මහත් වෙන්න රටඉඳි කන්න

 ඡායාරූපය:

මහත් වෙන්න රටඉඳි කන්න

තරබාරු බව වගේම අධික කෘෂ බවත් බොහෝ දෙනකුට තිබෙන ගැටලුවක්. සිරුර මහත් කරවන ආහාර අතර රටඉඳිවලට විශේෂ ස්ථානයක් හිමිවනවා.

රටඉඳි කියන්නේ ඉතා ඉක්මනින් කුස පුරවන ආහාර වර්ගවලින් ප්‍රධානම එකක්. ඒ වගේම ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාගත හැකි ආහාරයක්. අධික ලෙස වෙහෙසෙන අයකුට දිනපතා රටඉඳි ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරට අවශ්‍ය ශක්තිය ලබාගත හැකිය.

ඒ වගේම රට ඉඳිවල තිබෙන තන්තුමය ස්වභාය නිසා පහසුවෙන් මල ද්‍රව්‍ය පිට කිරීමේ හැකියාව තිබෙන බැවින් මලබද්ධය වැනි රෝගවලට හිතකරයි. එමෙන්ම ආහාර මාර්ගය ආශ්‍රිත අනෙකුත් බොහොමයක් රෝග තත්ත්වයන් මඟ හැරීමේ හැකියාවත් රට ඉඳිවලට පවතිනවා.

අධික කෘෂ පුද්ගලයන්ට සිරුර මහත් කරගැනීමට දිනකට රටඉඳි ගෙඩි 8-10ක් ආහාරයට ගැනීම සුදුසුය. රටඉඳි ආහාරයට ගැනීමට පෙර ඒවායේ ඇට ඉවත් කර රැයක් වතුරේ දමා තිබෙන්නට හැර පසුවදා ආහාරයට ගැනීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.

ඒ වගේම ඇට ඉවත් කර ගත් රටඉඳි තුළට බටර් එකතු කර දිනකට ගෙඩි 4 බැගින් ආහාරයට ගන්න. බටර් වෙනුවට එළඟි තෙල්ද භාවිත කළ හැකිය. ඒ වගේම ඒ සමඟ එළකිරි විදුරුවක්ද පානය කළ හැකි නම් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. විටමින්, තන්තු, කැල්සියම්, සල්ෆර්, යකඩ, පොටෑසියම්, පොස්පරස්, මැංගනීස්, තඹ හා මැග්නීසියම් ආදී පෝෂණ කොටස් රාශියක් රටඉඳිවල අඩංගු වනවා.

සිරුර මහත් කිරීමට මෙන්ම ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදීම, හදවත් රෝගවලින් වැළැක්වීම, අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීම, රක්තහීනතාව වැළැක්වීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයටද රටඉඳි හිතකර වනවා. එම නිසා සිරුර කෘෂ පුද්ගලයන් මෙන්ම නිරෝගීව සිටීමට කැමති කවුරුත් රටඉඳි කිහිපයක් දිනපතා ආහාරයට එකතු කර ගැනීම සුදුසුය.

 

අන්තර්ජාලය ඇසුරිනි

මාතෘකා