සංවේදී ආරම්භයක් සහ අසාර්ථක අවසානයක් ‍ගෙනෙන

 ඡායාරූපය:

සංවේදී ආරම්භයක් සහ අසාර්ථක අවසානයක් ‍ගෙනෙන

Vinaya vidheye rama

මේ film එක release උනේ මේ අවුරුද්දෙ. තෙලිගු චිත්‍රපටයක් උනු මෙහි රගපාන්නෙ දකුනු ඉන්දියාවම අදුරන Ram charan, ප්‍රධාන නිළිය Kiara advini. අධ්‍යක්ෂ හා තිර රචනය කරන්නේ Boyapati Srinu විසින්මයි. කොහොම උනත් රාම් රගපාන film එකක් සාර්ථක වීමේ සභාවිතාවක් තියෙනව. නමුත් මේ Vinaya vidheye rama චිත්‍රපටයට මොකද උනේ? ඒ ගැන කතා කරමු.

ඉන්දියානු සුපිරි නලු Ram සිටිනා මේ film එකට IMDB 3.7 පමණයි හිමි වී ඇත්තේ. එය එයට ලැබිය යුතු සාධාරණම IMDB අගත් එය බවයි මාගේ අදහස. ඉන්දියාවේ film එකක් මෙතරම් අඩු අගයක් ගැනීමම පුදුමයට කරුණක් වගේම සතුටටද කරුණක්. ඕනෑම ජාතියේ නිර්මාණයක් කර ගොඩ යන්න බැරි බව නිර්මාණ කරැවන් මින් මතුවට මතක තබාගත යුතුය. යම් සාධනීය කරුණුද වැඩි වශයෙන් නිශේධනීය කරුණුද මේ චිත්‍රපටය වරක් දෙවරක් නැරඹූවිට හසුකර ගන්න පුලුවන්.

මෙහි script එක එතරම් සාර්ථක වූවක් නොවේ. එහි අනවශය කතා ප්‍රධාන නලුවා වටා එකතු කර අවසන් සටන් ජවනිකා කීපය වන තෙක් කතාව දීර්ඝ කිරීමට ගත් උත්සාහයක් වගේ. සංවේදී ආරම්භයක් හා ප්‍රවේගකාරී ගලායෑම යම් දුරකට නොගැලපීමක් තිබුනු බව මාගේ අදහසයි.ඉන්දියානු සාම්ප්‍රදායික සිනමා සටන්, සාම්ප්‍රදායික වීරයාගෙන් මේ film එකද අධයක්ෂක බේරාගෙන නැත. කෙසේ උවත් අධයක්ෂ විසින් තිරපිටපත සාර්ථකව රෑගතකර නැති අතර. යම් කිසි ගලායෑමක් කතාවේ නොතිබුනාමත් නෙමේ. එහෙත් එම ගලායෑම අඛණ්ව පවත්වා ගැනිමට බැරි වීම ගැන අධයක්ෂ හා කැමරකරණය යන අංශ දෙකම වගකිව යුතුය.

කැමරාකරන (DOP) යම්තාක් දුරට ඉතා සුමට shots වලට ගොස් තිබූ නමුත් එය සාර්ථක කැමරාකරණයක් කීමට තරම් හැකිවාක් නම් නෑ.

editor ගේ කාර්‍ය ඔහු ඉටුකර ඇති බව පෙනේ. නමුත් ඔහුත් DOP සේම සමාන සේවයක් සිදුකර තිබූ අතර dancing item හොදින් සංස්කරණය වී තිබු බව පිළිගන්න අවශයයි. එහෙත් දුර්වල පිටපතක්, දුර්වල අධයක්ෂණයක් , තරමක් සාර්ථක කැමරාකරණය, එසේම තරමක් සාර්ථක සංස්කරණයක් කිසිසේත් චිත්‍රපටයට ප්‍රමාණවත් වන්නේනම් නැත.

කලා අධයක්ෂනය අතින් ගත්තද ඉන්දියානු සිනමාව එක්ක සැසදීමේදි ප්‍රමාණවත් වන්නේ නම් නැත. ස්ථාන කීපය හැර අනෙක් කොටස් වල එතරම් කලා අධයක්ෂනයක් දැකගැනිමට නොහැක.

Costume අතින් තරම්ක් සාර්ථක වී ඇත.

VFX තාක්ෂණය අතින්ද ඉතාම ප්‍රාථමික මට්ටමේ සිනමා කෘතියක් බව නම් කියන්න අවශ්‍ය ම කරුණක්.

Color grading අතින්ද මහා ලොකු සිනමාත්මක බවක් film එකට ලැබී නැත. එය මෙම film එක අසාර්ථක වීමට බලපැ තවත් ප්‍රධාන කාරණයක්.

රංගනය අතින්ද මහා ප්‍රතිභාවක් කිසිවකුගෙන් මා දැක්කේ නැත. කොතරම් අසාර්ථක film එකක් උනත් නලුවන්ට පුලුවන් වෙන්න ඕනෙ තරමක් දුරට හරි ගොඩ දාන්න. ඒයව ත් මම මේ film එකෙන් දැකකේ නැත.

dancing අතින් මෙම film එක හොදමට්ටමක තිබුනුබව එකහෙලා පිළිගන්න කාරණාවක්. ඒ වගේම sound අතින්ද සාර්ථක චිත්‍රපටයක්.

Music නැත්නම් මේ ච්‍රිත්‍රපටය නොබලා ඉවත් කල යුතුම film ය කියන හැගීම මගේ පෞද්ගලික අදහසයි. මෙහි තිබු emotional, action , වගේ තැන් වල තිබු දුර්වතාව තරමක් දුරට හරි අඩු කලේ music බව කිව යුතුමය.

කුමන හෝ විදියකට film එකක් ලෝකයේ අසාර්ථක වනවාට මාගේ කැමැත්තක් නැත. නමුත් ප්‍රේක්ෂකයා ලබාදී ඇති ප්‍රතිචාරය මෙවැනි චිත්‍රපටයක ට උරුම විය යුතුමය.

[ටිෂාන් සදරුවන්]

මාතෘකා