ලෝකය, කාම ලෝකය හා බ්‍රහ්ම ලෝකය

 ඡායාරූපය:

ලෝකය, කාම ලෝකය හා බ්‍රහ්ම ලෝකය

අප ජීවත් වන්නේ මේ ලෝකයෙහි ය. ලෝකය යනු කුමක් ද? 'ලෝක' යනු සංස්කෘත හා පාලි භාෂාවල හමු වන පදයකි. එය සිංහලයට ආවේ 'ලෝ' යනුවෙනි. භූ විද්‍යාඥයන් ලෝකය දකින්නේ එක් විදියකිනි. එය ඔවුන් ඉංගිරිසියෙන් හඳුන්වන්නේ 'world' යන පදයෙනි. එයින් අදහස් කෙරෙන්නේ අප ජීවත් වන මහ පොළොව හෙවත් පෘථිවිය යි.

ඈත අතීතයෙහි විසූ ලෝකයා විවිධ ආකාරයෙන් 'ලෝකය' දුටහ. බෞද්ධ විග්‍රහයක් අනුව ලෝකය තුන් වැදෑරුම් ය:

කාම ලෝකය

රූප ලෝකය

අරූප ලෝකය

බුදුන් වහන්සේ මේ ලෝක තුනට ම අධිපති වන හෙයින් 'ත්‍රෛලෝකාග්‍ර' යනුවෙන් හැඳින්වෙති.

කාම ලෝකය

කාම ලෝකය එකොළොස් වැදෑරුම් වේ. එනම්,

මනුෂ්‍ය ලෝකය,

දිව්‍ය ලෝක හය හා

සතර අපාය යි.

රූප ලෝකය

රූප ලෝකය යනු රූපය පමණක් ඇති සොළොස් බඹ තලයන් ය.

අරූප ලෝකය

රූපයක් නැතිව සිත පමණක් ඇති ලෝකය. මේ ලෝකය ද සතරවැදෑරුම් ය:

ආකාසානඤ්චායතන

විඤ්ඤාණඤ්චායතන

ආකිඤ්චඤ්ඤායතන

නේවසඤ්ඤා නාසඤ්ඤායතන

ලෝකය තවත් ආකාරයකින් තුන් වැදෑරුම් කොට දකින්නෝ සිටිති:

ස්වර්ග ලෝකය

මර්ත්‍ය ලෝකය

පාතාල ලෝකය

ඒ ලෝක තුන මෙසේ හැඳින්විය හැකි ය:

ස්වර්ග ලෝකය

දිව්‍ය ලෝකය යි. සුරයන් වෙසෙන ලෝකය යි.

මර්ත්‍ය ලෝකය

මනුෂ්‍ය ලෝකය යි. මැරෙන සතුන් සිටින ලෝකය යි.

පාතාල ලෝකය

මනුෂ්‍ය ලෝකයට යටින් පිහිටි ලෝකය යි. එය ද තුන් වැදෑරුම් කොට දැක්වේ:

නාග ලෝකය

නාග ලෝකයෙහි සිටින්නේ නාගයන් ය. එහි නායකයා අනන්ත නම් නාග රාජයා ය.

අසුර ලෝකය

අසුර ලෝකයෙහි සිටින්නේ අසුරයන් ය.

නිරය

සිංහල බෞද්ධයන් 'නිරය' හඳුන්වන්නේ 'අපාය' හෝ 'නරකාදිය' යනුවෙනි.

සංස්කෘත පුරාණෝක්ති අනුව ලෝකය කොටස් 14 කට වෙන් කෙරේ. ඉන් 7 ක් පොළොවේ සිට ඉහළට ය. අනික් 7 පොළොවේ සිය පහළට ය. පොළොවේ සිට උඩට ඇති ලෝක හත මෙසේ ය:

භූර්-ලෝක (පෘථිවිය)

භුවර්-ලෝක

ස්වර්-ලෝක

මහර්-ලෝක

ජනර්-ලෝක

තපර්-ලෝක

සත්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක

පොළොවේ සිට යටට ඇති ලෝක හත

මෙසේ ය:

අ-තල

වි-තල

සු-තල

රසා-තල

තලා-තල

මහා-තල

පාතාල

 


දුර සිට ළඟ බැලීම

 

විගමනික ලේඛකයන් ගැන වූ කෙටිසටහනට මගේ ආශාව දැල්වූ එක් කවියක් ආරම්භයේදීම සඳහන් කරන්න කැමතියි. හේතුව එය විදෙස් ගතවූවන්ගේ සියලු ප්‍රාර්ථනා එක්කර ගත් කිසියම් ගාථා පාඨයක ස්වරූපයක් විහිදනවා. මේ කවියේ රචකයා කම්මැල්ලවීර. ඔහු යම් කාලයක් මෙල්බර්න්වල නැවතී සිටියා. මෙයයි, කවිය:

 

නිලෙන් දිදුලන

මහ සයුර

ඇත්තටම ඔබ

ලස්සනයි

බැරිද අයින් වෙන්න

පොඩ්ඩකට

ගෙදර ගිහින් එන්න

මට...

