මම බිහි වෙන්නේ ඇරැව්වල ගමේ පරිසරයෙන් : ඇරැව්වල නන්දමිත්‍ර

 ඡායාරූපය:

මම බිහි වෙන්නේ ඇරැව්වල ගමේ පරිසරයෙන් : ඇරැව්වල නන්දමිත්‍ර

මම පාසල් කාලයේ සිටම මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක යන සියලු ලේඛකයන්ගේ පොත් ආසාවෙන් කියෙව්වා. විශේෂයෙන් මාව කියවන්න පෙළඹවූ පොත තමයි ගුණදාස අමරසේකර මහතාගේ ‘කරුමක්කාරයෝ’ නවකතාව. ඔහුගේ ‘යළි උපන්නෙමි’ හෝ ‘දෙපා නොලද්දෝ’ නවකතා දෙකටත් වඩා ‘කරුමක්කාරයෝ’ මට බලපෑවා. හැබැයි ලිවීමේදී මට වඩාත්ම බලපෑවේ කේ. ජයතිලක මහතායි කියල මම හිතන්නෙ.

මොකද ඔහුගේ නිර්මාණවල එන පසුබිම් පරිසරය හා චරිත මගේ ජීවිතයට බොහෝ විට සම්බන්ධයි කියල මට හැඟුණා. හැබැයි මට ප්‍රධාන වශයෙන් ආභාසයක් ලැබුණේ රුසියානු නවකතාවලින් සහ ජපන් පොතපතිනුයි. ඒ සියල්ල මම කියෙව්වෙත් පරිවර්තන ආශ්‍රයෙන් බවත් කියන්න ඕන.

සයිමන් නවගත්තේගම සහ අජිත් තිලකසේන ගත්තොත් මම ඔවුන්ගේ පොත් කියෙව්වා. ඒත් බලපෑමක් ලැබුණෙ නෑ. මම ඔවුන්ගේ අදීනත්වයට ගරු කරනවා. ඒත් මට ඔවුන් බලපෑවේ නෑ. අනෙක අජිත් තිලකසේනගේ කෙටිකතා ලිඛිත බසින් අපි ලිව්වොත් ඒකෙන් කිසි දෙයක් අපට අරගන්න බෑ.

ඒ නිසා ඔවුන් අනුගමනය කිරීමත් කාටවත් කරන්න බෑ. ඇත්තටම මට තවත් ලේඛකයෙක් අනුගමනය කරන්න වුවමනා වුණේ නෑ. මට තවත් සයිමන් නවගත්තේගම කෙනෙක් වෙන්න බෑ. මොකද එතුමා බිහි වෙන්නෙ එතුමාගේ පරිසරය තුළින්. මම බිහි වෙන්නේ මා ඇසුරු කරන ඇරැව්වල ගමේ පරිසරය තුළින්.

මාතෘකා