මංජුල සේනාරත්නගේ ‘12.12.12’ නවකතාව එළිදැක්වීම හෙට

 ඡායාරූපය:

මංජුල සේනාරත්නගේ ‘12.12.12’ නවකතාව එළිදැක්වීම හෙට

ප්‍රංශයේ වෙසෙන ලේඛකයකු වන මංජුල සේනාරත්නගේ අලුත්ම නවකතාව ‘12.12.12’ හෙට (15දා) සෙනසුරාදා සවස 2.30ට කොළඹ 7, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදකී.

මියුසස් ප්‍රකාශනයක් ලෙස මෙය එළිදකින අතර එහිදී මංජුලගේ පෙර කෙටිකතා සංග්‍රහයක් වූ ‘ප්‍රියා සමඟ ඉරිදාවක්’ කෘතියද නැවත මුද්‍රණයක් ලෙස නිකුත් වේ. එය ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයකි.


රජත පුස්තක සම්මාන උලෙළ හෙට බී.එම්.අයි.සී.එච්. හිදී

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 3 වෙනි වරටත් සංවිධානය කරන රජත පුස්තක සම්මාන උලෙළ හෙට (15දා) ප.ව. 6ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පැවැත්වේ.

ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා මෙවර උලෙළේ ප්‍රධාන ආරාධිතයා වේ. කෙටිකතා, යොවුන් කතා හා කාව්‍ය යන ක්ෂේත්‍ර යටතේ 2018 වසරේ ප්‍රකාශිත කෘති අතරින් හොඳම කෘති සඳහා මෙහිදී සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමේ.


ගුණරත්න ඒකනායකගේ ‘තරුණ දුවේ මේ අහන්න’ 20 දා එයි

ගුණරත්න ඒකනායකගේ අලුත්ම යොවුන් ග්‍රන්ථය ‘තරුණ දුවේ මේ අහන්න’ මෙම ජුනි 20 වෙනිදා උදේ 9.30ට මොරටුව සොයිසාපුර නිපුන් පොත්හලේදී දොරට වඩී.

ඔහු ලියන උපදේශාත්මක කෘති මාලාවේ පස්වන කෘතිය වන මින් දුවක් ජීවිතයේදී යහපත්ව කල්ගත කිරීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳ මනා වැටහීමක් ලබාදේ. ගුණරත්න ඒකනායක සම්මාන ලැබූ යොවුන් කතා රචකයෙකි.

මාතෘකා