ගුණරත්න ඒකනායකගේ ‘සුරනිමලගේ වාසනාව’ ජූලි 6 වෙනිදා එළිදකී

 ඡායාරූපය:

ගුණරත්න ඒකනායකගේ ‘සුරනිමලගේ වාසනාව’ ජූලි 6 වෙනිදා එළිදකී

ගුණරත්න ඒකනායකගේ ‘සුරනිමලගේ වාසනාව’ ජූලි 6 වෙනිදා එළිදකී

ගුණරත්න ඒකනායකගේ අලුත්ම යොවුන් නවකතාව ‘සුරනිමලගේ වාසනාව’ ජූලි මස 6 වෙනිදා උදේ 9.30ට මොරටුව සොයිසාපුර නිපුන් පොත් මැඳුරේදී දොරට වඩී. මෙය කතුවරයාගේ 91 වැනි කෘතියයි. 15 වෙනි යොවුන් නවකතාවයි. කුඩා දරුවකු නිර්භයව කැලෑ සොරුන්ගෙන් වනාන්තරය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ආකාරය මීට වස්තු වේ.


‘අමරණීය ගුරුවරයා’ ජූලි 11 වෙනිදා එයි

මහේෂ් ක්‍රිශාන්ත මහතා විසින් රචනා කරන ලද ‘අමරණීය ගුරුවරයා’ ග්‍රන්ථය එළි දැක්වීම ජුලි මස 11 වැනි බදාදා පෙ. ව. 9.30 ට ගා/ කරන්දෙණිය ජාතික පාසලේදී පැවැත්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේදී ඔහුට සාරසිප් ඉගැන්වූ ආචාර්ය මහාචාර්යවරුන්ගේ සේවාව අළලා ලියවුණු මේ ග්‍රන්ථයෙන් වඩාත්ම ඉස්මතු කර ඇත්තේ, මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ සාහිත්‍ය න්‍යායයි. එදින ආරාධිත දේශනය පවත්වනු ලබන්නේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය එම්. ඩබ්ලිව්. විමල් විජේරත්න මහතා විසිනි. කෘතිය ගොඩගේ ප්‍රකාශනයකි.


හර්ෂිනී පුෂ්පමාලාගේ කාව්‍ය කෘතිය හා තීරු ලිපි පොත ජූලි 7 වෙනිදා එළිදකී

හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ ලියූ ‘මම මම මේ’ කාව්‍ය සංග්‍රහය සහ ‘තුනු විල’ තීරු ලිපි සංග්‍රහය හෙට (07) සවස 2.00ට කොළඹ 07, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී එළිදකී. එහිදී ආචාර්ය හරිනි අමරසූරිය, සාහිත්‍යවේදී අනුර කේ. එදිරිසූරිය අදහස් දක්වන අතර උත්සවය මෙහෙයනු ලබන්නේ අමා විජේසේකර විසිනි.


සිරිපාල රණවකගේ ‘මිථ්‍යා විශ්වාස සහ යථාර්ථය’ ජූලි 10 දා එළිදකී

විශ්‍රාමලත් විදුහල්පතිවරයකු වන සිරිපාල රණවක කංකානම්ගේ විසින් රචිත “මිථ්‍යා විශ්වාස සහ යථාර්ථය’ පර්යේෂණ කෘතිය ජුලි මස 10 වැනිදා ප.ව. 4.00ට බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා සම්මන්ත්‍රණ ශාලාවේදී දොරටවඩී. මිථ්‍යා විශ්වාස පිළිබඳ විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් සහ එහි යථාර්ථය හෙළිකිරීමක් මෙම කෘතියෙන් සිදු කෙරේ. එදින ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ඒ. ඩී. ගුණසේකර මහතා විසිනි.

මාතෘකා