නිර්මාණයක පසුබිම

 ඡායාරූපය:

නිර්මාණයක පසුබිම

මිනිසා අන් සියලු ජීවීන් අතරින් සුවිශේෂ වන්නේ ඔහු සතු තර්ක බුද්ධියත් පරිකල්පන හැකියාවත් නිසාය. ඈත අතීතයේ සිට මිනිසා තමා ලද අත්දැකීම් ඇසුරෙන් විවිධ නිර්මාණ බිහි කර ඇත. මේවා භෞතික හා අභෞතික වශයෙන් දෙයාකාරය. කවි, ගීත, නවකතා මේ දෙවගටම අයත්ය. නිර්මාණ ඇසුරු කිරීමෙන් මිනිසා සියුම් අරුත් දැනෙන අයකු බවට පත් වේ. සංවේදී අයකු බවට පත් වේ.

සමාධි පිළිමය දකින අපගේ හදවත්හි පහන් හැඟීමක් ඇති වේ.

උසස් නවකතාවක් කියවු විට අප වෙනස් මිනිසුන් බවට පත්වේ. නිර්මාණයක වැදගත්කම එයයි.

ඒ.ජී.ඒ. සෙනුරි සමාධි

හ/ථෙරපුත්ත ජාතික පාසල,

අම්බලන්තොට.


පැනයක්

පාසලේදී පැන විසඳන යෙහෙළියන්

විටක බනිතත් ආදරෙන්

හුදකලාව සිටින විට

කම්මුල් තෙමා ගෙන වැටෙයි කඳුළැල්

අස්වැසීමට නැත කෙනෙක්

යෙහෙළියන්ට පෙනෙන්නේ

මතුපිට පමණි ජීවිතයේ

ඩබ්.එම්. ගයනිි කවීෂා

11 සී,

දඹදෙණිය මහ විදුහල,

දඹදෙණිය.


සිත

සිත විටෙක අහස වැන්න. විටෙක හැඟීම්වලින් තොරව හිස් වෙයි. විටෙක වකුළු මෙන් හැඟීම් ධාරා සිත වසා විහිදෙයි. විටක විදුලි කොටා අකුණු ගසා තියුණු හැඟීම් දෙදරා යයි.

අචිනි නවෝද්‍යා සෙව්මිණි

10 ශ්‍රේණිය

හ/ථෙරපුත්ත ජාතික පාසල,

අම්බලන්තොට.


මොනරා

මොනරා හරි ලස්සනයි

පිල් විදහා නැටුම් නටයි

අප්පච්චිගේ කුඹුරේ

වී ටික කාලා දුවයි

කුස්සියෙ අඩුපාඩු නිසා

අම්මා කඳුළැලි සලයි

මොනර නැටුම දකිනා විට

පොඩි තරහක් හිතට එයි

ඒත් ඉතින් හැඩ හින්දා

එලවන්නට නොම සිතෙයි

ගයනි චතුරිකා

10 ශ්‍රේණිය,

ඥානෝදය මහ විදුහල, වාරියපොළ


සුරතල් නංගී

හාවො එන්නෙ හඳෙන්ලු

ඉර නැගෙන්නෙ දුරින්ලු

මල් පිපෙන්නෙ ගහේලු

පුංචි නංගි මගේලු

නංගිගෙ නම මුතූලු

මුතු බැඳෙන්නෙ මූදෙලු

මුතූ මට ආදරෙයිලු

මමත් මුතූට එහෙමලු

නා දළු පාටින් දිලිහෙන

ඇගේ දෙතොල් සිරි රන්දන

මුතු ඇට පාමින් හිනැහෙන

කැකුළු සිනහ මන බන්දන

රෝස නෙළුම් මල් විලසින

ඇගේ කොපුල් වතෙහි දිලෙන

කාල වර්ණ කේශ රැඳුණ

හරිම අගෙයි ඇගේ වුවන

පීත වර්ණ මල් පුබුදන

රෝස ගවුම මල් ඉහිරුණ

සැමදින මල් ගවුම් අඳින

මගේ නංගි පොඩි සුරඟන

දුලීප පණ්ඩුක දයාවංශ

සීවලී මැදි මහ විදුහල

රත්නපුර

මාතෘකා