ්වාස කළ බැවිනි. අලුත් මාමා ටික දිනකින්ම නැන්දාගේ නිවසේ නවාතැන් ගන්නට වූයේ කාගෙ කාගේත් ආශිර්වාදය මැද්දේය.

සති අන්තයට පමණක් ගමට පැමිණෙන අලුත් මාමා මාතලේ පැත්තේ පෙරකදෝරු කාර්යාලයක වැඩ කරන බව කීවේය. ඒ ගැන වැඩිදුර සොයන්නට කිසිවකුටත් වුවමනා නොවූයේ ඔහු සැබෑ මහත්තයෙකුම වූ බැවිනි. අත්දිග සුදු පැහැති කමිසයත්, කළු පැහැති කලිසම හා හොඳින් මැද දිස්නය දෙන කළු සපත්තු දෙකත් ඔහු ලොකු මහතෙකු බවට ඕනෑවටත් වඩා සාක්ෂි සැපයීය. ඔහුගේ කළු පැහැති හම් බෑගය වැන්නක් දරනුයේ ලොකු මහත්තුරුම පමණකි. ඒ නිසා ඔහු ඔවුන්ට මහත්තයා මාමා විය.

මහත්තයා මාමා කලින් විවාහ වී සිටි බවත් ඔහුගේ බිරිඳ සිය දියණිය සමඟම ඔහු හැරගොස් තිබුණ බවත් ඔහුට ඇසී තිබුණේය. කරදඬු උස් වූ ගැටව් දෙන්නෙකු සිටියත් තවමත් ගමේ සිටින රූමත්ම තැනැත්තිය වන නැන්දාට මහත්ත මාමා මුණගැසී තිබුණේ මියගිය මාමාගේ වන්දියක් ලබාගැනීමට දිවුරුම් කඩදාසියක් අත්සන් කරගන්නට යෑමේදී බවද ඔහු අසා තිබුණේය.

මහත්තයා මාමා ඉක්මනින්ම නැන්දාගේ නිවසට කූඩු විය. ඒත් මහත්තයා මාමා සමඟ කසාද කරදහියට අත්සන් කරන්නට නැන්දා අකමැති වූ වගක් ඔහු අසා තිබුණේය. හමුදාවේ සේවය කළ මාමාගේ පැන්ෂොන් එක නැති වේ යන බියෙන් අලුත් මාමා හා කරදහියට අත්සන් නොකළ බව තම නිවාසවල කතා වෙනවා ඔහුට ඇසී තිබුණි. නැන්දාගේ මේ ක්‍රියාව නොහොබිනාකමක් ලෙස නොව වීරකමක් ලෙස ගම්මුන්ගේ කතාවට මාතෘකාවක් වී ඇති බවද ඔහු දැන සිටියේය. එහෙත් වෙනත් ගැහැනියක එසේ කළේ නම් ඇයට ගම්මැද්දේ හැදෙන කතා හිතාගන්නටවත් බැරිය. ඒ අතින් නැන්දා වාසානාවන්ත බව ඔහුට සිතිණි.

මහත්තයා මාමා ඉක්මනින්ම ගමේ කොයිකවුරුත් සමඟ ඇඟෑලුම් පෑ අතර ඔහු ගමේ කාගේත් ඉඩම් හුටපට ලිහාගැනීමට දැනමුතුකම් දුන්නේය. දිවුරුම් කඩදහි අත්සන්කර ගැනීමට වෙනදා එහා ගම්මානයේ ආඩම්බරකාර ඔපිසර ළඟට යන්නට වූ ගම්මුන්ට මහත්තයා මාමා ආඩම්බරයක්ම විය. පන්සල් වත්ත මායිමේ තිබුණ හුටපටය කෙළවර කර දුන්නේ මෑතකදී බැවින් ඔහු ගමේ පන්සලේ ප්‍රධාන දායකයා වූයේද ඉතාම ඉක්මනින්ය.

“බණ්ඩයියේ?” ඇයගේ හඬින් ඔහු පියවි සිහියට පැමිණියේය.

“ඌ මොනවද කළේ?” ඔහු වහා ඇසුවේය.

ඇය නිහඬවම බිම බලාගත්තාය.

“මොනවද ඒකා කොළේ?” ඔහු උස්හඬින් නැවතත් ඇසුවේය. තමන් අසලින් ගිය ගුරුවරුන් දෙපළක්ද උවමනාවෙන් තමන් දෙස බැලූ බව තේරුම්ගිය ඔහු වහා හඬ බාල කළේය.

“කියාපන් නඟෝ, මාව වහංගු නොකර! මොකක්ද ඒ වලත්තයා කළේ?”

