ඇස් යට අව පැහැ වෙලාද?

 ඡායාරූපය:

ඇස් යට අව පැහැ වෙලාද?

සමේ අඳුරු ලප ඇතිවීම බොහෝ කාන්තාවන්, යුවතියන් මුහුණ දෙන ගැටලුවක්. විශේෂයෙන් ඇස් යට අඳුරු වීම නිසා ඔබේ මුළු මුහුණ විඩාපත් හා පණ නැති විය හැකිය. නිසි නින්දක් නොමැති වීම, මානසික පීඩනය, අධික ලෙස දුම් පානය කිරීම හා හෝමෝන ගැටලු වැනි හේතු කිහිපයක් නිසා ඒවා හේතු විය හැකිය.

සාමාන්‍යයෙන් සිරුරේ අනෙක් කොටස් සමඟ සංසන්දනය කරන විට ඇස් යට සම ඉතා සංවේදීයි.රුධිර සංසරණයක් නිසි ලෙස සිදුනොවන නිසා බොහෝ විට එම ප්‍රදේශයේ අඳුරු තුළින් කිසිදු අතුරු ආබාධයකින් තොරව අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි නිසයි. මේ එවැනි ස්වාභාවික සත්කාර කිහිපයකි.

තක්කාලිවල විරංජක ගුණය අඳුරු සම සමනය කිරීම සඳහා හොඳම සංඝටකයකි. එහි විටමින් A, B හා C අඩංගු වන අතර එය දුඹුරු සමේ පුනර්ජීවන සහ යාවත්කාලීන කිරීමට උපකාරි වේ. තක්කාලි සහ ලෙමන් යුෂ ඇස් යට අඳුරු පැහැය අඩු කිරීමට උපකාර වේ. නැවුම් තක්කාලි සහ ලෙමන් යුෂ ගෙන කපු පුළුන් භාවිතයෙන් විනාඩි 10ක් ඇස් යට තබා පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. දිනකට වරක් පමණ මෙම සත්කාරය කිරීම සුදුසුය.

තක්කාලි, මින්ට් සහ පිපිඤ්ඤාද ඇස්වල අඳුරු පැහැය ඉවත් කිරීමට උපකාරී වේ. ඒ සඳහා තක්කාලි තේ හැඳි 1ක්, පිපිඤ්ඤා තේ හැන්දක් සහ මින්ට් තේ හැන්දක් එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. එය ඇස් යට සියුම්ව ආලේප කර විනාඩි 10-15ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

කළුතර අතිරේක සමූහ[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා