අජිත් කල්යාණගේ අලුත්ම කෙටිකතා එකතුව ‘අකුණු සමඟ තවත් කතා’ එළිදකී

 ඡායාරූපය:

අජිත් කල්යාණගේ අලුත්ම කෙටිකතා එකතුව ‘අකුණු සමඟ තවත් කතා’ එළිදකී

ප්‍රවීණ සාහිත්‍යධර අජිත් කල්යාණ අමරසිංහගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය ‘අකුණු සමඟ තවත් කතා’ පසුගියදා ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළිදැක්විණි. මෙහි කෙටිකතා අටක් ඇතුළත් වන අතර එහිදී මිනිසා ජීවිතය තුළ අත්විඳින සංකීර්ණ ගැටලු සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට කතාකරුවා සමත් වේ. මීට පෙර 2004 වසරේ ඔහු කළ ‘මහීෂ ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න’ කෙටිකතා සංග්‍රහය එවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර විය. ‘අකුණු සමඟ තවත් කතා’ කෘතියේ මිල රු. 250කි.


‘නැණිල කුලුඳුල් සාහිත්‍ය නිමැවුම් ඇගයුම්’ සම්මාන උළෙල 13දා

 

නැණිල කුලුඳුල් සාහිත්‍ය නිමැවුම් ඇගයුම් සම්මාන උළෙල දෙවැනි වරටත් මෙම පෙබරවාරි 13 වැනිදා ප.ව. 3.00 ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහිදී දිවයින පුරා විසිර සිටින නවතම ලේඛක ලේඛිකාවන්ගේ කුලුඳූල් නිර්මාණ අත්පිටපත් කැඳවා ඒ අතරෙන් හොඳම නවකතා, කෙටිකතා සහ කාව්‍ය කෘති තෝරා නැණිල ප්‍රකාශන ලෙස ප්‍රකාශයට පත් කෙරෙන අතර, හොඳම නවකතාව, කෙටිකතාව සහ කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් සම්මානයක්, සහතික පත්‍රයක් සහ රුපියල් 25,000.00ක මුදල් ත්‍යාග පිරිනැමෙයි. දෙවන සහ තෙවන නවකතාව, කෙටිකතාව සහ කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් කුසලතා සහතික සහ රුපියල් 15,000.00 බැගින්ද, තෙවන ස්ථාන සඳහා රුපියල් 10,000.00 බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමෙයි. 2019 වසර සඳහා නව නිර්මාණ භාරගැනීමද මේ වන විට ආරම්භ කර ඇත. අත්පිටපත් භාරගැනීමේ අවසන් දිනය 2019 මැයි 30 වැනිදාය.

මාතෘකා