“මොකුත් නෑ. රෑ දෙගොඩහරියේ කවුරු හරි මගේ ළැම අතගානවා වගේ දැනිලා මම කෑ ගහලා නැගිට්ටා.” ඇය ඉකිබිඳිමින් පැවසුවාය.

“ඉතින්?” ඔහු නොඉවසිලිමත් වූවේය.

“ඒකා ඇඳ ඉහත්තාවේ ඉඳගෙන හිටියා.” ඇය බියපත් හඬින් හීල්ලුවේය. “මල්ලිට ඇහැරුණ හින්දා ඌ කාමරයෙන් ගියා.”

“මම ඕකා මරනවා!” ඔහු තෙවන වරටත් අතමිට මොළවා ගත්තේය.

“මට ගෙදර ඉන්ට බයයි අයියණ්ඩි!” ඒ දෑසේ බොහෝ දේ ලියවී ඇති වග ඔහුට රහසක් නොවීය. ඇයගේ එකම ගැලවුම්කාරයා තමා බව ඔහුගේ තුරුණු සිත කියන්නට විය.

“දැන් ඌ කොහේද?”

“අද පාන්දර ගියා.” ඇය කීවාය. “ආයේ එන්නේ සිකුරාදා.”

“බදාදා පසළොස්වක.” ඔහු කීවේය.

“ඇයි?”

“උඔ දැන් ගෙදර පලයන් නඟා.” ඔහු ආදරයෙන් ඇයගේ හිස අතගෑවේය. ඒ වහාම උන්හිටි තැන් සිහි වූ බැවින් අවට බැලුවේය. ළමුන්, ගුරුවරුන් සියල්ල තවමත් පාසල් බිමෙන් පිටව ගොස් නැත.

“උන්ට මොකද! ඒකි මගෙ නඟා.” ඔහු තමාටම කියා ගත්තේය. “නෑ. ඒකි මගේ ඇවැස්ස නෑණා.” ඔහු නැවතත් තමාටම මිමිණුවේය.

“අයියණ්ඩි!”

“උඹ පලයන් මගේ නඟා.” ඔහු තිර හඬින් පැවසුවේය. “උඹ බයවෙන්න එපා. හවසට නානමංකඩ ගාව ගල්පොත්තට වරෙන්.”

ඒ හඬෙහි තමාගේ ආරක්ෂාව රැඳී ඇති වග ඇය හොඳින්ම දැන සිටියාය. පිටි අත්ලෙන් දෑස පිහගත් ඇය වහා තමා එනතෙක් මඟ බලාසිටින යෙහෙළියන් අතරට එක් වූයේ කිසිවක්ම නොවූ පරිද්දෙනි.

පසළොස්වක සඳ මෝරා නැගෙමින් තිබිණි. එහෙත් සුදෝ සුදු වලා සේලය එහි රැස් අවුරමින් ඔහුට සහායට සිටියේය. වලාසේලයෙන් පෙරී එන සඳ කිරණ ඔහුට අවශ්‍ය මඳ එළිය සහිත පරිසරය සකස් කර තිබිණි. අඩ අඳුරේම සිය මිත්තණියගේ නිවස පිටුපස යාලත්තට ගොඩ වූ ඔහු ජනෙල් කවුළුවට සෙමෙන් තට්ටු කළේය. තත්පරයකින් දහයෙන් එකක් ගතවන්නට මත්තෙන් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ඔහුට ඇතුළතින් ඇසුනේය.

ඔහු වහා නිවස පිටුපස වූ වැසිකිළියට මුවා වී ගැහෙන හදින් යුතුව බලා සිටියේය. තවත් මොහොතකින් හඬ නොනංවමින් සිහින් හීරුවට මිත්තණියගේ නිවසේ පිටුපස දොර පළුව ඇරෙන වග ඔහු දුටුවේය. සුදෝ සුදු වතින් සැරසුණු සිහිනයේ දෙව්දුව සඳරැස් අතරින් ඔහු දෙසට පාවෙමින් සිටියේය. ඔහු ඇයට පෙනෙන්නට මොහොතක් මෑත් වූවේය. ඒ වහාම නැවත සැඟවුණේය. පිටුපස පොල්ගස් අතරින් වහ වහා එහෙත් සීරුවට පය ඉක්මන් කළේය. ඇයද ඔහු පසුපසම එන බව තම ගෙලෙහි හිරිගඬු නගමින් වැදෙන ඇගේ හුස්මින් හැඳින්නේය. ඔවුහු දෙණිය මැදින් පැන ඕවිට අසලින් දෙවට දිගේ වනරොද දෙසට ඇදුණෝය. තම රාජකාරිය වටහාගත්තාක් මෙන් වහා වහා වලාසේලයෙන් මිදුණ සඳ එක්වනම වනරොදම එළිය කරමින් තිබුණේය. යෞවනයා හා යෞවනිය කැලෑව මධ්‍යයට කිමිදෙමින් සිටියෝය.

