තනි රූල්වල මට ලියන්න බෑ

 ඡායාරූපය:

තනි රූල්වල මට ලියන්න බෑ

ප්‍රවීණ නවකතාකරු පියදාස වැලිකන්නගේ

සමහර ලේඛකයින් හිටගෙන ලියනවා. සමහර ලේඛකයින් නිල්පාට පෑනකින් ලියනවා. සමහර ලේඛකයින්ට තනි රූල් පොත් නැතිව ලියන්න බෑ. මම ගත්තොත් මම කොටු රූල් පොතකයි ලියන්නෙ. තනි රූල්වල මට ලියන්න බෑ. බැරිවාත් නෙවෙයි, මම එහෙම ලියලා නෑ. එහෙම වෙන්නෙ ඇයි කියන්න මම දන්නෙ නෑ.

මං ලියන්නෙ අන්න අර මේසය ළඟ වාඩිවෙලා. (සාලයේ පසෙක දිග කෑම මේසයක් පෙන්වයි.) මම ලියන්නෙ රෑට. ඒ කියන්නෙ රෑ බත් එහෙම කාලා, රූපවාහිනී ප්‍රවෘත්ති එහෙම බලලා රෑ නවයහමාරට විතර ලියන්න පටන් ගන්නවා. උදේ වරුවේ කරන්නෙ කියවන එක. රෑ වෙනකොට දවස නිස්කලංකයිනෙ. ඒ නිස්කලංකය නැතිව මට ලියන්න බෑ. නිස්කලංකය මැද්දෙ හොඳ ‘මූඞ්’ එකකට වැටුණාම මට වෙලාව යනවා දැනෙන්නෙ නෑ.

එහෙම දවසකට කොච්චර ලියනවාද? සාමාන්‍යයෙන් පිටුවක් දෙකක් ලියනවා. ඒත් ඒක මම ඉන්න ශරීර පහසුව අනුව වෙනස් වෙනවා. පහසුව වැඩි නම් වැඩිපුර ලියවෙනවා. එහෙම දවස්වල මහ රෑ වෙනකන් ලියනවා. ඒ කියන්නෙ රෑ දොළහ, එක වෙනකන් ලියනවා. ඒත් සමහර දවස්වල ලියන්න වාඩි වෙලා ආයෙත් නිදාගන්නවා. ඒවගේම තමයි මම රෑ ලියූ දේ උදේට කියවනවා. ඒ කියවද්දියි මට එය හොඳට ලියවුණාද, නැද්ද කියල දැනෙන්නෙ.

[එස්. පල්ලියගුරුගේ]

මාතෘකා