අයිවෝ ඩෙනිස් : කුරුළු පාරාදීසයේ මියුරු රාවය

 ඡායාරූපය:

අයිවෝ ඩෙනිස් : කුරුළු පාරාදීසයේ මියුරු රාවය

අයිවෝ ඩෙනිස් වැනි ගායන ශිල්පියකු අපේ මතකයට  නැගෙන්නේ අවුරුද්දකට වතාවක් දෙකක් පමණි. ඒ නත්තල් සමයක කිතුනු ගීයෙන්  එහෙමත් නැත්නම් නිදහස සමරන පෙබරවාරි මාසයේදී දේශාභිමානී ගීතවලිනි . හැම  වසරකම අසිරිමත් නත්තල සමරන  නත්තල් මාසයේ කිතුණු ගීයෙන්ද,  නිදහස සමරණ  පෙබරවාරි මාසයේ දේශාභිමානී ගීයෙන්ද අපේ සිත් නිරන්තරයෙන් අවදි කරන්නේ අයිවෝ  ඩෙනිස් වැනි ශිල්පීන් විසිනි. අයිවෝ ඩෙනිස්ගේ ගීත ගැන කතා බහක්  ඇති කිරීමට  අදහසක් හිතට නැගුණේ මීට සතියකට පෙර දිනෙක ඔහුගේ ගී ප්‍රසංගයක්  සහ උපහාර උළෙලක් සංවිධානය කර තිබූ නිසාය. අසූවැනි වියේ පසුවන මේ ගායන  ශිල්පියාගේ "කුරුලු පරාදීසයේ"   ගී ප්‍රසංගයේදී ඇසුණු ඔහුගේ මියුරු  ගීතාවලිය සවනට වැටෙන විට කිසිම රසිකයෙකුට ඔහු අසූවැනි විය ඉක්මවා  සිටින්නෙකු ලෙස කිසිවිටෙකත් නොහැ‍ඟේ. මන්ද ඒ තරමට මිහිරිව  නියම ශ්‍රැති සහ  තාලස්ථානයන්හි පිහිටා  ගී ගැයිමට තරම් ශක්තියක් ඔහුට තිබෙන බැවිනි.

අයිවෝ  ඩෙනිස්ගේ දේශාභිමානී ගීත නිරන්තරයෙන් අසා ඇති නිසා තවදුරටත්  ඒ ගීත අසනු  වෙනුවට කලාතුරකින් ඇසන ‍එසේත් නැත්නම් ඔබ මීට පෙර අසා නැති අයිවෝ ඩෙනිස්ගේ  ප්‍රේම ගිත කීපයක් අද දවසේ කතාබහට එකතු කරන්නට සිතුවෙමි.

කුරුලු පරාදීසයේ කුරුලු ගිත සාගරේ ඔබ හා විසුමට එන්නම් කුරුලු සුරපුරේ
(තිලක් සුදර්මන්ද සිල්වා / සුනිල් සාන්ත)

දශක  පහකටත් වැඩි දිගු ඉතිහාසයක් ඇති මේ ගීතය සිංහල ගීත රසිකයන්ගේ තුඩ තුඩ රැව්  දුන් ගීයකි. මේ ගීයේ ජනප්‍රියත්වය එදා මෙන්ම අදටත් නොනැසී පවතින්නේ  එහි  ඇති සරල බවත් මධුර බවත් නිසාමය.

සුනිල්  සාන්තයන්ගේ සංගීතයෙන් හැඩ වූ මේ ගීතය සුනිල් සාන්තයන් විසින්ම ගුවන්  විදුලියේ ඉදිරිපත් කළ "රන්වැට" නම් වූ ගුවන් විදුලි වැඩසටහනට ගායනා කරමින්  ගී ලොවට පිවිසියේය.  අයිවෝ ඩෙනිස් තමන්ගේ මුල්ම ගියෙන් සංගීත කරලියේ තම නම  රඳවා ගැනිමට සමත්වන්නේ මේ ගීතය නිසාය. ඔහු අද  අසූවැනි වියේදිත් මේ ගීය  ගායනා කරන විට මට හැඟුණේ  වයසට ගොස් ඇත්තේ ඔහු නොව අප බවයි.ඕනෑම  ගායන ශිල්පියෙකුට සිය ජීවිතයේ සැඳෑ සමයේ මිහිරට ගී ගැයිම අපහසුය. ගායනයේදී  නියම ස්වරස්ථානයන්හි හඬ නොපිහිටීම, මුල් යුගවල තරම් ගායනය සඳහා ජවයක්  නොතිබිම වැනි ගීතයක් රස ගැන්විමට අත්‍යවශ්‍යම සාධක වයෝවෘද්ධ භාවයත් සමගම  ශිල්පියා තුලින් බැහැරවීම සාමාන්‍ය ලක්ෂණයයි. එය ගී ගයන නොගයන අප කාටත්  පොදුය. ඒත් ඇතැම් විට  වියපත් වූ පසුව එවැනි ශිල්පීන්ගේ ගායනාවලට රසිකයන්  පෙම් බඳින්නේ ඔවුන් ගොඩනගා ගත් කීර්තිය සහ ජනප්‍රියත්වය තවදුරටත් පිළිගන්නට  පුරුදුව සිටින බැවිනි.

