අරුවක්කාලු කසළ රඳවනය

 ඡායාරූපය:

අරුවක්කාලු කසළ රඳවනය

කසළ අද වන විට ගොලීය ගැටලුවක් වී හමාරය. ඒ් නිසා කසළ කළමනාකරණය යනු අද ජාත්‍යන්තරව අවධානයට ලක්වු විෂයයක් වුවද අපේ රටේ ඒ ගැන දක්වන උනන්දුවක් නැති බව මේ මීතොටමුල්ල ඛේදවාචකයෙන්ම තහවුරු වී තිබේ. මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය නිසා උද්ගතව තිබෙන දේශපාලන සංවාදවලදී හෙලිවී තිබෙන දේශපාලන කුණු කන්දේ ස්වභාවයද බරපතළය. මේ රටේ කසළ කළමනාකරණයක් සිදු නොවුවත් ඒ පිළිබඳ අවබෝධයක්, හැදෑරීමක් සඳහා ජනතාවගේ මුදලින් පිට රටවල ගිය සංඛ්‍යාවද විශාල බව කියනු ඇසුණි. නිලධාරීන් පමණක් නොව ප්‍රාදේශීය සභා, පළාත් සභා හා ආණ්ඩුවේ සමහ‍ර දේශපාලන ඇත්තන් මේ අවබෝධය ලබා ගැනීම සඳහා ගුවන් ගතවි රට රටවල් දැක බලා ගෙන පැමිණියා මිස ඉන් රටට නම් වැඩක් වී නැත.

සරළව ගණනය කළොත් දිනපතා නිවසක එක් රොක්වන කසළ ප්‍රමාණය අවම වශයෙන් කිලෝවකට දෙකකට අඩු නැත. ඒ අනුව දිනකට මේ රටේ හැම ගමකම හැම නගරයකම ගොඩ ගැසෙන කසළ ප්‍රමාණය සුළු පටු නැත. එසේම දැනටමත් මහනුවර, ගාල්ල, නුවරඑළිය වැනි විශාල ජනගහන එක් රොක්වන නගර වලද මේ කසළ ප්‍රශ්නය මතු වෙමින් තිබේ. තම නිවසේ එකතු වන කසළ පොලිතින් බෑගයක් දමා හෙමින් සීරුවේ අනුන්ගේ ඉඩමකට හෝ වීසි කර යන විනීත මහත්වරුන් බහුල රටක කසළ ප්‍රශ්නය කළමනාකරණය කිරීම අසීරු බවද ඇත්තය

කෙසේ වුවද අද වැඩිපුරම කතාබහ කරනුෙය් බ්ලූමැන්ඩල් සහ මීෙතාටමුල්ල කුණු කඳු ගැනය. මීතොටමුල්ල කුණු කන්දක් වීමට පෙර වගුරු බිමක්ව තිබී ඇත. එතැනට රැගෙන වුත් ඇත්තේ බ්ලුමැන්ඩල්වලට බැහැර කළ කුණු බවද කියති. ග්‍රාමසේවා වසම් අටකට අයත් මීතොටමුල්ල මෙම කුණු කන්ද අවට ප්‍රදේශයේ තිස් දහසකට අධික ජනතාවක් ජීවත්වන බවද වාර්තා වේ. මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව තම ප්‍රදේශයට කසළ බැහැර කිරීම ගැන විරෝධතාවන්ද ප්‍රකාශ කර ඇත. ඒ සියල්ලම පසුගිය රාජපක්ෂ පාලන සම ෙය් රාජපක්ෂ නීතියට යට කරනු ලැබිණ. එපමණක් නොව ‍මෙම කුණු දැමීම තහනම් කරමින් ශ්‍රේඨාධිකරණය විසින් ලබා දෙන ලද නියෝගයක්ද තිබුණි. එහෙත් ඒ අධිකරණ නියෝගවලට සිදුවූෙය්ත් විරෝධතා වලට සිදුවූ ෙද්ම පමණි. දිනකට ටොන් 800ක පමණ කසළ ප්‍රමාණයක් මීතොටමුල්ලට එකතු වී මේ මහා කුණු කන්ද ඉදිවු බවද දැන් හෙළිවී තිබේ. එසේම මේ කුණු කන්දේ ගොඩ ගැසෙන කුණුවලින් තුනෙන් දෙකක් පමණ දෛනිකව කොළඹට පැමිණෙන අයගෙන් ලැබෙන කසළ බවද පැවෙස්. ඒ අනුව මීතොටමුල්ල කුණු කන්ද ගොඩ ගසා මේ මහා විපතට ජනයා ඇද දැමීමේ පාප කර්මයට බොහෝ දෙනකු දායකවී ඇති බවද පෙනේ.

