හෙමින් වයසට යන්න මෙහෙම කෑම කන්න

 ඡායාරූපය:

හෙමින් වයසට යන්න මෙහෙම කෑම කන්න

හැමදාම තරුණ විදියටත් ලස්සනටත් ඉන්න කවුරුත් කැමැතියි. ඒත් අපි කවුරුත් දිනෙන් දින වියපත් වෙනවා. එය ස්වාභාවික සංසිද්ධියක් වුණත් අහිතකර ආහාර පුරුදු, මානසික ආතතිය, දැඩි වෙහෙස වැනි නොයෙක් හේතු සාධක නිසාද වයසට යෑම ඉක්මන් වෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ඔබේ වයසට යෑම ප්‍රමාද කළ හැකිය. විශේෂයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාරපාන සහ නිවැරදි ආහාර රටාවකට හුරුවීමෙන් ඔබටත් වියපත් වීම පාලනය කරගත හැකිය.

අලිගැටපේර

සම ඉක්මනින් වයසට යෑමට සමේ වියළි ස්වභාවයත් බලපානවා. අලිගැටපේරවලින් සමේ ඇදෙනසුලු ගතිය සහ තෙතමනය ආරාක්ෂා කළ හැකිය. එමෙන්ම හිරුගේ අහිතකර කිරණවලින් ඔබේ සම ආරක්ෂා කිරීමේ සුවිශේෂී හැකියාවක්ද තිබෙනවා. සමේ තරුණ පෙනුම දිගු කාලයක් රඳවා තබා ගැනීමට සමේ පවතින කොලජන් ප්‍රමාණය ඉතා වැදගත් වෙනවා. අලිගැටපේරවල මෙම කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන විශේෂිත දියරමය රසායනිකයක් තිබීම නිසා සමට ඉතා හිතකරය.

යෝගට්

යෝගට් තුළ හිතකර බැක්ටීරියා අඩංගු ‍ෙවනවා. සම රත්පැහැ ගැන්වීම්, ආසාදන සහ කුරුලෑ වැනි සමේ ඇතිවන ගැටලු වළකා තරුණ පෙනුම රැකදීමට සහ සමට පෝෂණය ලබාදීමට යෝගට් මාස්ක් යෙදිය හැකිය. යෝගට්වල අඩංගු ලැක්ටොස් අම්ලය මුහුණේ මැරුණු සෛල ඉවත්කර වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කිරීමට උපකාර‍ ෙවනවා.

මී පැණි

මී පැණි ස්වාභාවික මොයිස්චරයිස් වර්ගයක් ලෙස භාවිත කළ හැකිය. ප්‍රතිඔක්සිකාරකයක් වන මී පැණි මුහුණට යොදන මාස්ක් සඳහා ඉතා සුදුසු වෙනවා. සමේ ආසාදන සුවකිරීමටත් සම වියළීම වළක්වා තෙතමනය රැක ගැනීමටත් මී පැණි උපකාරී වනවා.

කහ කුඩු

සමේ ඇතිවන ඔක්සිකාරක හානි වළක්වා හිරු එළියට නිරාවරණය වීමෙන් හානි වූ සම අලුත්වැඩියා කිරීමට කහ කුඩුවලට හැකිය. කහ කුඩු සමේ පිළිකා ඇතිවීමද වළක්වන අතර ආහාර පිසීමේදී නැතුවම බැරි කුළුබඩුවකි.

දොඩම්

දොඩම්වල විටමින් සී සහ ජලය අඩංගු බැවින් සමේ වියළි බව ඉවත් කිරීමට උපකාරී වේ. විටමින් සී සමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනයට සහාය වේ. එමෙන්ම සම සුමුදු කර සම එල්ලා වැටීම සහ රැලි වැටීම් නැති කිරීමට කොලජන්වලට හැකියාව තිබෙන බැවින් දොඩම් යනු සමට ඉතා හිතකර පලතුරකි .

ග්‍රීන් ටී

න් ටී හෙවත් හරිත තේ සමේ නිරෝගී බව සඳහා ඉතා වැදගත් වෙනවා. අහිතකර හිරු කිරණවලින් සම ආරක්ෂා කර තරුණ පෙනුම රැකදීමට හරිත තේ උපකාරී වනවා.

[සුපුන් ජයසිංහ]

 

මාතෘකා