අයිවෝ ඩෙනිස් ඊට හොඳම  නිදසුනකි. ඔහු වයසින් ගෙවන්නේ ජිවිතයේ සැඳෑ සමය වුවත් ගායනයෙන් තවමත් තරුණ  හඬක් සහිතය. සංගීතයෙන් ඔහු ගොඩනගා ගත් පෞරුෂය  අසූවැනි විය ඉක්මවා සිටියද  නියම ස්වරස්ථානයන්හි පිහිටා නව ජවයකින් යුතුව තවමත් ගායනයේ නියැලෙයි. එය අප  ලද භාග්‍යක් සේම සිංහල ගීත රසිකයන්ගේද  වාසනාවකි.

අයිවෝගේ  නිරන්තරයෙන් ඇසන දේශාභිමානී ගීතවලට වඩා මතු දැක්වෙන ගීතයේ දැනෙන ජීව ගුණය  අප සිත් නැවුම් ඉසව්වකට කැඳවයි.  මේ ගීතයේ පද රචනය කවුදැයි මටද සොයාගත  නොහැක. එසේ වුවත් කලාතුරකින් ඇසෙන මේ ගීය ඔබ මිට පෙර ඔහුගේ අසා ඇති  දේශාභිමානී ගීවලට වඩා බෙහෙවින්ම වෙනස් ය.

අන්න බලන් මගෙ මැණිකේ ගොයම දිලෙනවා
ගොයම දිලෙනවා .....
මඳ සුළගේ නැළවි නැළවි  පවන් සලනවා...
පවන් සලනවා
ඔබේ ගතින් හෙළු ඩා බිඳු එකට මුසුවෙලා
එකට මුසුවෙලා බණ්ඩි ගොයම තුළ සැඟවී
කරල් පැහෙනවා....... කරල් පැහෙනවා
ගී පද මාලාව -සංගිතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගැයුම - අයිවෝ ඩෙනිස්  සහ මාලනී බුලත්සිංහල  

සුනිල්  සාන්තයන්ගේ සංගීතයේ ආභාෂය අයිවෝ ඩෙනිස්ගේ ගීවල පැහැදිලිව දැකිය හැකිය.  ඇතැම් විට එය ගී රසිකයන්ට දැනෙන්නේ හඬ අනුකරණය කිරිමක් ලෙසය. ඒ ඔහු  සුනිලුන්ගේ ගී ආභාෂය සහ ගායන ශෛලිය අනුගමනය කර තිබූ හෙයිනි. කෙසේ වුවත්  අයිවෝ ඩෙනිස් ගැයූ කුරුලු පරාදීසයේ ගීතය සේම , දකුණ නැගෙනහිර, අභිමානනීය වූ  නවෝදයේ හිරු, සැළෙන ළෙලෙන උකුලු තලේ, වලාකුලින් බැස, වැනි දේශාභිමානී ගීත  සිංහල ගීත වංශයේ රන් අස්වනු සේ හැඳින්විම නිවැරදිය. අප බාල වියේදී ඇසූ ඒ  දේශාභිමානී ගීත තවමත් මතකයෙන් බැහැරව නොයන්නේ ඒ නිසාය.අයිවෝගේ  ගායනයට හසුවුන ගීත ප්‍රමාණය ඉතාමත් සිමිත  වුවත් වේදිකා නාට්‍ය, ටෙලි  නාට්‍ය, සිනමාව, සරළ ගීතය, කැසට් ගීත ආදී  විවිධ ඉසව් ඔස්සේ ඔහුගේ ගායන  පරාසය විහිද ගොස් තිබීමද විශේෂය. දේශීය සංගීතය, හින්දුස්ථානි සංගීතය,  බෙංගාලි සංගීතය, බටහිර සංගීතයේ මුසුවත් ඔහුගේ ගී තුළ ඇති බව  පෙනේ.විශේෂයෙන්ම සුනිල් සාන්තයන් අනුගමනය කළ සංගීත ශෛලිය බෙංගාලි සංගීත  සම්ප්‍රදායට සමීප වූ බැවින් සුනිල් සාන්තයන්ගේ සංගීතයේ ශෛලිය අයිවෝ ගැයූ ගී  වලින්  අපට දැකිය හැකිය.