මෑතදී අත්හරින ලද අබරන් ආතාගේ හේන වැටී තිබුණ ඉසව්ව ඝන කළුවරේ හෝ සොයායාමට තරම් මං ඉරියව් ඔහු දැන සිටියේය. ඔහු නිහඬවම කිඳ තරණය කරමින් ඒ දෙසට හැරුණේය. ඇය කිසිවක්ම නොකියා ඔහු පා සටහන් මත තම පා තබමින් සිටියාය. ෙහ්නේ මායිමට පැමිණි බව වැටහුණ ඔහු මඳක් නැවතී නිහඬවම සවන් දුන්නේය. අතුරු අන්තරාවක් නොමැති බව වටහාගත් ඔහු කඩුල්ල පැන්නේය. අතහැර දැමූ හේන මධ්‍යයේ වූ විසල් දඹරුක වෙත ඇදුණේය. මොහොතකින් ඇය දඹරුක මුදුනෙහි වූ පැල්කොටය වෙතට දික්වූ දඬු ඉණිමඟ නඟිමින් සිටියාය. ඇය දෙපසින් සිය දෙඅත් විහිදුවා අල්ලාගනිමින් ඔහුද දඬු ඉණිමඟ නඟිමින් සිටියේය.

ඇය පැල්කොටයට පය තැබුවා පමණි. නිහඬතාව බිඳ පළාතම භීතියට පත්කරමින් මහ හඬක් පැතිරී යන්නට විය. එය සද්දන්තයාගේ කුංචනාදයක් බව ඔහුගේ මනසට වැටහෙද්දීම ඔහු වහා පැල්කොටය වෙත ගොඩ වුණේය. යොෟවනිය සැනසුම් සුසුම් හෙළමින් සඳරැස් මධ්‍යයේ දිලිසෙමින් තිබුණ අත්හැර දැමුණ කුරහන් හේන දෙස නැමී බැලීය.

මහා මූකළානට ඇරුණු පෙදෙසින් දඬුවැට බිඳිමින් හේනට පැමිණ ඇති සද්දන්තයා පසෙකින්ම උගේ පෙම්වතියද රැඳී සිටියාය.

තව මඳක් පමා වී නම් මුහුණපාන්නට සිදු වන අබැද්දිය සිහිව ගිය යෞවනිය එක්වරම යෞවනයාට ළං වූවාය. එහෙත් ඔහු නිහඬවම සිටියේය. “උඹ බයවෙන්න ඕනි සිවුපාවුන්ට නොවේ, දෙපා වුන්ට. මුන් ගැන් බියවෙන්ට කාරි නෑ” වැනි හැඟීමක් ඔහුගේ බැල්මේ රැඳී තිබිණි.

ඇයට ඔහුද සද්දන්ත කුලයේ ලෙසින් පෙනෙමින් තිබුණේය.

“රැලේ පොඩි එකී බිනරී.” ඔහු ඇතින්න හඳුනාගත්තේය. “මූ මේකි පස්සේ යනවා කියලා මම දැනන් උන්නෙ නෑ.” ඔහු කීවේය. මේකි මූ පස්සේ යන වග නොකියන්නට ඔහු හිතාමතා වගබලාගත්තේය.

සද්දන්තයා ඔහුගේ මිතුරෙකු වැනි හැඟීමක් ඒ හඬෙහි රැඳී ඇතැයි ඇයට සිතිණි.