මීතොටමුල්ලේ කුණු කන්ද එක රැයකින්, එක දවසකින්, එක සතියකින් හෝ එක මාසයකින් නිර්මාණය වු එකක් නොවේ. එය අඩුම වශයෙන් අවුරුදු දහයක් දොළහක් තිස්සේ ගොඩ ගැසී, කඳු ගැසී,පළාතටම ශාපයක් වූ කුණු කන්දක් බවට පත්වූ අයුරු කාටත් පෙනේ. එසේම කුණු කන්ද මතින් දියවන්නාවට ගොඩ වු අයද සිටිතියි කියනු ඇසේ. කුණු කඳු තබා මිනී කඳු වුවත් දේශපාලනයේදී භාවිතා කෙරෙන ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට බත් පැකට්ටුවක් ලබාදීමේදීත් සිය මනාප අංකය සටහන් කළ දේශපාලන විකට රූප මේ රටේ හිඟ නැත. ඒවා ගැන කතා කිරීමද නිෂ්ඵල දෙයකි. එහෙත් මේ කුණු කන්දට පැහැදිලිවම වගකිව යුතු ආයතන ලෙස ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා නම් කිරීම වැරදි නැත. කසළ කළමනාකරණය නමැති විෂය අයත් වන්නේ මේ ආයතනවලටය. තම ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතයට අදාළ පහසුකම් සැපයීම ඒ ආයතන සතු වගකීමකි, වගකීම පමණක් නොව නීතිමය බලය තිබෙන්නේද ඒ ආයතන වලටය.

කොළඹ අග නගරය තුළ ජනනය වන ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ ආර්ථික වශයෙන් විභවමය විසඳුමක අවශ්‍යතාව ශ්‍රී ලංකා රජය විසින් කාලයක් තිස්සේ හඳුනාගෙන තිබුණි. මීට විසඳුමක් වශයෙන් කොළඹ ප්‍රදේශය තුල මහා පරිමාණ සනීපාරක්ෂක බිම් පිරවුමක් ඉදි කිරීමට ගන්නා ලද උත්සාහයන් විවිධ සමාජ හා දේශපාලනික හේතූන් මත ක්‍රියාවට නැංවීමට නොහැකි විය.

මේ අතර නොයෙකුත් පෞද්ගලික ආයතන විසින් අපද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට යෝජනා ගෙන ආ නමුත් එමගින් ඝන අපද්‍රව්‍ය අනිසි අන්දමින් බැහැර කිරීමේ ගැටලුවට සුදුසු ප්‍රායෝගික හා ආර්ථිකමය වශයෙන් ශක්තිමක් විසඳුමක් ගෙන ඒමට කිසිවෙකුටත් නොහැකි විය.

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වඩාත් සුදුසු හා ආර්ථික වශයෙන් වඩාත්ම යෝග්‍ය විසඳුම වන්නේ සනීපාරක්ෂක බිම් පිරවුම් ක්‍රමවේදය බව පිළිගත් කරුණකි. එම නිසා 2014 වර්ෂයේදී එවකට පිහිටි ආරක්ෂක හා නාගරික අමාත්‍යාංශය විසින් ගන්නා ලද පළමු පියවර ලෙස ලුණුඔය ග‍ඟේ වාඩිය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත වූ සනීපාරක්ෂක කසළ හුවමාරු මධ්‍යස්ථානය හා අවසන් බැහැර කිරීමේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පිහිටුවනු ලැබුවේ නම් සිදු විය හැකි සමාජයීය, පාරිසරික ගැටලු හා බලපෑම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදි.

ඉහත කාරණා සියල්ල සැලකිල්ලට ගනිමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අදාළ පාර්ශ්වකරුවන්ගේ ආයතන සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා සුදුසු වෙනත් බිම් ප්‍රදේශයක් තෝරා ගන්නා ලදි. අරුවක්කාලු ප්‍රදේශයේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සතුවූ සියෑම් සිටි සිමෙන්ති ලංකා ආයතනය විසින් හුණුගල් ඉවත් කිරීමෙන් පසු අත්හැර දමන ලද ප්‍රදේශයක් මේ සඳහා තෝරා ගන්නා ලදි. අරුවක්කාලුවල අලුතින් හඳුනාගත් ස්ථානයේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු, ලියකියවිලි යාවත්කාලීන කිරීම, නිර්මාණාත්මක හා සැලසුම් සකස් කිරීම ආදිය සඳහා අවශ්‍ය උපදේශන 2013 වසරේ සිට කොරියානු උපදේශන සමාගමක් වන දෝවා ඉංජිනියරින් සමාගම විසින් සිදු කරන ලදි.

ඒ අනුව ඝන අපද්‍රව්‍ය ව්‍යාපෘතියේ ප්‍රධාන සංචරක 04කි.

