හෙළ මූලාශ්‍ර කැටුව ආලින්දයට ගොඩවන ”රාවණ”

 ඡායාරූපය:

හෙළ මූලාශ්‍ර කැටුව ආලින්දයට ගොඩවන ”රාවණ”

හෙළ ජන මූලාශ්‍ර සහ පර්යේෂණ ඇසුරෙන් ”රාවණ” කථා පුවත අළලා නිෂ්පාදනය කරන ප්‍රථම ටෙලිනාට්‍යය වන්නේ "රාවණ" ටෙලිනාට්‍යයයි. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම ආයෝජන පිරිවැයක් දරා නිෂ්පාදනය කරන ලද ටෙලිනාට්‍යයක් වන “රාවණ” නොවැම්බර් මස 25 වන දා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30 ට TV දෙරණෙන් විකාශය වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ “රාවණ” කථා පුවත අළලා නිශ්පාදනය කරන ප්‍රථම ටෙලිනාට්‍යය මෙය වේ. ”රාවණ” ටෙලිනාට්‍යයකට යොදාගෙන ඇති අතිනවීන පරිගණක සජීවීකරණ සහ දෘෂ්‍ය ප්‍රයෝග මෙරට ටෙලිනාට්‍යයකට භාවිත කරන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

රාවණ කතා සාරාංශය

මහා මන්දාතුක යක්ක රජ පරපුරේ සුමාලි, මාලි, මාල්‍යවන් තුන්බෑ සොහොයුරන් භාරත සුරයන්ලා හා සටනින් පරදියි. මාලි සටනින් මිය යන අතර සුමාලි මහරජු ගිනිකොණදිග ලංකාවේ භූගත මාලිගාවකටත් මාල්‍යවන් රජු මාල්‍ය දූපත් නොහොත් මාලදිවනයිනටත් පසු බැස සැඟවී යයි. භාරත සුරයන්ලා දේශීය දේව ගෝත්‍රික කුවේරට රාජ්‍ය භාර දී ආපසු යන්නේ ඔවුනුත් සුරයන් මෙන්ම දෙවියන් යදින්නන් වන නිසාමයි.

කිසිදා නොපැතූ රජකමකින් උද්දාමයට පත්වන කුවේර චන්ද්‍රහාස අසිපත දරා යක්ක, නාග, දේව, මුණි සියලු දෙනාගේ මහරජුන් ලෙස ප්‍රතිඥා දෙන්නට උත්සහ කරයි. එය අසාර්ථක වීමෙන් කිපී යක්ක ගෝත්‍රිකයන්ට හා මුණි දහමේ යෙදෙන්නන්ට හිරිහැර කිරීමට පටන් ගනියි.

මින් මි දී යළි යක්කයන් නඟාසිටුවීමට රාවණ උපත ලැබිය යුතු බවන පුලස්ති ඍෂිතුමන් විසින් ඍෂි මනසින් බලා තීරණය ගනු ලබන අතර එතුමන් ඒ වෙනුවෙන් තම ශිෂ්‍ය පුත්‍රයාට දාව යක්ක කුමාරිකාවක් ගැබ් ගත යුතු බව නිගමනය කරයි.

සුමාලි රජුගේ දූ කුමරියක් ඒ සඳහා යෝජනා වේ. ඒ රකා කුමරියයි. රකා සහ සොයුරිය කයිකසී විශ්‍රවස් මුනි වෙත පිටත් වෙන්නේ ඒ වෙනුවෙනි.

දේශාන්තර වෙළඳාමේ සිටුවරයකු වන බටහිර වෙරළවාසී නාග ගෝත්‍රික මණිනාග ”නාගයන් මින් පෙර කිසිදිනක ලබා නොගත් හෙළ දේශයේ රජකම” වෙනුවෙන් උපක්‍රමශීලී උත්සාහයක යෙදී සිටින්නේ සිය වත්පොහොසත්කම් හා ජාත්‍යන්තර සම්බන්ධතා යොදා ගනිමිනි. හෙළ දේශයම තම අණසකට ගනිමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩනැඟීම ඔහුගේ දැක්මයි. සිය පියා සේම යමින් ඍෂි මතයට බලපෑම් කර විශ්‍රවස්ට දාව පුත් කුමරෙකු ලබා ඔහු රාවණ කිරීමට බලාපොරොත්තු වන මාලනී ද උපක්‍රමශීලීව මුණි ආරණ්‍යයට ඇතුළු වේ.

රකා හා විශ්‍රවස් සරණ මංගල්‍යය චාරිත්‍රානුකූලව සිදුවේ. සුමාලි රජුන් සොයා මරා දැමීමට ගන්නා කුවේර රජුගේ උත්සාහයේ ද අඩුවක් නොවේ.

තම සොයුරියන්ට විපතක් යැයි ලද මුසා පණිවුඩයක් මත සුමාලි රජුගේම දූ කුමරියක වන කයිකසී කුමරියගේ විෂම නිවුන් සොයුරිය පුෂ්පොත්කටා විශ්‍රව මාලිඟාව වෙත තනිව යන්නේ තම සොයුරියන් දෙදෙනා බේරා ගැනීමටයි. අතරමඟ මුහුණ දෙන උපද්‍රව බොහොමයකින් මි දී ඇය විශ්‍රවමුනි වෙත ළඟා වේ.

දේහ ලක්ෂණ මත හා පුලස්ති ඍෂිගේ යෝජනාව අනුව විශ්‍රවස් හා පුෂ්පොත්කටා එකතු වන්නේ රාවණගේ මෑණියන් වීමට සුදුසුම තැනැත්තිය ඇය වන නිසාය. ඒ අතරම උපක්‍රමශීලී මාලනී සියලු දෙනා යටත් කරගෙන විශ්‍රවමුනි හා බලෙ‍න් යහන්ගත වේ.

රකාට දුවකත්, පුෂ්පොත්කටාට පුතෙකුත්, මාලනීට පුතෙකුත් අනුපිළිවෙළින් උපදී. පුලස්ති ඍෂි ඔවුන් පිළිවෙලින් සුපර්ණකා, රාවණ සහ විභීෂණ ලෙස නම් කරයි.

රාවණාගේ උපතත් සමඟ චක්‍රවර්ති රජෙකුන් ලොව පහළ වන විට ඇති වන සියලු වෙනස්කම් මෙන්ම චක්‍ර රත්නය, හස්ති රත්නය, අස්ස රත්නය, ඉත්ති රත්නය, මාණික්‍ය රත්නය, ගහපති රත්නය, පරිනායක රත්නය යන රත්න හතද පහළ වේ.

භාරත සුරයන් හා එක්ව ක්‍රියාත්මක වන බලලෝභී කුවේරයන්ගේ රාවණ ඝාතනාපේක්ෂිත ආක්‍රමණයන්ගෙන් බේරී සැඟවුණු ළමා හා නවයොවුන් කාලයක් ගෙවා තම රුධිරගත උරුමයේ නඟා සිටුවීම වෙනුවෙන් හැ දී වැඩුණු දස ශීර්ෂපති, ද ශාස්ත්‍රපති, විද්‍යාඥ, වෛද්‍ය ශිරෝමනී, මහා ඍෂි, චක්‍රවර්තී රාවණයන්ගේ විද්‍යුත් ශ්‍රව්‍ය දෘෂ්‍ය පුනරාගමනයයි ”රාවණ”.

මාතෘකා