තරුණකම රැක දෙන දෙහි

 ඡායාරූපය:

තරුණකම රැක දෙන දෙහි

වතුර අපේ සිරුරට කොයිතරම් අත්‍යවශ්‍ය ද කියලා අපි හොඳින්ම දන්නවා. නමුත් මේ කියන්න යන්නේ නිකම්ම නිකම් වතුර ගැන නෙවෙයි. ඇමරිකාවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් විසින් මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙන කරුණක් ගැනයි. දිනකට දෙහි මිශ්‍ර්‍ර වතුර වීදුරුවක් පානය කිරීම සෞඛ්‍යයට ඉතා හිතකර බව ඔවුන් විසින් හෙළිකොට තිබෙනවා. සිහින්ව කපාගත් දෙහි පෙත්තක් පිරිසිදු වතුර වීදුරුවකට දමා හිස්බඩ පානය කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලැබිය හැකි බවත් එම පර්යේෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. එසේ දෙහි මිශ්‍ර වතුර පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මෙසේය.

නිරෝගී සමක්- ලප කැලැල් සහ රැලි වැටීම්වලින් තොර දීප්තිමත් සමක් ලබාගැනීමට උපකාරී වේ.

උදරාබාධ සමනය කරයි- දෙහිවල ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ආබාධ සුවකිරීමේ ගුණයක් තිබෙන නිසා දෙහි මිශ්‍ර වතුර පානය කිරීම අජීර්ණය, මළබද්ධය වැනි රෝගවලට ගුණදායකය.

විෂ නසයි - දෙහි විෂ නැසීමේ ගුණයෙන් යුතු නිසා ලේ පිරිසුදු කර සිරුර නිරෝගී කිරීමට උපකාරී වේ.

මුඛ සෞඛ්‍යය රැකදෙයි- මුඛයේ ඇතිවන උෂ්ණ බිබිලි, ලේ ගෙඩි සුව කරයි. එමෙන්ම මුඛයේ ආසාදන තත්ත්වයන් සුව කරමින් ප්‍රසන්න සුවඳක් ලබාදෙයි.

මානසික සුවයට කදිමයි- විඩාව දුරු කිරීමේ සහ මානසික ආතතිය දුරුකිරීමේ අපූරු හැකියාවක් දෙහිවල අඩංගු වේ.

ශ්වසන පද්ධතිය නිරෝගී කරයි- නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන්නන්ට දිනපතා දෙහි මිශ්‍ර වතුර වීදුරුවක් පානය කිරීමෙන් හිතකර ප්‍රතිඵල ලබාගත හැකිය. එමෙන්ම දෙහි සිරුරේ සෙම අඩුකර ශ්වසන පද්ධතිය නිරෝගී කරයි.

ආතරයිටීස් සහ රක්තවාත රෝගීන්ට ගුණයි- විටමින් සී බහුල දෙහි මෙම රෝගීන්ගේ වේදනාව අඩුකිරීමට උපකාරී වේ. අස්ථි අලුත්වැඩියාවට ද විටමින් සී අවශ්‍ය නිසා දිනපතා දෙහි මිශ්‍ර වතුර වීදුරුවක් පානය කිරීම ගුණදායකය.

ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකරයි- දෙහිවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඇති නිසා දිනපතා දෙහි මිශ්‍ර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිවේ.

තරුණ පෙනුම රැකදෙයි- ඉහත කී සියලූ හිතකර ප්‍රතිඵල නිසා නිරෝගී බව වැඩි වේ. ඒ තුළ නිරායාසයෙන්ම සම පැහැපත් වන අතර තරුණ පෙනුම දිගු කලක් පවත්වාගෙන යාමට ද උපකාරී වේ.

මාතෘකා