Plug in hybrid SUV කාණ්ඩයේ වාහන

 ඡායාරූපය:

Plug in hybrid SUV කාණ්ඩයේ වාහන

ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිවීම නිසා ලෝකයේ වාහන භාවිතයේ නව ප්‍රවණතාවය ඇත්තේ Plug in hybrid වාහන කෙරෙහිය. දැනට ලොව වඩාත් ප්‍රචලිතව පවතින සහ නුදුරු අනාගතයේදී භාවිතයට ගැනීමට නියමිත Plug in hybrid SUV කාණ්ඩයේ වාහන කිහිපයක් පිළිබඳ ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.

Audi Q7 – e – tron

Audi Q7 – e – tron යනු Plug in hybrid කාණ්ඩයට අයත් SUV රථයක් වුවද අප දන්නා Plug in hybrid රථවලින් මේ රථය වෙනස් වේ. ඊට හේතුව වන්නේ බහුලව භාවිතා කරන පෙට්‍රල් එන්ජිම වෙනුවට මෙම රථයේ ඩීසල් එන්ජිමක් භාවිත කිරීමයි. අශ්වබල 368ක බලයක් නිපදවීමට මෙම රථය සමත් වේ. විද්‍යුත් මෝටරය මගින් පමණක් කිලෝමීටර් 56ක් රථය ධාවනය කිරීමේ හැකියාව ඇත. Audi හිමිකාරිත්වය දරන වොක්ස් වැගන් ආයතනයට එල්ල වී ඇති වායු දූෂණය පිළිබඳ ගැටලු ඉක්මනින් නිරාකරණය කර ගැනීමට ඔවුන්ට හැකි වුෙණ් Audi Q7 – e – tron හරහාය. වඩාත් අලෙවිවන වාහනයක් බවට පත්වීමට මෙය හේතුවිය හැකිය.

Mitsubishi Outlander PHEV

සිලින්ඩර හතරක එන්ජිමකින් සහ විද්‍යුත් මෝටර් දෙකකින් සමන්විත (ඉදිරිපස හා පසුපසට වෙන වෙනම) මෙම රථය අශ්වබල 200ක හැකියාවකින් යුක්තය. මෙම රථයේ මෝටරය මගින් පැයට කිලෝමීටර් 51.5 ක දුරක් පැයට කිලෝමීටර් 120 ක වේගයකින් ධාවනය කිරීමට හැකියාව ඇත.

BMW X5 xDrive40e

ද්විත්ව බල ටර්බෝ ආරෝපක සිලින්ඩර හතරක එන්ජිමක් ඇති BMW සතු විශාල SUV කාණ්ඩයේ රථය මෙය වේ. අශ්වබල 308ක ශක්‍යතාවයකින් යුතු විද්‍යුත් මෝටරයක්ද මෙම රථයට සම්බන්ධිතය. විද්‍යුත් මෝටරය මගින් පමණක් කිලෝමීටර 22.5 ක දුරක් පැයට කිලෝ මීටර 120ක වේගයෙන් ධාවනය කිරීමේ හැකියාව ඇත. කෙටි ගමන් වාර සඳහා මෙය කදිම රථයකි. ඔබ වාහනය භාවිතා කරන්නේ දුර ගමන් සඳහා නම් මෙම මොඩලයේම ඩීසල් වාහනය වන BMW X5 xDrive35e යන වාහනය භාවිතා කළ හැකිය.

Mercedes – Benz GLE550e

මර්සිඩීස් බෙන්ස් සමාගම විසින් නිපදවූ මධ්‍යම ප්‍රමාණයේ SUV කාණ්ඩයේ රථයකි. ද්විත්ව ටර්බෝ ආරෝපක V6 මෝටරයක් සහ විද්‍යුත් මෝටරය එක්ව අශ්වබල 436ක් ජනනය කරයි. මේ රථය සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා බැටරියකින් සමන්විත වේ. එමෙන්ම ආරෝපණය සඳහා ගතවන කාලයද ඉතා අඩුවේ. පැයට කිපෝමීටර් 130ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ඇත. ඩීසල් මාදිලියේ දුර ගමන් සඳහා මෙම රථය භාවිතා කරන්නන්ට මෙම ඩීසල් මාදිලිය වඩා යෝග්‍ය වේ.

[නදී මාණික්කගේ]

මාතෘකා