තරුණියක් හා ආදරයෙන් බැඳි ඩොල්පින් මත්ස්‍යයා | ඇස පාදන රැස


තරුණියක් හා ආදරයෙන් බැඳි ඩොල්පින් මත්ස්‍යයා

 ඡායාරූපය:

තරුණියක් හා ආදරයෙන් බැඳි ඩොල්පින් මත්ස්‍යයා

සතෙකුට  ආදරයෙන් බැදෙන්න පුළුවන් ද? ඔව් ඇත්තට පුළුවන් නේද, මොකද අපි අපේ සුරතලුන්  සමග දැඩි ආදරයෙක් බැදෙනවා, ඒ වගේ අපේ සුරතල් සත්තුත් එහෙමයි. ඒත් මේ  කියන්න යන ආදර කතාව එහෙම ආදරයක් නෙමෙයි. අපිට බල්ලෙක් පූසෙක් ගැන ඇතිවෙන  ආදරයක් නෙමෙයි. හරියට මිනිස්සු ගත්තාම විරුද්ධ ලිංගිකයෙකුට ඇති වෙන ආදරය  වගේ ආදරයක්. සත්තුන්ට ඒ වගේ ආදරයක් මිනිස්සු එක්ක පවත්වන්න පුළුවන්ද?  එක්තරා විද්‍යාඥයෙකුයි, එයාගේ සහයකයි හිතුවා ඩොල්පින් මත්ස්‍යයන්ට කතා  කරන්න උගන්නන්න ඉංග්‍රීසි භාෂාව, නමුත් අවසානයේ සිදු වුනේ වෙනත් දෙයක්.  ඩොල්පින් මත්ස්‍යයා අසීමිත ලෙස ඩොල්පින් පුහුණුකාරිණිය සමග ආදරයෙන්  බැදෙනවා. නමුත් ඔවුන් එය හිතා මතා කරපු දෙයක් නෙමෙයි, නමුත් ඒක කොහොම හරි  සිදු වුනා.

ඇත්තටම මොකක්ද වුනේ? මෙතන් පටන් ඒ ගැනයි මේ ලිපිය.  

මේ  කතාව කාලයක් ලෝකයේ දැඩි ලෙස ආන්දෝලාත්මක සිදුවිමක් බවට පත් වි තිබුනා. ඒ  මේ මාතෘකාවක් නිසා “තරුණියක් ඩොල්පින් මත්ස්‍යයෙකු හා ලිංගිකව  හැසිරෙයි”කියන කතාව මතයි. මේ කතාව ඇදී යන්නේ වර්ෂ 1965 ට. ස්නායු වෛද්‍ය  පර්යේෂකයෙකු වූ වෛද්‍ය ජෝන් සී. ලීලී අවුරුදු 6ක් වුනු ඩොල්පින්  මත්ස්‍යයෙකුට ඉංග්‍රිසි භාෂාව කතා කරන්න උගන්න්න දැඩි වෙ‍හෙසක් දරමින්  සිටියා.  

මේ ඩොල්පින් මත්ස්‍යායට නම ලබා දීලා තිබුනේ පීටර්  කියලා. වෛද්‍ය ජෝන් ට පර්යේෂණ ගැන දැනුමක් තිබුනට ඩොල්පින් ලා සමග හැසිරිය  යුතු ආකාරය ගැන දැනුමක් තිබුනේ නෑ.  

