උපදේශනය

 ඡායාරූපය:

උපදේශනය

“උපදේශනයේ අරමුණ වෙන්නේ පුද්ගලයා තුළ පූර්ණ සංවර්ධනයක් ඇති කිරීම. එතකොට තමන්ට තමන් පිළිබඳ අවබෝධයෙන් හා විශ්වාසයෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම සුවපහසුවෙන් සැහැල්ලුවෙන් ආරක්‍ෂාකාරීව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. රැකියාව පෞද්ගලික ජවිතය සමාජ ජීවිතය සමබරව පවත්වා ගැනීමට හැකි වෙනවා.” - මනෝ උපදේශිකා [ඉවෝනි දිල්කි] 

උපදේශනය යනු කුමක් ද?
උපදේශනය කියල කියන්නේ පුද්ගලයෙකුට තම දෛනික ජීවිතයේ දී අධ්‍යාපනික වෘත්තීමය පෞද්ගලික හෝ සමාජීය කියන ඕනෑම තත්ත්වයක දී මුහුණ පෑමට සිදුවන විවිධ ආතතිකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම. මේ ආකාරයට ඇතිවන ගැටලුකාරී තත්ත්වයන්ට විසදුම් සොයාගැනීම වන්නේ එම පුද්ගලයාගේ අභ්‍යන්තරික ‍ෙභෟතික හා අභෞතික ශක්‍යතාවන් ප්‍රයෝජනයට ගැනීමෙන්,


 උපදේශනය ලබා ගන්න ඕන කවු ද?
උපදේශනය ලබා ගන්නේ කවුද කියන ප්‍රශ්නට බොහෝ දෙනෙක් දෙන උත්තරය තමයි උපදේශනය අවශ්‍ය වෙන්නේ මානසික රෝගීන්ට එහෙමත් නැත්නම් ගැටලුවක් තියෙන අයට කියන එක. නමුත් ඇත්තටම ඕනෑම වයස් මට්ටමක ඕනෑම තරාතිරමක සිටින වෙනස් වීමක් අපේක්‍ෂා කරන ඕනෑම කෙනෙකුට උපදේශන සේවාව ලබා ගන්න පුළුවන්. 


උපදේශනයට ශ්‍රී ලංකාවේ හිමිවෙලා තියෙන්නේ කොයි විධියෙ වැදගත් කමක් ද?
ලංකාවේ පැරණි සංස්කෘතිය තුළ විස්තෘත පවුල් ක්‍රමය තුළ පුද්ගල පෞරුෂ සංවර්ධනය පවුල තුළම සිදුවුණා. පොඩි කාලෙ ඉඳලම හොඳ පරිසරයක් තිබුණා. ගැටළු විසඳා ගැනීමේ හැකියාව පරිසරයෙ තිබුණා. නමුත් වර්තමාන තත්ත්වය වෙනස් න්‍යෂ්ටික පවුල සංකීර්ණ ජීවන රටාවන් එක්ක උපදේශනය අවශ්‍යතාවක් බවට පත්වෙමින් පවතිනවා. වර්තමානයේ දි ලංකාවේ උපදේශන ක්‍ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇතිවෙලා තියෙනවා. සුනාමි ව්‍යසනයෙන් උපදේශනය පිළිබඳ සමාජ කතිකාවත් ඇතිවීම වැඩි උණා වගේම වර්තමානය වෙනකොට සමාජ වෙනස්වීම් එක්ක උපදේශන අවශ්‍යතාවය වර්ධනයක් දැක ගන්න පුළුවන්. 


ලංකාචේ උපදේශනයට ලක්විය යුත්තේ කවරාකාර කොට්ඨාසයක් ද?
කලින් කිව්ව වගේම ඕනෑම අයෙකුට උපදේශනය අවශ්‍ය වෙන්න පුළුවන් . පාසල් දරුවන් නවයෞවනයන් තරුණයන් වැඩිහිටියන් දෙමාපියන් ගුරුවරු ආයතන ප්‍රධානීන් සේවකයන් මේ සෑම කොට්ටාසයක්ම මේකට අදාළයි. ලංකාවේ වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. ඔවුන්ගෙ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම ඉතා වැදගත්. 