එසේ වුවද සුනිල්  සාන්තයන්ගේ හැරුණු විට  අයිවෝගේ ගායනයේ ස්වර පරාසය සහ ඔහුගේ ගී හඬ  පැහැදිළිවම හඳුනාගත් අනෙක් සංගීතවේදියා වූයේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ඒ  නිසාම අයිවෝගේ ගී හඬින් නියම විපුල පළ නෙළා ගැනිමට කේමදාසයන්ට හැකිවිය.  කේමදාසයන්ගේ සිනමා සංගීතයට අයිවෝ ඩෙනිස් දායක කරගැනිමට තරම් දුර දක්නා  නුවනක් ඔහුට තිබුණි. මතු දැක්වෙන ගීයද කේමදාසයන්ගේ නිර්මාණයකි. සංසාරගත  ප්‍රේමයක විරහ වේදනාව ගීතයේ තවරා හදට දැනෙන ගීතයක්  බිහිකිරීම සඳහා මේ හඬ  මුසුව කෙතරම් ඉවහල් වි ඇද්දැයි සිතෙන්නේ හුදකලාවක මේ ගීත නිස්කාංසුවේ අසාගෙන  සිටින මොහොතකදී ය. මේ අයිවෝ ඩෙනිස් ගැයූ එවන් රමණීය විරහ  ගීයකි.

ඉරවට යන ගිරවියනේ මගේ ගිරවිය කොහිද අනේ
ගී පද මාලාව - ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම - අයිවෝ ඩෙනිස්               