ඒ නිසාම ඔහු වයස  අවුරුදු 23ක් වුනු ඩොල්පින් මත්ස්‍ය පුහුණුකාරිණියක් සේවයට ගන්නවා. ඇයගේ නම  වුනේ මාග්‍රට් හව් ව සේවයට බදවා ගනු ලබනවා ඔහුගේ සහයකයා විදිහට. මාග්‍රට්  පීටර් එක්ක ජිවත් වුනේ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නිතරම ගංවතුරට  ලක්වෙන නිම්නයක සදා තිබුනු ගෙදරක. මාග්‍රට් පීටර් සමග සෙල්ලම් කරා, කෑම  කෑවා, පීටර් ළගින් නිදා ගත්තා. පීටර් මාග්‍රට් වටේ ගිහින් සෙල්ලම් කරමින්  කාලය ගත් කරන්න ගොඩාක් කැමැත්තෙන් හිටියේ. පීටර් වැඩියෙන් ම කැමැති වුනේ  මාග්‍රට් එයාගේ බඩ අත ගානවට.  

ඒත් හැමදෙම වෙනස් වෙන්න පටන් ගන්නවා.

මාග්‍රට්  එයාගේ ජර්නලයේ මේ අපූරු වෙනස් වීම ගැන ලියලා තිබුනේ මේ වගේ කතාවක්. “මම  හොයා ගත්තා අපේ සම්බන්ධයේ ඔහු වැඩියෙන් ම කැමැති ම දේ.  

ඔහු  දිගින් දිගටම මගේ කකුලේ ගෑවෙනවා. රවුමට කැරකෙනවා. ඔහුට මං ගැන උද්දීපනය  වෙන හැගිම් යටපත් කරගෙන ඉන්න බෑ කියලා මට දැනුනා.” කියලා ඇය ලියලා තිබුනා.

ඉතින්  පීටර්ගේ හැගිම් තේරුම් ගත්ත මාග්‍රට් ඔහුව තවත් ගැහැණු ඩොල්පින් ලා  දෙදෙනෙකු වන සීසී හා පෑම් සිටිය තටාකයට දානවා. නමුත් දැඩි ආවේගශිලිව  හැසිරුණු මාග්‍රට් ඒ ගැහැණු ඩොල්පින් ලා දෙදෙනාව ගණන් ගත්තේ නැති බව සදහන්.  “පීටර්ට මං ගැන ආදරය හා සමාන හැගිමක් ඇති වෙලා. ඔහු වෙලාවකට ඔහුගේ ලිංගික  ප්‍රදේශ මට පෙන්වන්න උත්සහ කරා.  

සමහර විට ඔහුට ඕන වුනේ මං  එක්ක ලිංගිකව එක් වෙන්න මාව බය කරලා එලව නොගෙන...” මාග්‍රට් ඇයගේ ජර්නෙලයේ  එලෙස ලියා තිබුනා.පසුව ඇය සදහන් කරලා තිබුනේ හරි අපුරු දෙයක්, “මේ  සම්බන්ධය කාලයත් එක්ක එකට සිටිය යුතුම සම්බන්ධයක් බව පත් වුනා. එකට විනෝද  වුනා, එකිනෙකා වෙනුවෙන් බලා ගෙන සිටියා, කෙනෙක් නැති නම් අනිකා දුක් වෙන  තරමට පත් වුනා. මට තව දුරටත් ඔහුට ඩොල්පින් කෙනෙක් කියන්න තරම් හිතුනේ නෑ”  ඇයගේ මේ කතාව තුළින් ඇයත් පීටර් ගැන දැඩි ආදරයක් ඇති වූ බව නම් සදහන්  වෙනවා.  

මාග්‍රට් හා පීටර් ජිවත් වුනු ගෙදර මුහුදු ජලයට  නිතරම යට වෙන ස්ථානයක් එය පරික්ෂණ වලට පහසු නිසාම වෛද්‍ය ජෝන් සී. ලීලීයන්  විසින් නිර්මාණය කර තිබුනා. මෙම නිවසේ පහළ තට්ටුව අගල් 22ක් තරම් උසට  මුහුදු ජලය පිරෙන ලෙසයි නිර්මාණය කරලා තිබුනේ. ඒ නිසා පීටර් ට නිවසේ ඕනෑම  ස්ථානයකට පිහිනා යෑමට හැකියාවක් පැවතුනා.