ඒ කරුණු ලංකාව තුළ සාකච්ඡා නොවෙනවා ද ඒ ඇයි?
සාකච්ඡා නොවෙනවා කියන්න බැහැ. ලංකාවේ වර්තමානයේ දී උපදේශනයට හොඳ උනන්දුවක් පවතිනවා. ලිංගිකත්වය මත්ද්‍රව්‍ය මානසික රෝග පිළිබඳ සාකච්ඡාවන් පවතිනවා. දැනුවත් කිරීමේ වැඩසටහන් පවතිනවා. නමුත් මෙම වැඩසටහන් බහුතරයකට පුද්ගලයෙකුට මඟහැරෙන අවස්ථා තියෙනවා. දරුවන් හදා වඩා ගැනීම වගේ මාතෘකා සාකච්ඡාවට භාජනය වනවා අඩුයි. ලිංගිකත්වට සම්බන්ධව උණත් බොහෝ පිරිසකට එම දැනුම මඟ හැරෙනවා.


උපදේශනය වෛද්‍යවරයෙක් ළඟට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම තරමට සාමාන්‍යකරණය කරන්න පුළුවන් කොහොම ද?
හොඳ ප්‍රශ්නයක් ඒ වගේම ටිකක් අපහසු කාර්යයක්. ඒකට හේතුව ලංකාවට උපදේශනය කලක් පැරණි වුණත් ලංකාචේ ජනතාවට මේක ටිකක් අලුත් අත්දැකීමක්. ඒ වගේම බොහෝ දුරට මේක සමාජයේ ඉහළ සමාජ පංතිය වටා ඉතා තදින් බැඳී තියෙනවා. උපදේශනයට යොමු වීම ලැජ්ජාවක් ලෙස දකින පිරිසක් සිටිනවා. මෙම ආකල්පය වෙනස් කිරීම වැදගත්. 


උපදේශනයේ වාසි මොනවා ද?
උපදේශනයේ අරමුණ වෙන්නේ පුද්ගලයා තුළ පූර්ණ සංවර්ධනයක් ඇති කිරීම. එතකොට තමන්ට තමන් පිළිබඳ අවබෝධයෙන් හා විශ්වාසයෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම සුවපහසුවෙන් සැහැල්ලුවෙන් ආරක්‍ෂාකාරීව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. රැකියාව පෞද්ගලික ජීවිතය සමාජ ජීවිතය සමබරව පවත්වා ගැනීමට හැකි වෙනවා. තමා තුළ පවතින හැකියාවන් හදුනා ගැනීමට වර්ධනය කරගැනීමට හා එය ඵලදායි ලෙස හාවිතයෙන් රැකියාව පෞද්ගලික හා සමාජ පීවිතය හොඳින් කළමනාකරණය කර තෘප්තිමත් ජීවිතයකට ඉඩ සැලසෙනවා. ජීවිතයට නිවැරදි දැක්මක් අරමුණක් සොයා ගැනීමට හැකි වෙනවා ඒ වගේම තමයි තමන්ගෙ නරක චර්යා හඳුනාගෙන එය වෙනස් කර ගැනිමට අවස්ථාව උදා වීමත් මෙහි වාසියක්. ඒ වගේම තමයි තමන්ට තමාවම අවබෝධ කර ගැනීමට හැකිවීමෙන් අමතර වාසියක් විධියට අනෙකාගේ චර්යාවන් අවබෝධ කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. මේ හැම දේකින්ම ලැබෙන දේ වෙන්නේ ජීවිතය කෘප්තිමත්ව ගත කිරීමේ හැකියාවත් ගැටලු සරළව හා සැහැල්ලු ලෙස කලමනාකරණය කර ගැනිමේ හැකියාව ලැබීම. 

 

 

සාකච්ඡාව [සංඛ රඹුක්වැල්ල]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?