නවෝද්‍යා වැලිගමගේගෙන් පරිවර්තන කෘති දෙකක්

 ඡායාරූපය:

නවෝද්‍යා වැලිගමගේගෙන් පරිවර්තන කෘති දෙකක්

යොවුන් ලේඛිකාවක වන නවෝද්‍යා වැලිගමගේ විසින් පරිවර්තනය කරන ලද යොවුන් ග්‍රන්ථ දෙකක් ඉකුත්දා එළිදැක්විණි. ග්විනෙත් රීස්ගේ My Mom’s Form Planet Pluto ‘මම දැන් ලොකු ළමයෙක්’ නමින්ද, සයිරස් එම්. ගොන්ඩා හා ස්මිත්‍රි බී. විසින් රචනා කරන ලද Air Hostess Diaries ‘කිරිල්ලියකගේ දිනපොතින්’ යනුවෙන්ද මෙවර ප්‍රකාශ විණි.

මෙම කෘති දෙක විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයකි.


කසුන් ඉරුගල්බණ්ඩාරගෙන් කෘති දෙකක්

මාධ්‍යවේදී කසුන් ඉරුගල්බණ්ඩාර විසින් රචනා කරන ලද කෘති ද්විත්වයක් පසුගියදා එළිදැක්විණි. ‘එංගලන්තය මැදින් ස්කොට්ලන්තයට’ නම් සංචාරක සටහන් කෘතිය හා ‘පරමල් නෙළුම’ කෙටිකතා සංග්‍රහය එසේ එළිදක්වනු ලැබිණි. ‘එංගලන්තය මැදින් ස්කොට්ලන්තයට’ ඔහු විසින් රචිත දෙවැනි චාරිකා කෘතිය වන අතර මාධ්‍යවේදියකු වශයෙන් විදෙස් ගතවීමේ අවස්ථාවන්හි ඔහු විඳි අත්දැකීම් පාඨකයන් සමඟ බෙදාගැනීම එහි අරමුණය. ‘පරමල්’ හි කෙටිකතා 11ක් ඇතුළත් වන අතර ඒ සියල්ල වර්තමාන ජීවිත අතෝරය මැද දිවි ගෙවන මිනිසා නිරූපිතය. මෙම කෘති දෙකම සමගි ප්‍රකාශන වේ.


එස්.බී. රාජපක්ෂගේ කාව්‍ය කෘති දෙකක් එයි

එස්.බී. රාජපක්ෂගේ කාව්‍ය ග්‍රන්ථ දෙකක් වන ‘මයින සංදේශය’ හා ‘සංසාර තොටුපොළ’ පසුගියදා කර්තෘ ප්‍රකාශන ලෙස එළිදැක්විණි. මෙහි ‘සංසාර තොටුපොළ’ මූලික වශයෙන් නිසඳැස් කාව්‍ය එකතුවකි. ‘මයින සංදේශය’ පැරණි සංදේශ කාව්‍යය සිහිපත් කරන ඒ ආකෘතියේ කෘතියකි. එය කොළඹ කවි යුගයට ආවේණික කවි බසකින් යුතු වන අතර කඳුරට කොත්මලේ සුන්දරත්වය කවියට හසුකරගැනීමට සමත් වේ. කවියාගේ උපන් ගම වන නුවරඑළියේ වලපනේ අඹගස්පිටිය ග්‍රාමයත්, එහි ඔහු අකුරු කළ පාසල් දෙකත්, ඒ හා බැඳුණු සුන්දර පරිසරයත්, එහි විවිධ ස්ථාන හා පුද්ගලයනුත්, කවියාගේ රාජනායක නාමයත් මෙහිදී කවියා කාව්‍ය ඉතිහාසයට එකතු කරයි.

මාතෘකා