පර්යේෂණය දිගටම කෙරි ගෙන ගිය අතර පිටර් සමහර ඉංග්‍රීසි වචන කියන්න හැකි වී තිබූ  බව සදහන් වෙනවා. ඉතින් මේ වචන අතරින් පීටර් ට ඉතා පැහැදිලිව “ball” කියන  වචනය උච්චාරණය කරන්න හැකියාව තිබු බව සදහන් වෙනවා. මාග්‍රට් හා පීටර් ඇති ව  තිබූ දැඩි සම්බන්ධය පර්යේෂණ කටයුතු වලට බාධාවක් දක්වා දුර දිග පැමිණෙනවා. ඒ  නිසාම මේ පර්යේෂණය අත් හිටුවා මෙම විද්‍යාගාරය වසා දමන්නට කටයුතු කරන අතර  මාග්‍රට් රැකියාවෙන් ඉවත් වීමට සිදු වෙනවා.

පීටර් ව මියාමි වල තිබූ වෙනත් පර්යේෂණගාරයක් වෙත මාරු කරනු ලබනවා.  

තමන්ගේ  ආදරයෙන් වෙන් වුනු පීටර් සිටියේ දැඩි ලෙස කනස්සල්ලට පත් වෙලා. දිනක්  මාග්‍රට් ට හදිසි දුරකථන ඇමතුමක් ලැබෙනවා. එහි සදහන් වුනු දෙයින් ඇයට දැඩි  වේදනාවක් හා දුකක් ඇති වෙනවා. පණිවිඩයේ තිබුනේ පීටර් සියදිවි නසා ගෙන ඇති  බවයි. දින කිහිපයක් තිස්සේ දුක සේ ගත කළ පීටර් ශ්වසන ගැනිම ප්‍රතික්ෂේප කර  ඔහු සිටි ටැංකියේ ආගාධයටම වී සිට ඇති. සාමාන්‍යයෙන් තල්මසුන් හා ඩොල්පින්  මත්ස්‍යයයන් ශ්වසනය සදහා දිය මතුපිටට එන බව ඕනෑම කෙනෙක් දන්න දෙයක්. නමුත්  පීටර් මේ සියල්ල ප්‍රතික්ෂේප කර සියදිවි නසාගෙන තිබුනා. පීටර් අවසානයේ විරහ  වේදනාව නිසාම මිය ගියා.

බොහො දෙනා මේ සිදුවීමට ගැන විවිධ අදහස් පළ කලේ ය.  

පිටර්  එවැනි හැගිම් වලට පෙළඹෙද්දී ඔහුව එයට ඉඩ නොදී සිටිමට මාග්‍රට් කටයුතු නොකළ  බව බොහො දෙනා චෝදනා කළේ ය. එසේ සිදු වුනේ නම් මේ ඩොල්පින් මත්ස්‍යා මෙවැනි  දෙයකට පෙළඹෙන්නේ නැති බව බොහො දෙනා පැවසුවේ ය. මේ සම්බන්ධය දැඩි ලෙස දුර  දිග ගියත් ඔවුන් කිසිම දවසක ශාරීරික වශයෙන් එක් නොවුනු බව සදහන් වෙනවා.  වෛද්‍ය ජෝන් සී. ලීලි උත්සහ කලේ භාෂාව මාර්ගයෙන් ඩොල්පින් ලා මිනිසාට  කෙතරම් සමිප ද කියා ඔප්පු කිරීමටයි නමුත් අවසානයේ ඩොල්පින් තරුණියක් හා  ආදරයෙන් බැදිම නිසාම ඔහුගේ පර්යේෂණය එක් අතකින් සාර්ථක වූ බවත් සමහර අය  පවසා තිබුණි.

අවසානයේ සිදු වුණේ පර්යේෂණ වෙනතක යාම නිසා අහිංසක සත්ත්වයෙකු ජිවිතයෙන් සමුගැනීමයි.

[සංජේ රණවක]

මාතෘකා