පැල්ලම් යවන අලුත් විදිහක්

 ඡායාරූපය:

පැල්ලම් යවන අලුත් විදිහක්

නිවස සුන්දරව පිළිවෙළට තබාගැනීම ගෘහනියගේ දහසක් කටයුතු අතර මූලික කාර්යයයක්. නිවසේ බිම,බිත්තිවල,ගෘහ භාණ්ඩ සහ ඇඳුම්වල ඇතිවන පැල්ලම් ඉවත් කිරීමට ගෘහනියකට ඇතැම් විට වෙහෙසකර කටයුත්තක්. ඒ සඳහා පහසු ක්‍රමයක් ගැනයි මේ සටහන. දත් බෙහෙත්වලින් කරන්නේ දත් පිරිසිදු කිරීම විතරයි කියලා මෙතෙක් කල් හිතාගෙන සිටි ඔබට දත් බෙහෙත් කියන්නේ පැල්ලම් ඉවත් කිරීමට යොදාගත හැකි කදිම විකල්පයක්.

සුදු පැහැති ඇඳුම්වල ඇතිවන තීන්ත පැල්ලම් ඉවත් කිරීමට පැල්ලම මත සුදු පැහැති දන්තාලේප ආලේප කර හොඳින් අතුල්ලා පසුව පිරිසිදු වතුරින් සෝදන්න. කෘමින් සපාකෑම නිසා සම මත ඇතිවන වේදනාව සමනය කරගැනීමට ඒ මත දන්තාලේප ස්වල්පයක් ආලේප කරන්න. ජංගම දුරකතනයේ තිරය මත ඇතිවන ඉරිතැළීම් අලුත්වැඩියා කිරීමට නොහැකි නම් ඒවා පිටතට නොපෙනෙන සේ සඟවා තැබීමට සුදු පැහැති දන්තාලේප ස්වල්පයක් ගෙන ඉරිතැළීම් මත මෘදුව ආලේප කර මෘදු පිරිසිදු රෙදි කඩකින් පිසදමන්න.බැලූ බැල්මට ඉරිතැලීම් නොපෙනේවි. ආහාර පිළියෙල කිරීමෙන් පසු දෑත්වල ඇතිවන ලූනු,සුදුලූනු ගන්ධය නැතිකර ගැනීමට දන්තාලේප ස්වල්පයක් ආලේප කර දෑත් සෝදන්න. හිසකෙස් විලාසිතා සකසන උපකරණ මත ඇතිවන ඇලෙනසුලු බව නැතිකර ගැනීමට ඒවායේ මතුපිට දන්තාලේප ස්වල්පයක් ආලේපකර පිරිසිදු කරන තෙත රෙදිකඩකින් පිසදමන්න.අලුත් පෙනුමක් ලබාගත හැකිය. කුඩා දරුවන් විසින් බිත්තිවල අඳින ලද පැල්ලම් මකා දැමීමට සුදු පැහැති දත්තාලේප ආලේප කර පිරිසිදු බුරුසුවකින් අතුල්ලන්න. ළදරුවන්ගේ කිරි බෝතල් පිරිසිදු කිරීමට දත්තාලේප තැවරූ අලුත් පිරිසිදු දත් බුරුසුවක් භාවිත කරන්න. එයින් බෝතලය පිරිසිදු වනවා මෙන්ම නැවුම් සුවඳක් ද ඇතිවේ.

අන්තර්ජාලය ඇසුරිනි.

මාතෘකා