වැව් ඉහත්තාවෙන් හමන සීතල සුළඟට හිරිගඬු පිපෙමින් තිබිණි. එය දරාගත නොහැක්කාක් මෙන් බිනරි සෙමෙන් සද්දන්තයා වටා කැරකෙමින් සිටියාය. ඒ උගේ ඇඟෙහි ගෑවෙන නොගෑවෙන පරිද්දෙනි. ඌ නිහඬවම සිටියේය. එක්වනම තම හොඬවැල දිගු කළ ඌ එය බිනරිගේ හිස වටා ඔතා සෙමෙන් පිරිමදින්නට විය. ඇය සෙමෙන් ඌට ළං වෙමින් අඩවන් දෙනෙතින් තම හොඬවැල ඔසවා ඌට සිප ගැනීමට වඩ වඩාත් ඉඩ ලබාදෙමින් සිටියාය. සද්දන්තයා තම යටි හනුවෙන් ඇයගේ හිස පිරිමදිමින් සිටියේය. ඇය සිය හොඬය‍ උගේ හොඬය හා වෙලමින් වඩ වඩාත් තුරුළුවෙමින් සිටියාය. මහ රාත්‍රිය එළඹි බව දැනගත් නිල් අහස් ගැබ කෝලයෙන් වුවද සුදෝ සුදු සේලයන් උනා දමමින් උන්නාය. සඳ තම සෞම්‍ය රැස් දහරින් නිරුවත් අහස් කුස අඟලකුද නෑර පිරි මදිමින් සිටියේය. රැහැයි හඬ පරයමින් උණුසුම් සුසුම් හඬ නැඟෙමින් තිබිණි. ඔවුහු ආලිංගනයෙන් මත්වෙමින් සිටියෝය. සුසුම් සෙමෙන් ක්‍රමයෙන් කෙඳිරිලි බවට පත්වෙමින් තිබිණි. සෞම්‍ය සඳරැස් වඩ වඩාත් ප්‍රචණ්ඩ වෙමින් නිරුවත් අහස්කුස අතොරක් නැතිව සිපගනිමින් තිබිණි. දැවැන්ත දඹරුක සද්දන්තයාගේ ප්‍රචණ්ඩ ආලිංගනය දරාගැනීමට නොහැකි පරිද්දෙන් සෙලවෙමින් තිබිණි. කහටගහ වැව් ඉස්මත්තෙන් හමා ආ සිහින් සුළං රැල්ලක සැඟව මහා සුසුමක් සමඟ උණුසුම සැඟවී යද්දී සියල්ල යළිත් නිහඬ අන්දකාරයක ගිලෙමින් තිබිණි. වැව් ඉහමත්තේ රැඳුණ නිල් වෙරළු ගසෙහි මල් පීදි ඇති බවට ගතු කියන්නට මෙන් සිහිල් සුළං රැලි ගම දෙසට හමායමින් තිබිණි.

“කැරකෝප්පුව පැත්තෙන් ගොඩවුණොත් වැව ඉම පැත්තේ මහගම හන්දියට යා ගන්න පුළුවන්.” සෙමෙන් ඇගේ වරලස මුදාහරිමින් ඔහු පැවසුවේය.

“කැරකෝප්පුව පැත්තෙන්!” ඇය භීතිය මුසු වූ හඬකින් ප්‍රතිරාවය කළාය. මළවුන්ගේ ගම්මානය පැත්තෙන් මහ පාන්දර තියා දිවා කාලයේවත් යන්නට ගම්මුන් බිය වගක් ඇය හොඳින් දැන සිටියාය. සොහොන් කනත්ත ගැන පබැඳුණු කතා සිහිවුණ ඇගේ සිත බියපත් කරමින් තිබිණි. එහෙත් ඔහුගේ එකම බැල්මකින් ඒ බිය පහව ගියේය.

“මම ටයි පටියත් අරගෙන ආවේ.” ඇය ඔහුට පිටුපා පසෙක වූ සුදුගවුම ඇඟලමින් පැවසුවාය.

ඔහු නිහඬවම සිටියේය.

“ඊයේ රාත්තිරියේ අත්තම්මලා ගෙදර ඉන්න අම්ම කැමති කරගත්තේ බොහොම අමාරුවෙන්.” ඇය නැවතත් කීවාය.

“යමු.” සුදු කමිසය කළිසමට යට කරමින් සැරසුණු ඔහු කීවේය. “මහ හන්දියේ කවුරුහරි හිටියොත් ඉස්කෝලේ තරඟයකට නුවර යනවා කියමු.”

පාන්දර බස් එක ඈඟිරි ගගා එලුවනා කන්ද නඟින හඬ ඇසෙද්දී ඔවුන් දෙදෙනා මහ හන්දියට පිවිසුණා පමණි. අලුතෙන් ඉදිකළ කාපට් මාර්ගය දිගේ බසය වේගයෙන් ඇදෙද්දී ඇය පාසල් බෑගය තුරුළු කරගනිමින් නිහඬවම දෑස් පියාගත්තාය. සද්දන්තයාගේ මතක ඇගේ හිත හිරිවට්ටමින් තිබිණි. ඔහු අරමුණකින් තොරවම අරමුණක් සොයමින් සිටියේය. බසය වේගවත් ගියරයකට මාරුවෙමින් තිබිණි.

