‘ඉදුකාලම්’ දෙමළ චිත්‍රපටය 23දා තිරයට

 ඡායාරූපය:

‘ඉදුකාලම්’ දෙමළ චිත්‍රපටය 23දා තිරයට

මෙම මස 23 වැනිදා සිට ස්විට්සර්ලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු විසින් නිර්මාණය කරන ලද දෙමළ භාෂිත ශ්‍රී ලංකා සිනමාපටයක් තිරගතවීමට නියමිතය. 'ඉදුකාලම්' නමැති මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා කුනපති කන්දස්වාමි හෙවත් බාබාජිය. මෙහි දිනේෂ්, රාජේෂ්, රාණි කුණපති, රාගු ඇතුළු පිරිසක් සිනමාපටයේ රංගනයේ යෙදෙති. රවී ආචුතන් කැමරා අධ්‍යක්ෂවරයාය. ආර්. එම්. වී. බාලාගේ සංස්කරණයකි. ගීපද රචනා එස්. වී. ආර්. පද්මිණී කැස්පර් රාජා සහ සෙල්වා මුහුන්තාන්ගෙනි. සංගීත අධ්‍යක්ෂවරයා ලෙසින් ආර්. එස්. රවි ප්‍රියාන් කටයුතු කරයි. ‘ඉදුකාලම්‘ සිනමාපටයේ කතාව ඩෙන්මාර්ක් සුරේෂ්ගෙනි. අධ්‍යක්ෂණය මෙන්ම නිෂ්පාදනය ද බාබාජිගෙනි.


සයුරු තෙරයි ආදරෙයි වැඩ අරඹයි

අනුර ශ්‍රීනාත්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන 'සයුරු තෙරයි ආදරෙයි' සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණේ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහත්වරුන්ය. 'සයුරු තෙරයි ආදරෙයි' චිත්‍රපටයට ක්ලීටස් මෙන්ඩිස්, උදාරි වර්ණකුලසූරිය, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, රොඩ්නි වර්ණකුලසූරිය, අනුර මාපිටිගම, අනුර ශ්‍රීනාත්, සමන් අල්මේදා, මනෝහාරි විමලතුංග, බිංදු බෝතලේගම, නෝමන් පලිහවඩන, උදේනි චන්ද්‍රසිරි, ජයතිලක හේරත්, රත්නසිරි රණසිංහ, චන්ද්‍රරත්න මාපිටිගම යන ශිල්පීන් රංගනයෙන් දායක වෙති. තිර රචනය අනුර මාපිටිගමගෙනි.

සංගීත අධ්‍යක්ෂණය සම්පත් හෙට්ටිආරච්චි, ගීතනු නිර්මාණය නවරත්න ගමගේ, විශාරද එඩ්වඩ් ජයකොඩි, බිංදු නිශාන්ත අාදීන්ගෙනි. වේශ නිරූපණය ප්‍රියන්ත රත්නායක, සහාය අධ්‍යක්ෂණය නාරද රත්නායක, කලා අධ්‍යක්ෂණය බන්දුල විමලසේකර, සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිලගෙනි.


කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මේ මස 23 දා සිට ලයනල් වෙන්ඩ්ට්හිදී

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මේ මස 23 වෙනිදා ආරම්භ වීමට නියමිතය. ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානී එම්. සෆීර්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ දේශීය විදේශීය නාට්‍යකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් දින හතක් මුළුල්ලේ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගතවෙයි. එහිදී නාට්‍ය උලෙළට සමගාමීව වැඩමුළු කිහිපයක් ද පැවැත්වෙයි.

මාතෘකා