කෙටි නියපොතුවලටත් ලස්සන නේල්

 ඡායාරූපය:

කෙටි නියපොතුවලටත් ලස්සන නේල්

නේල් ආට් කියන්නේ යුවතියන් අතර ජනප්‍රිය කලාවක්. සිහින් දිගු අතැඟිලිවලට සුන්දර නිය පෙළකින් ලැබෙන්නේ වැඩි අලංකාරයක්. නමුත් බොහෝ යුවතියන්ට තිබෙන ප්‍රශ්නයක් වන්නේ නිය කැඩී යෑම සහ ශක්තිමත් නොවීමයි. එම නිසා හිතේ හැටියට නේල් ආට් එකක්වත් කරගත නොහැකි වීම ගැන යුවතියන් ලතැවුලට පත්වනවා. එහෙත් කෙටි නියපොතු තිබෙන යුවතියන්ට වුවත් නියවලට විලාසිතාවක් එහෙමත් නැතිනම් "නේල් ආට් එකක් "කරගැනීමට කිසිදු බාධාවක් නැහැ. වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි කෘත්‍රිම නියපොතු යොදාගෙන කැමති නේල් ආට් කරගත හැකිවාක් මෙන්ම ඔබේම නියපොතු මත නියපොතුවල කෙටි බව නොපෙනෙන අයුරින් සුන්දර මෝස්තරද කරගත හැකියි.

මේ කෙටි නියපොතුවලට ගැළපෙන එවැනි නේල් ආට් කිහිපයක්

1. නිතරම සෞම්‍ය වර්ණ තෝරාගන්න. හරිත පැහැ කොළ වර්ණයක් නිය මත ආලේප කර පසුව විනිවිද පෙනෙන වර්ණයක් ආලේප කරන්න.

2. මුලින්ම සුදු පැහැ වර්ණය ආලේප කර වියැළුණු පසු ඒ මත අහස් නිල වර්ණයෙන් සිහින් ඉරි අඳින්න. අවශ්‍ය නම් වර්ණ තීරු ලෙස අඳින්න.

3. සෞම්‍ය රෝස වර්ණයෙන් නියපොතු වර්ණ ගන්වා එය වියැළුණු පසු ආදරයේ රතු පැහැයෙන් එක් හදවතක් හෝ කුඩා හදවත් කිහිපයක් ඇඳගන්න.

4. ඔබ නවීන විලාසිතාවලට ප්‍රිය නොකරන යුවතියක නම් කළු සහ සුදු වර්ණ දෙක පමණක් තෝරාගත හැක. නිය පෙළ සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඒ මත කළු පැහැයෙන් කුඩා රවුම් සහ ත්‍රිකෝණ ඇඳගන්න. එය වියැළුණු පසු ග්ලිටර් වර්ණයකින් දිලිසෙන පෙනුමක් ලබාගන්න.

5. රෝස පැහැයෙන් නිය වර්ණවත් කර වියැළුණු පසු ඒ මත කළු පැහැයෙන් කුඩා කුරුල්ලකුගේ රූපයක් හෝ වෙනත් ඔබ කැමති රූපයක් අඳින්න.

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා