නන්දන විරසිංහගේ ‘ක්ෂණ නියාම’ 28 වෙනිදා එයි

 ඡායාරූපය:

නන්දන විරසිංහගේ ‘ක්ෂණ නියාම’ 28 වෙනිදා එයි

නන්දන වීරසිංහගේ නව වැනි කාව්‍ය සංග්‍රහය ‘ක්ෂණ නියාම’ ජූනි 28 වෙනිදා සවස 3.00ට කොළඹ 7, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදකී. ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ රත්න ශ්‍රී විජේසිංහ කවියා විසිනි.


රජත පුස්තක සම්මාන ලත් කෘති නිකුත් වේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් දෙවැනි වරටත් සංවිධාන කරනු ලැබූ “2018 රජත පුස්තක” සම්මාන උළලේ විශිෂ්ටතම කාව්‍ය කෘතියට හිමි සම්මානය ළහිරු කිතලගමගේ ‘කවුළු ඇස පාමුල’ කෘතියට හිමිව ඇති අතර විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ ‘ගිහින් එන්න කානිවල්’ කෘතියටද, විශිෂ්ටතම යොවුන් කතාවට හිමි සම්මානය පියසිරි මාතරගේ ලියූ ‘හිඹුටුදෙණිය කඳු පාමුලින්’ කෘතියටද හිමිව ඇත. සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවත්විණි.


සත්‍යපාල ගල්කැටිය පරිවර්තනය කළ ‘දැවෙන තැන්න’ 30 වෙනිදා එළිදකී

සුප්‍රකට මැක්සියන් ලේඛක හුවාන් රුල්ෆෝගේ The Burning Plain කෙටිකතා ඇතුළත් කෘතිය, සත්‍යපාල ගල්කැටිය විසින් ‘දැවෙන තැන්න’ නමින් පරිවර්තනය කොට ඇත. මෙම කෘතිය ජුනි මස 30 වන දින පෙ.ව. 10ට මහනුවර YMBA ශාලාවේදී එළිදැක්වීමට නියමිත අතර, එහිදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ කථිකාචාර්ය නිමල් විජේසිරි දෙසුම් පවත්වනු ලබයි.

මාතෘකා