එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නරඹන්න වාර්තාගත ජන ගඟක්

 ඡායාරූපය:

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නරඹන්න වාර්තාගත ජන ගඟක්

සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කොටගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය ඊයේ (30) අති සාර්ථකව මොනරාගල දී පැවැත්විණ.

ප්‍රදර්ශනයෙහි පළමු දින දෙක තුළ (29 හා 30) ලක්ෂ 4කට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නරඹා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සංවිධානය කෙරෙන ව්‍යවසායකයන් දිරිගන්වන විස්සයි විසිපහ මත පදනම් වූ මෙම ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය දින (29) විවෘත විය.

කලාප 12 කින් සහ ප්‍රදර්ශන කුටි 515 කින් සමන්විත මේ ප්‍රදර්ශනයට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් 204ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක් ද ඇතුළත්ය. ව්‍යවසායකයින්ට ණය ලබාදෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම ව්‍යවසායකත්ව කලාපය යටතේ සිදුකෙරෙන අතර නව ව්‍යවසායකයින්ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමට ද මෙහිදී අවස්ථාව හිමිවේ.

මාතෘකා