කස්තුරි කහවලින් ලැබෙන විස්මිත වාසි

 ඡායාරූපය:

කස්තුරි කහවලින් ලැබෙන විස්මිත වාසි

කස්තුරි කහ යනු ඉන්දියාවේ හටගන්නා ඉඟුරු පවුලට අයත් CURCUMA LONGA නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගසක්. මේ ශාකය රූපලාවන්‍ය කටයුතුවලදී බහුලව යොදා ගන්නේ එහි අඩංගු CURCUMIN කියන විස්මිත සංඝටකය නිසායි. ආහාරයට එකතු කරන කුළුබඩුවක් ලෙසින්ද මෙය භාවිත කරන්නේ මෙහි ඇති විස්මිත පෝෂණ ගුණ නිසයි. ශරීරය වයසට යාම පාලනය කිරීම සහ පිළිකා වැනි රෝගවලට එරෙහිව සටන් වැදීම කර්කියුමින් සතු විශේෂ ගුණයක්.

තෙල් සහිත සම යථා තත්ත්වයට ගෙනඒමට, අඳුරු ලප කැළැල් ඉවත් කිරීමට, වයසට යාම සැලකිය යුතු ලෙස පාලනය කිරීමට වගේම හිරු රශ්මියෙන් සමට වන හානිය අවම කිරීමට හැකි ස්වාභාවික මූලද්‍රව්‍යක් ලෙස කස්තුරි කහවල (TURMERIC) අඩංගු කර්කියුමින් හැඳින්විය හැකිය.

කර්කියුමින්වලින් ලැබෙන වාසි

ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය සහ අභ්‍යන්තර රුධිර ගමනාගමනය වඩාත් කාර්යක්ෂම කරවයි. කර්කියුමින් නොකඩවා ආහාරයට ගැනීමේදී රුධිර කැටි ගැසීම් පාලනය වීම, සන්ධිවල වේදනාව සමනය වීම, දෙවන කාණ්ඩයේ දියවැඩියාව හටගැනීම ප්‍රමාද කිරීම, මතකය වැඩි කිරීම සහ මහලු වීමට එරෙහිව ක්‍රියා කිරීම වැනි බොහෝ ගුණාංග ශරීරයට ලැබෙන බව තහවුරු වී තිබෙනවා.

කස්තුරි කහ මඟින් සමට ලැබෙන වාසි

සමේ තෙල් ගතිය පාලනය කරයි

කස්තුරි කහවල අඩංගු කර්කියුමින් ස්වාභාවිකව සමේ තෙල් ගතිය පාලනය කරනවා. එහි අඩංගු මේද අම්ල මඟින් සමේ තෙතමනය රකින නිසා එම ක්‍රියාවලිය සිදුවන බව පැවසෙනවා. ඔබත් අධික තෙල් සහිත සම නිසා හට ගන්නා කුරුලෑ වැනි ආසාධන නිසා කරදරෙන් සිටිනවා නම් ඔගේ නිවසේ හදන ෆේස් මාර්ක්ස්වලට කස්තුරි කහ එකතු කර බලන්න. කස්තුරි කහ කුඩුවලට අමතරව එයට කොහොඹ, සුදුහඳුන්, යෝගට් වැනි ද්‍රව්‍යත් එකතු කරන්න. නැත්නම් ඔබේ සමේ දැඩි කහ පැහැ වර්ණයක් ඇති වේවි.

සම වයසට යාම පාලනය කරයි

කස්තුරි කහවල ඇති ප්‍රතිඔක්සිකාරක සම වයස්ගත වීම නිසා හට ගන්නා රැලි, අඳුරු ලප ඇති වීම අවම කරනවා. සමේ සෛල අලුත් වීමේ ක්‍රියාවලිය තරුණ වියේදී මෙන්ම වේගයෙන් සිදු කරනවා.

ලප කැළැල් ඉවත් කර සමට වර්ණවත් බවක් ලබාදෙයි

හිරු එළිය නිසා ඔබේ සමේ හටගන්නා අඳුරු බව සහ අනෙකුත් නරක ප්‍රතිඵල සියල්ලම මකා දැමීමටත් සමේ වර්ණය වැඩිකර සම දීප්තිමත් කිරීමටත් කස්තුරි කහවල ඇති කර්කියුමින් සමත්වනවා. ඉන්දියානු යෞවනියන් දිනපතාම සිය මුහුණ කස්තුරි කහ වතුරෙන් සෝදනවා. ඔවුන්ගේ සමේ ඇති පැහැපත් බවේ සහ දීප්තිමත් බවේ රහස එයයි.

සමේ තෙතමනය රැකදෙයි

කස්තුරි කහවල ඇති කර්කියුමින් සම ඇතුළට කාවැදී සම පෝෂණය කරන්නේ සමේ තෙතමනයත් රකින අතරේමයි. සම වියළි වන විට ඉක්මනින් රැලි වැටීමට සහ මලානික පෙනුමක් ගන්නවා. ඒ නිසා සමේ සජීවී බව නැතිවී යනවා. වියළි සම නොයෙක් ආබාධවලට ලක්වීමටත් බොහෝ ඉඩ තිබෙනවා. කස්තුරි කහවල ඇති කර්කියුමින් අතීතයේ සිටම සමේ තෙතමනය රැක ගැනීමට ඉන්දියානු රූමතියන් විසින් භාවිත කළ බව සදහන් වෙනවා.

 

උපදෙස් - ආයුර්වේද ප්‍රජා වෛද්‍ය කුමුදු හේවාවිතාරණ සටහන [යශෝදා ඉන්දීවරී]

මාතෘකා