අ) පැකේජ A (කැලණිය සහ අරුවක්කාලු කසළ හුවමාරු මධ්‍යස්ථාන)

ආ) පැකේජ B (අරුවක්කාලු සනීපාරක්ෂක කසල රඳවනය)

ඇ) පැකේජ C (දුම්රිය මාර්ගය දික් කිරීම සහ

සම්බන්ධ කිරීම)

ඈ) පැකේජ D (Rail engine, Rolling stocks සහ අනෙකුත් අවශ්‍ය උපකරණ මිලදී ගැනීම)

කොළඹ මහානගර සභා බල ප්‍රදේශයේ රැස්වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට ටොන් 700ක් වන අතර අනෙකුත් නාගරික ප්‍රදේශ වල හා කොළඹ තදාසන්න ප්‍රදේශ වල ද ඇතුළුව එය ටොන් 1200ක් පමණ වේ. එම නිසා යෝජිත පහසුකම මගින් ටොන් 1200ක් වන ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී අයුරින් බැහැර කිරීමට අවස්ථාව සැලසේ. යෝජිත සනීපාරක්ෂක බිම් පිරවුම මාස 18කින් පසුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිත අතර ඉදිරි මාස කිහිපය ඇතුළත මෙට්‍රික් ටොන් 600ක ධාරිතාවයෙන් යුතු කොටසක් පමණක් නිමකිරීමෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට හා වෙනත් පළාත් පාලන ආයතන කිහිපයක දෛනිකව කසළ ටොන් 600ක් බැහැරලීමට පහසුකම් සැපයීමට නියමිතය.

යෝජිත සනීපාරක්ෂක බිම් පිරවුම් ප්‍රදේශය අවට සිටින පරිසර සංවිධාන, පරිසර විශේෂඥයන් හා විශේෂයෙන්ම ආගමික නායකයින්ගේ මතයට ගරු කරමින් යෝජිත ක්‍රයාවලිය සඳහා පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය යටතේ අදාළ පාරිසරික අනුමැතියන් ලබා ගැනීමටද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අදාල සියලු පියවර ගන්නා ලදි. ඒ අනුව මූලික පාරිසරික පරීක්ෂණයකින් (IEE) අනතුරුව අදාල පාරිසරික අනුමැතිය ලබා දීමට 2017 මැයි 16 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද නමුත් පාරිසරික බලපෑම් අධීක්ෂණයෙන් අනතුරුව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පාරිසරික අනුමැතිය, 2017 නොවැම්බර් 30 වන දින මධ්‍යම පරිසර අධිකාරිය හා වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් ලබා දෙන ලදි.

නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරීමෙන් පසු අරුවක්කාලු වලදී ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමේ පහසුකම් සැලසුම් කිරීම, සැපයීම සහ ස්ථාපනය කිරීම/ඉදිකිරීම පිළිබඳ ගිවිසුම 2017දෙසැම්බර් 29 වන දින චයිනා හාර්බර් ඉංජිනේරු සමාගම (CHEC) හා චීන සමාගමක් වන නිරිතදිග මහනගර ඉංජිනේරු හා පර්යේෂණ ආයතන (SMEDRIC) සමූහය වෙත භාර දෙන ලදි.

වර්තමානයේ කොන්ත්‍රාත්කරු විසින් අරුවක්කාලු සනීපාරක්ෂක බිම් පිරවුමේ හා කසළ හුවමාරු මධ්‍යස්ථානයේ විස්තරාත්මක සැලසුම් කටයුතු මෙන්ම කැලණිය කසළ හුවමාරු මධ්‍යස්ථානයේ විස්තරාත්මක සැලසුම් සකස් කිරීමේ කටයුතු සිදු කරන අතර අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය සඳහා වූ ප්‍රදේශයේ කැණීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මෙයට අමතරව කැලණිය කසළ හුවමාරු මධ්‍යස්ථාය ඉදිකරන භූමියෙහි තාවකාලික බිම් පිරවුම් කටයුතු සිදු කරමින් පවතී.

අරුවක්කාලුවේ කසළ අංගණය අවට ප්‍රදේශය ජාතික සම්පත් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රදේශයේ ජනතාවට සෙතක් ලැබෙන පරිදි සංවර්ධනය කිරීමට ද යෝජිත ය. ඒ අනුව අපේ පරිසරයට හිතැති අය කළ යුත්තේ මේ වැඩසටහන ක්‍රියාවට නැංවීමට උදව් දීමයි. ඒසේ ෙනාමැතිව ෙමවැනි සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් ෙහළන්නට බාධාකරන්නට වක්‍රව ෙහා් දායකවන බංෙකාෙලාත් ෙද්ශපාලන අනාථයින්ට කියන්නට තිෙබන්ෙන් දේශපාලනික වශෙයන් කුහකයින් ෙනාවී රටේ අනාගත අභිවෘධිය වෙනුවෙන් පෙළ ගැසෙන්නට දැන් කාලය ඒළඹ අැති බවයි.

[දිලංක ගුණතිලක]

මාතෘකා