බොහෝ සරල ලෙස පෙනෙන මේ ප්‍රකාශයේ ඉතා ගැඹුරු ආත්ම ප්‍රකාශනයක් ගැබ්ව තිබෙනවා. විදෙස්ගතව යම් පමණක ආර්ථික හයියක් ගොඩනඟාගෙන තිබුණත් බොහෝ දෙනෙකුගේ පැතුම ගෙදර යෑමයි. විදෙස්ගතවූවන්ට අහිමි, මව්රට නෑසියන් හා සියල්ල පිළිබද දුක්ඛ සත්‍යය කවියාට නිමිත්ත වෙනවා. කවියා ගොඩක් දේවල් කියන්න යන්නෑ. සංක්ෂිප්තයමයි බොහෝ දේ පවසන්නේ.

මේ හා සමාන අත්දැකීමක් රණවීර ‘එතෙර හිඳ’ නම් වූ ඔහුගේ කවියේ සටහන් කරන්නේ ඔහුටම උරුම වූ තියුණු උත්ප්‍රාසීය කවි බසින්.

කුමක් නම් ලියා එවන්නද මෙතෙර සිට

විල්ලිහිණියෙකු දුටිමි පැරදී පසුබසින

මහවිසල් බිම්තලා අතරතුර

තැන තැන හිඳින තුඟු තුරු

හුදකලාවේ එකිනෙකාගෙන් දුරස් වී

සුදු දනන් දුටිමි තමතමන් හා

කොක්සන් සිනාසී දොඩන

නෙත් කොනින්වත් බැල්මක් නොදෙන

සිත දුවද්දී එක්තරා කුරු දිවයිනකට

බලු කුකුරුවෙකු දුටිමි

උයන් අසුන යට

ගුලිවී විටින් විට

කෙඳරිලි නඟන..

කවියා සිටින නොරට පරිසරය, එහි ගහකොළ හා සුදු මිනිසුන් සියල්ල ආගන්තුකයි. සියල්ල මහ විසල් වන අතරේ සිත එක්තරා පුංචි දූපතකට දුවයනවා. උයනේ දුකින් තැවෙන කවියා හා බලුකුක්කාද පැරදුණ විල්ලිහිණියාද ‘විශාල ලෝකයක’ අතරමං වූවන්.

මහාචාර්ය විමල් දිසානායක සිය ‘නාගල කන්ද’ කාව්‍ය සංග්‍රහයේ ‘අභාවය’ නම් වූ කවියෙන්, බොහෝ කවීන්ට විෂය නොවන කිසියම් ආත්ම ප්‍රකාශනයක් යැයි කිව හැකි අපූර්ව තේමාවක් ඉදිරිපත් කරනවා. එය අපට හුරුපුරුදු නොවන, නිතර ඇස නොගැටෙන කවක්.

අභාවය

එදත් වෙනදා වගේ

නැඟිණි හිරු අහස් ගැබ

විවර කවුළුවෙන් බිම

හිරු රටා ඇද තිබිණි

නුබ ගැබේ දෙරණ මත

නෑ කිසිම අමුත්තක්

තේ කෝප්පයක් ගෙන

හිඳ ගතිමි සාලයේ

දුරකථන සීනු හඬ

හදිසියේ නැඟුණේය

අනෙක් පැත්තේ ලොවෙහි සිට

මල්ලී මට කියයි

ඊයෙ රෑ නින්දේම

මෑණියන් මැරුණු බව

කවියාට දුරු රට හා මෙරට කියා වෙනසක් නැහැ. ඔහුට ඔහුගේ විප්‍රවාසය ගැන සාංකාවක් නැහැ. ඔහු සාලයේ වාඩිවී තේකෝප්පයක් බොනවා. කවියේ අවසන් පාදය තෙක්ම මේ සැහැල්ලුව ගලා යනවා. අවසන් පාදයේ මේ සැනසිල්ල පුපුරා යනවා.

මාතෘකා