තම බසයෙන් බැස අත් අල්ලාගෙනම පාර පැන්න පාසල් පෙම්වතුන් යුවළ ඒ වන විටත් ගමන් ආරම්භ කරමින් තිබුණ මොණරාගල බසයට කඩිමුඩියේ ගොඩවන ආකාරය දෙස හෙට්ටිපොළ බස්රථයේ රියදුරා අරමුණකින් තොරවම බලා සිටියේය. ගුඩ්ෂෙඩ් නැවතුමේ නැවතුම් ඉඩක් ලබා ගැනීම අසීරු බව ඔහු දැන සිටියේය.

“මගේ අම්මා!” මැදිවියේ කාන්තාව ඇය තුරුලු කරගනිමින්ම හිස සිම්බේය. “උඹ ඕකා ගැන අම්මට කිව්වෙ නැද්ද?” ඇය විමසුවාය.

“නෑ.” ඇය ඉකිබින්දාය. “එයා හැමෝටම විශ්වාසයි.”

“මට උඹ බර වැඩි නෑ මගේ කෙල්ලෙ. උඹ මෙහෙ හිටපන්.” මැදිවියේ කාන්තාව යෞවනිය තුරුළු කරගත්තාය. “උඹටත් පුතේ හෙට අනිද්දා විභාගේ නේද?” ඇය යෞවනයා දෙසට හැරුණාය.

“ලබන සතියේ ඉස්කෝෙල් නිවාඩු.” යෞවනිය අතහැර යාමට ඇති අකමැත්තෙන් මෙන් යෞවනයා කීවේය.

“හෙට දිහාට අපි ගමට පණිවිඩයක් යවමු. නැත්තම් උන්දැලා බයවේවි.” මැදිවියේ කත කීවාය.

● ● ● ● ●

එහෙත් ඔවුන් ආ පණිවිඩය ගමට යන්නට පෙරම ගමෙන් පණිවිඩයක් ආවේය. පණිවිඩකරු මෙන්ම සහායකයාද කොළ පැහැති කාකි ඇඳුම් ඇඳ සිටියෝය.

“බාල වයස්කාර තරුණියක් අපහරණය කරලා සඟවාගෙන ඉන්නවා කියලා පැමිණිල්ලක් තියෙනවා.” උස නිලධාරියා පැවසුවේය. ඔහුගේ උරමත පැළඳි නිල ලාංජන කටෝර අව්රස්මයෙන් දිළිසෙමින් තිබිණි.

“විකාර! මේකි මගේ නැති වුණ මලයගේ දුව.” මැදිවියේ කත පැවසුවේය. “උන් නෑගම් ආවේ මාව බලන්න.”

“මේක පොලිස් පැමිණිල්ලක්!” මිටි නිලධාරියා කීවේය. “කරන්න දෙයක් නෑ. පරීක්ෂණයක් කරන්න වෙනවා.” මිටි නිලධාරියා නැවත කීවේය.

“ඒකා මගේ නංගිගෙ පුතා.” මැදිවියේ කත කීවාය. “උන් දෙන්නා ආවේ මං බලන්න.”

“අපිටත් කරන්න දෙයක් නෑ. කළුකබා කාරයෙක් පස්සෙන් පන්නනවා.” ඇගේ කතාවට සවන් දී උන් උස් නිලධාරියා කීවේය. “අපහරණය කළා විතරක් නෙවෙයි....” ඔහු කියවෙන්න ගිය දෙය ගිලගත්තේය.

“අපේ පරීක්ෂණය කරන්න උදව් කරන්න. නැත්නම්... ” මිටි නිලධාරියාගේ හඬෙහි අධිකාරි බලය ගැබ්ව තිබිණි.

යෞවනිය පොලිස් වාහනයෙන්ම රෝහලට යද්දී යෞවනයා පොලිසියට ගියේය.

. . . . . ● ● ● ● ● ●

“චෝදනාව බරපතලයි.” උපැස් යුවළට උඩින් බලමින් මහලු නීතිඥ මහතා කීවේය. “ගෑනු ළමයා දහසයට අඩුයි කියන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්!” ඔහු කීවේය.

“උන් දෙන්නා නෑනයි මස්සිනයි.” මැදිවියේ කත කීවාය. “මේකිගෙත් කැමැත්තෙන් වෙලා තියෙන්නේ.” ඇය යෞවනිය පෙන්වා සිටියාය.

“කැමැත්ත!” නීතිඥවරයා ප්‍රතිරාවය කළේය. “දහසයට අඩු නම් ඉලව් කැමැත්තෙන් වැඩක් නෑ.”

“ඌ මේකි පෙළවහට ගන්න කැමතියි.” මැදිවියේ කත සටන අතනොහැරියාය.

