මර්සලින් ජයකොඩි පියතුමා පිළිබඳ දුලබ තොරතුරු එවන්න

 ඡායාරූපය:

මර්සලින් ජයකොඩි පියතුමා පිළිබඳ දුලබ තොරතුරු එවන්න

මෙරට ජාතිකත්ව හා ආගමික මිත්‍රත්වය, සහයෝගිතාව ප්‍රවර්ධනය, කවි කලාව, ගීත ක්ෂේත්‍රය හා සංස්කෘතික ප්‍රගමනය වෙනුවෙන් කළ අනුපමේය සේවය ඉදිරි පරම්පරාවලට දැනගැනීමට හැකි වන ලෙස කලාශුරී මර්සලින් ජයකොඩි පියතුමාගේ අවසන් කැමති පත්‍රයේ ඇති ඉල්ලීමට අනුව උන් වහන්සේ විසින් රචිත පොත්පත්, අත්පිටපත්, පරිහරණය කළ භාණ්ඩ, සංගීත භාණ්ඩ ඇතුළු වෙනත් දෑ සංරක්ෂණය කිරීම සඳහා අධ්‍යයන හා පර්යේෂණ කේන්ද්‍රයක් ඇරඹීමට දංකොටුව සරසවි කලා සංගම‍යේ අනුග්‍රහයෙන් මූලික කටයුතු සිදු කෙරේ.

එතුමන් ජීවිතයෙන් සමුගෙන වසර 20 ක් ගතවීමද අරමුණු කොට උන් වහන්සේ උපන් ගම වන දංකොටුව ආශ්‍රිතව ඉදි කිරීමට යෝජිත මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය සඳහා තැබීමට කිසියම් අයෙකු සතුව ගරු පියනම පිළිබඳව පෞද්ගලිකව දන්නා තොරතුරු, ජායාරූප, ලිපි, ලේඛන, භාණ්ඩ හෝ වෙනත් ඕනෑම දෙයක් ඇතොත් එසේ පරිත්‍යාග කළ අයගේ විස්තර සහිතව ප්‍රදර්ශනයට තැබිය හැකි බැවින් ඒ පිළිබඳ වැඩි විස්තර ලබාදෙන ලෙස මෙම අධ්‍යයන හා පර්යේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආනන්ද කරුණාරත්න මහතා සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරයි. ඒ අනුව පහත දුරකථන අංක අමතා ඒ පිළිබඳ තොරතරු ලබාදිය හැකිය.

077 3703344 (කරුණාරත්න), 076 7240225 (උපාලි රණසිංහ) හෝ 071 6856355 (සුසන්ත කුමාරසිංහ)

මාතෘකා