සුවෙන් ඉන්නලෙමන් යුෂ බොන්න

 ඡායාරූපය:

සුවෙන් ඉන්නලෙමන් යුෂ බොන්න

ජලය යනු මිනිස් ශරීරයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයකි. එමෙන්ම ශරීරයේ නිරෝගිමත් භාවයටත් ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජලය සහිත ලෙමන් යුෂ මිනිස් ශරීරයේ විවිධ අසමතුලිතතාවන්ට සහනය ලබාදෙන අතර එයින් ලබාගත හැකි ප්‍රතිඵල රැසකි.

බර අඩු කිරීම

ලෙමන් මගින් නිරෝගි සම්පන්න බරක් පවත්වා ගැනීම සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා මෙන්ම ලෙමන් අඩංගු ජලය තුළ අන්තර්ගත වන පෙක්ටීන් මඟින් ආහාර පාලනය කිරීමක් සිදු කෙරෙනවා. ඒ මඟින් ශරීරයේ වැඩි බර අඩු කිරීමක්ද සිදුකරනු ලබනවා.

ප්‍රතිශක්තිකරණ හැකියාව ඇති කිරීම

ලෙමන් තුළ ඉහළ ප්‍රතිශක්තිකරණ ගුණයක් තිබෙනවා. ලෙමන් තුළ අන්තර්ගත බැක්ටීරියාකාරක ප්‍රතිවෛරස නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමෙන් නිතර හැදෙන කැස්ස සහ හා සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදෙන්න පුළුවන්.

කුරුලෑ සුව කිරීම

ඔබට බොහෝ සිත් පීඩා දෙන කුරුලෑ සුවකර ගැනීමට උදෑසන ලෙමන් යුෂ පානය කිරීමෙන් හැකියාව ලැබෙනවා.

මලබද්ධය පාලනය

ලෙමන් යුෂ පානය කිරීම බහිස්‍රාවීය ක්‍රියාවලියට උපකාරී වනවා. ආහාර ජීර්ණය වේගවත් කරන අතර මලබද්ධය යන රෝග තත්ත්වයන් සුව කරගත හැකිවනවා.

වකුගඩුවල ගල් හා මුත්‍රාශ ගල් පාලනයට

ලෙමන් තුළ අන්තර්ගත පොටෑසියම් ප්‍රමාණය මගින් මුත්‍රාශයේ “citrates” ප්‍රමාණය වැඩිකර oxalate වළකා වකුගඩුවල ගල් සෑදීම පාලනය කරනු ලබනවා. ඒ වගේම ලෙමන් යුෂ පානය කිරීම මගින් මුත්‍රාශයේ ගල් සෑදීමද පාලනය වනවා.

සන්ධි ‍වේදනාව සහ ඉදිමුම සමනයට

ලෙමන් යුෂ පානය කිරීමෙන් සන්ධිවලින් යුරීක් අම්ලය ඉවත් කිරීමට උපකාරී වන නිසා ආතරයිටීස් රෝගය වැලඳුණු පුද්ගලයන්ට පවා ලෙමන් පානය ඉතා සුදුසුයි.

ආසාදන සුව කිරීමට

සමේ ආසාදනවලටත් ලෙමන් අඩංගු ජලය පානයෙන් ඉක්මන් සුවයක් ලැබෙනවා.

නිය සවිමත් කිරීමට ලෙමන් මඟින් නිය සවිමත් කරන අතර නිය මත නියමල් ඇතිවීම වළක්වනවා.

මාංසපේශී වේදනාවන් සමනය කිරීමට

මස් පිඬු පෙරළීම හා තැළීම නිසා ඇතිවන වේදනාවන්වලටද ලෙමන් අඩංගු ජලය පානයෙන් විශාල සහනයක් ලැබෙනවා.

විස නැසීමට

ඇල්කොහොල් නිසා සිරුරට ඇතිවන අපහසුතා අඩුකරන්නට ලෙමන් පානය යොදා ගත හැකියි. ඒ වගේම ආහාර විසවීම සහ ආසාදන සුවවෙමින් සිටින රෝගීන්ටද ලෙමන් පානයෙන් මනා සුවයක් ලැබෙනවා.

[චලනි අයේෂා] Health සඟරාව ඇසුරිනි

මාතෘකා