“වැඩක් නෑ.” නීතිඥවරයා පැවසුවේය. “දහඅට වෙනකම් බඳින්න බෑ.”

“ඌට දහඅට පෙරේදාට එපිට දා පැන්නා.” මැදිවියේ කත සතුටින් කීවාය.

“දෙන්නටම මනුස්සයෝ. දෙන්නටම!” නීතිඥවරයා නොරිස්සුම් සහගත බැල්මක් හෙළුවේය “ඉස්සරවෙලාම ඇපයක් ගන්න බලමු.” ඔහු කළුකබායේ උඩ සාක්කුව පිරිමදිමින් පැවසුවේය. “සමහර විට එතකොට දෙන්නටම දහඅට පිරිලා තියෙයි.” නීතිඥවරයා උපහාසයෙන් සිනාසුණේය.

● ● . . . . . ● ● ● ●

“ක්රාස්... ක්රස්.. ක්රස්.., ක්රාස්... ක්රස්.., ක්රස් ... ”

සය වසරකට එහා ඇදීගිය සිතුවිලි දාමය බිඳිමින් ඔහුගේ නීතිඥ මහතා නැඟී සිටියේය.

“ගරු ස්වාමිනී...” ගාම්බීර හඬකින් ඔහු අධිකරණය ඇමතුවේය. “මාගේ සේවාදායකයා වැරැද්ද පිළිගන්නවා ස්වාමිනි. එහෙත් මා ගරු අධිකරණයට ඒ පිළිබඳව වැඩිදුර කරුණු සැලකර සිටීමට අවස්ථාව ඉල්ලා සිටිනවා.” ඔහු මොහොතක් නිහඬව විනිසුරු අසුන දෙස බැලුවේය. හාත්පස පැතිරුණ නිහඬතාව තමාට ලැබුණ අවසරය ලෙස වටහාගත්තාක් මෙන් නැවතත් හඬ අවදි කළේය.

“මීට සය වසරකට පෙර සිදු වූ මේ සිදුවීමෙන් පසු මාගේ සේවාදායක චූදිත තැනැත්තා මෙහි අගතියට පත් තැනැත්තිය විවාහ කරගත් බවට, එම විවාහ සහතිකය ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න මම කැමැතියි. එදා මෙම බාලවයස්කාර නොදරුවන්ගේ හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස උපන්න දරුවාට අද වන විට වයස අවුරුදු හයක් වන බවත් එම දරුවා ඇතුළුව මේ වන විට දරුවන් දෙදෙනකු මෙම දෙපළට සිටින බවත් මම ගරු අධිකරණයට සැලකර සිටිනවා. ”

“ගරු ස්වාමිනි... මෙම තැනැත්තිය ඔහුට දාව තෙවන දරුවා බිහිකරලීමට සූදානමින් පසුවන බවද මම සැලකර සිටිනවා. මීට සය වසරකට පෙර සිදු වූ මෙම සිදුවීම දෙදෙනාගේම කැමැත්ත මත සිදු වී ඇති බාලවයස්කාර දරුවන්ගේ ක්‍රියාවක් බව මම ගරු අධිකරණයට යටහත්ව දැනුම් දෙන්න කැමතියි. ඒත් අද වන විට මෙම චූදිත හා අගතියට පත් තැනැත්තිය සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් සිටින හෙයින් ලිහිල් දඬුවමක් නියම කරන ලෙස මම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ස්වාමිනී!”

“මම විරුද්ධයි ස්වාමිනී...” රජයේ නීතිඥයා නැඟී සිටියේය. “මේක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්.” ඔහු තම රාජකාරියට සාධරණය කරන්නට මෙන් කීවේය.

“නෑ ස්වාමිනි. දූෂණයක් නොවෙයි. කැමැත්ත මත සිදු වූවක්. ”

“දහසයට අඩු නම් කැමැත්තට වටිනාකමක් නෑ.”

“ව්‍යවස්ථාවල තිබුණාට ගමේ උන් දන්නෙ නෑ. අනික 364 (2) අතුරු විධානය යටතේ අවස්ථාවක් තියෙනවා...” මහලු නීතිඥයා උපහාසයෙන් කීවේය.

ඔවුන්ගේ හරඹයෙහි එකම වදනක් හෝ නොතේරුණ යෞවනයා අපහසුවෙන් වුවද සෙමෙන් ඇය දෙසට නෙත් හරවමින් සිටියේය.

හයක් හතරක් නොතේරුණද තමා සිටින තැන ගරුකටයුතු තැනැක් යැයි තේරුණාක් මෙන් ලොකු කොලුවා විසල් කරගත් දෙනෙතින් අවට බලමින් සිටියේය. පොඩි කෙලී ඇගේ උරමතම නින්දට වැටී ඇත්තේය. ඇය බියපත් වූ දෙනෙතින් මෝරමින් පවතින තම කුස පිරිමදිමින් සිටියේය.