අයිවෝගේ  චිත්‍රපට පසුබිම් ගී අතර බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා හිනැහෙනවාගීතයත්,  අවරගිර චිත්‍රපටයේ බමරුද බමරුද ගිතයත්,  හිමකතර චිත්‍රපටයේ කන්ද එහා වැස්ස  වසින්නා ගීතයත් කේමදාසයන්ගේ සිනමා සංගී‍තයේ අමරණීම සටහන් ය. ඒ හැරුණු විට  ආදර හසුන චිත්‍රපටයේ රෝහණ වීරසිංහගේ සංගීතයට සුනිල් එදිරිසිංහ සමග ගැයූ රන්  දෙවොලින් බැස එන් දෙයියෝ ගීතයද අයිවෝගේ සිනමා ගී සිත්තම් අතර වේ. ඒ  හේතුවෙන්ම 1985 වර්ෂයේදී හිමකතර චිත්‍රපටයේ කන්ද එහා වැස්ස වසින්නා ගීය  වෙනුවෙන් එම වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියා ලෙස ජනාධිපති  සම්මානය පවා ඔහුට හිමිවිය.අයිවෝගේ ගායනයට හසුවුන ගීත ප්‍රමාණය  ඉතාමත් සිමිත  වුවත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව, සරළ ගීතය, කැසට්  ගීත ආදී  විවිධ ඉසව් ඔස්සේ ඔහුගේ ගායන පරාසය විහිද ගොස් තිබීමද විශේෂය.  දේශීය සංගීතය, හින්දුස්ථානි සංගීතය, බෙංගාලි සංගීතය, බටහිර සංගීතයේ මුසුවත්  ඔහුගේ ගී තුළ ඇති බව පෙනේ.විශේෂයෙන්ම සුනිල් සාන්තයන් අනුගමනය කළ සංගීත  ශෛලිය බෙංගාලි සංගීත සම්ප්‍රදායට සමීප වූ බැවින් සුනිල් සාන්තයන්ගේ සංගීතයේ  ශෛලිය අයිවෝ ගැයූ ගී වලින්  අපට දැකිය හැකිය.  අයිවෝගේ  චිත්‍රපට පසුබිම් ගී අතර බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා හිනැහෙනවාගීතයත්,  අවරගිර චිත්‍රපටයේ බමරුද බමරුද ගීතයත්,  හිමකතර චිත්‍රපටයේ කන්ද එහා වැස්ස  වසින්නා ගීතයත් කේමදාසයන්ගේ සිනමා සංගී‍තයේ අමරණීම සටහන් ය. ඒ හැරුණු විට  ආදර හසුන චිත්‍රපටයේ රෝහණ වීරසිංහගේ සංගීතයට සුනිල් එදිරිසිංහ සමග ගැයූ රන්  දෙවොලින් බැස එන් දෙයියෝ ගීතයද අයිවෝගේ සිනමා ගී සිත්තම් අතර වේ. ඒ  හේතුවෙන්ම 1985 වර්ෂයේදී හිමකතර චිත්‍රපටයේ කන්ද එහා වැස්ස වසින්නා ගීය  වෙනුවෙන් එම වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියා ලෙස ජනාධිපති  සම්මානය ඔහුට හිමිවිය.සුනිල් සාන්තයන්ගේ ගීත සම්ප්‍රදාය  අනුගමනය කළ ගායන ශිල්පියෙක් ඒ ආභාෂයෙන් මිදී කේමදාස සම්ප්‍රදායට අනුගත විමට  නම් ඒ ශිල්පියාට සංගිතය පිළිබඳව මනා අවබෝධයක් සහ වැටහීමක් තිබිය යුතුය.  එසේ නොවුන හොත් ඒ ශිල්පියා කේමදාස සංගීත සම්ප්‍රදාය තුළ අතරමං වේ. ඒ  සම්ප්‍රදාය සැනෙකින් ශිල්පියෙකුට හදුනා ගැනිමට යම් තරමක අපහසු කටයුත්තක්  වුවද අයිවෝ ඩෙනිස්  මුල සිටම කේමදාසයන්ගේ සංගීත ක්‍රම පිළිබඳව පැහැදිළිවම  අවබෝධ කරගෙන තිබුණි. ‍ඒ නිසාම කේමදාසයන් මියයන තෙක්ම ඔහුගේ ඔපෙරා කැන්ටාටා  සංධ්වනිවලට දායක විමට අයිවෝට හැකිවිය.

කලාතුරකින්  අයිවෝ ඩෙනිස්ගේ හඬින්  ඇසෙන ප්‍රේම ගීතවල දැකිය හැක්කේ අපූරු  සෞන්දර්යකි. ගායන ශිල්පියෙකු ප්‍රේම ගීයක් ගායනයේදී ප්‍රේමය වැනි  මාතෘකාවක් ස්පර්ශ කරන ආකාරයට හාත්පස ගැඹුරු හෘදය සංවේදී ගායන රීතියක් කරා  ළඟා වන අයුරු අයිවෝගේ ප්‍රේම ගීවලින් අපට දැනෙයි.  ඇතැම් විට යෞවනයකුට  දැනෙන ප්‍රේමයේ මිහිරි බව වියපත් වූ කෙනෙකු‍ට එලෙසින්ම දැනේනට ඉඩ හරින මේ  අපූර්වතම ප්‍රේම ගීයද ගීත සාහිත්‍යයේ හමුවන අපූරු ගීතයකි. මේ ගියේද රචනය මට  සොයාගත නොහැක.

පාසල් උයනේ නා ගස් හෙවනේ පෙරදා පෙරදා... සැනකෙළි දිනයේ මතකද අප හමුවූවා...
ආදි සිසුන්ගේ මල් සැල ළඟදී පැරණි හැඟුම් මතු කරවා... තුරුණු සිනා පා ආදර හැඟුමින් පිළිගත්තා...

දශක  පහකට අධික කාලයක් මුලුල්ලේ තමන් ගොඩනගාගත් සංගීතයේ රැ‍ඳෙමින් අසූවැනි  වියේදිත් තවමත් මදුර ගායන ලීලාවක් ඇති මේ සොඳුරු ගායන ශිල්පියාගේ ගී කුමන  අකාරයෙන් සංගීත රැලි හඹා ආවත් ඉන්ද්‍රඛිලයක් සේ තවත් යුග ගණනාවක් පුරා රැව්  දෙනු නිසැකය.

[දයානන්ද රත්නායක]

මාතෘකා