“බිනරිත් ආයෙ ගැබ්බර වෙලාලු.” පෙරදා රැයේ ඇය කුස පිරිමදිමින් තෙපලූ අයුරු එක්වරම ඔහුගේ සිහියට නැඟිණි. මහත්තයා මාමා වැව් ඉස්මත්තේදී සද්දන්තයාට ගිනිබිඳ තිබූ බව ඇයට නොකියන්නට ප්‍රවේසම් විය යුතු බවද ඔහුට එසැනින්ම සිහි විය.

“ක්රාස්... ක්රස්.. ක්රස්.., ක්රාස්... ක්රස්... ක්රස්...”

 එහෙත් ඔවුන් ආ පණිවිඩය ගමට යන්නට පෙරම ගමෙන් පණිවිඩයක් ආවේය. පණිවිඩකරු මෙන්ම සහායකයාද කොළ පැහැති කාකි ඇඳුම් ඇඳ සිටියෝය.

“බාල වයස්කාර තරුණියක් අපහරණය කරලා සඟවාගෙන ඉන්නවා කියලා පැමිණිල්ලක් තියෙනවා.” උස නිලධාරියා පැවසුවේය. ඔහුගේ උරමත පැළඳි නිල ලාංජන කටෝර අව්රස්මයෙන් දිළිසෙමින් තිබිණි.

“විකාර! මේකි මගේ නැති වුණ මලයගේ දුව.” මැදිවියේ කත පැවසුවේය. “උන් නෑගම් ආවේ මාව බලන්න.”

“මේක පොලිස් පැමිණිල්ලක්!” මිටි නිලධාරියා කීවේය. “කරන්න දෙයක් නෑ. පරීක්ෂණයක් කරන්න වෙනවා.” මිටි නිලධාරියා නැවත කීවේය.

“ඒකා මගේ නංගිගෙ පුතා.” මැදිවියේ කත කීවාය. “උන් දෙන්නා ආවේ මං බලන්න.”

“අපිටත් කරන්න දෙයක් නෑ. කළුකබාකාරයෙක් පස්සෙන් පන්නනවා.” ඇගේ කතාවට සවන් දී උන් උස් නිලධාරියා කීවේය. “අපහරණය කළා විතරක් නෙවෙයි....” ඔහු කියවෙන්න ගිය දෙය ගිලගත්තේය.

“අපේ පරීක්ෂණය කරන්න උදව් කරන්න. නැත්නම්... ” මිටි නිලධාරියාගේ හඬෙහි අධිකාරි බලය ගැබ්ව තිබිණි.

යෞවනිය පොලිස් වාහනයෙන්ම රෝහලට යද්දී යෞවනයා පොලිසියට ගියේය.

“චෝදනාව බරපතලයි.” උපැස් යුවළට උඩින් බලමින් මහලු නීතිඥ මහතා කීවේය. “ගෑනු ළමයා දහසයට අඩුයි කියන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්!” ඔහු කීවේය.

“උන් දෙන්නා නෑනයි මස්සිනයි.” මැදිවියේ කත කීවාය. “මේකිගෙත් කැමැත්තෙන් වෙලා තියෙන්නේ.” ඇය යෞවනිය පෙන්වා සිටියාය.

“කැමැත්ත!” නීතිඥවරයා ප්‍රතිරාවය කළේය. “දහසයට අඩු නම් ඉලව් කැමැත්තෙන් වැඩක් නෑ.”

“ඌ මේකි පෙළවහට ගන්න කැමතියි.” මැදිවියේ කත සටන අතනොහැරියාය.

“වැඩක් නෑ.” නීතිඥවරයා පැවසුවේය. “දහඅට වෙනකම් බඳින්න බෑ.”

“ඌට දහඅට පෙරේදාට එපිට දා පැන්නා.” මැදිවියේ කත සතුටින් කීවාය.

“දෙන්නටම මනුස්සයෝ. දෙන්නටම!” නීතිඥවරයා නොරිස්සුම් සහගත බැල්මක් හෙළුවේය. “ඉස්සරවෙලාම ඇපයක් ගන්න බලමු.” ඔහු කළුකබායේ උඩ සාක්කුව පිරිමදිමින් පැවසුවේය. “සමහර විට එතකොට දෙන්නටම දහඅට පිරිලා තියෙයි.” නීතිඥවරයා උපහාසයෙන් සිනාසුණේය.

“ක්රාස්... ක්රස්.. ක්රස්.., ක්රාස්... ක්රස්.., ක්රස් ... ”

සය වසරකට එහා ඇදීගිය සිතුවිලි දාමය බිඳිමින් ඔහුගේ නීතිඥ මහතා නැඟී සිටියේය.

“ගරු ස්වාමිනී...” ගාම්බීර හඬකින් ඔහු අධිකරණය ඇමතුවේය. “මාගේ සේවාදායකයා වැරැද්ද පිළිගන්නවා ස්වාමිනි. එහෙත් මා ගරු අධිකරණයට ඒ පිළිබඳව වැඩිදුර කරුණු සැලකර සිටීමට අවස්ථාව ඉල්ලා සිටිනවා.” ඔහු මොහොතක් නිහඬව විනිසුරු අසුන දෙස බැලුවේය. හාත්පස පැතිරුණ නිහඬතාව තමාට ලැබුණ අවසරය ලෙස වටහාගත්තාක් මෙන් නැවතත් හඬ අවදි කළේය.

“මීට සය වසරකට පෙර සිදු වූ මේ සිදුවීමෙන් පසු මාගේ සේවාදායක චූදිත තැනැත්තා මෙහි අගතියට පත් තැනැත්තිය විවාහ කරගත් බවට, එම විවාහ සහතිකය ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න මම කැමැතියි. එදා මෙම බාලවයස්කාර නොදරුවන්ගේ හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස උපන්න දරුවාට අද වන විට වයස අවුරුදු හයක් වන බවත් එම දරුවා ඇතුළුව මේ වන විට දරුවන් දෙදෙනකු මෙම දෙපළට සිටින බවත් මම ගරු අධිකරණයට සැලකර සිටිනවා. ”

“ගරු ස්වාමිනි... මෙම තැනැත්තිය ඔහුට දාව තෙවන දරුවා බිහිකරලීමට සූදානමින් පසුවන බවද මම සැලකර සිටිනවා. මීට සය වසරකට පෙර සිදු වූ මෙම සිදුවීම දෙදෙනාගේම කැමැත්ත මත සිදු වී ඇති බාලවයස්කාර දරුවන්ගේ ක්‍රියාවක් බව මම ගරු අධිකරණයට යටහත්ව දැනුම් දෙන්න කැමතියි. ඒත් අද වන විට මෙම චූදිත හා අගතියට පත් තැනැත්තිය සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් සිටින හෙයින් ලිහිල් දඬුවමක් නියම කරන ලෙස මම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ස්වාමිනී!”

“මම විරුද්ධයි ස්වාමිනී...” රජයේ නීතිඥයා නැඟී සිටියේය. “මේක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්.” ඔහු තම රාජකාරියට සාධාරණය කරන්නට මෙන් කීවේය.

“නෑ ස්වාමිනි. දූෂණයක් නොවෙයි. කැමැත්ත මත සිදු වූවක්. ”

“දහසයට අඩු නම් කැමැත්තට වටිනාකමක් නෑ.”

“ව්‍යවස්ථාවල තිබුණාට ගමේ උන් දන්නෙ නෑ. අනික 364 (2) අතුරු විධානය යටතේ අවස්ථාවක් තියෙනවා...” මහලු නීතිඥයා උපහාසයෙන් කීවේය.

ඔවුන්ගේ හරඹයෙහි එකම වදනක් හෝ නොතේරුණ යෞවනයා අපහසුවෙන් වුවද සෙමෙන් ඇය දෙසට නෙත් හරවමින් සිටියේය.

හයක් හතරක් නොතේරුණද තමා සිටින තැන ගරුකටයුතු තැනැක් යැයි තේරුණාක් මෙන් ලොකු කොලුවා විසල් කරගත් දෙනෙතින් අවට බලමින් සිටියේය. පොඩි කෙලී ඇගේ උරමතම නින්දට වැටී ඇත්තේය. ඇය බියපත් වූ දෙනෙතින් මෝරමින් පවතින තම කුස පිරිමදිමින් සිටියේය.

“බිනරිත් ආයෙ ගැබ්බර වෙලාලු.” පෙරදා රැයේ ඇය කුස පිරිමදිමින් තෙපලූ අයුරු එක්වරම ඔහුගේ සිහියට නැඟිණි. මහත්තයා මාමා වැව් ඉස්මත්තේදී සද්දන්තයාට ගිනිබිඳ තිබූ බව ඇයට නොකියන්නට ප්‍රවේසම් විය යුතු බවද ඔහුට එසැනින්ම සිහි විය.

ප්‍රදීප් රත්නායක

මාතෘකා