කන්න හොර පොඩ්ඩන්ට රසගුණ සපිරි පොප්සිකල්

 ඡායාරූපය:

කන්න හොර පොඩ්ඩන්ට රසගුණ සපිරි පොප්සිකල්

ඉදිරිපත් කිරීම

ප්‍රවීන සූපවේදිනි

චතුරිකා අනුරාධා

වට්ටක්කා පොප්සිකල්

‍ගෙදර තියෙන දහසක් කටයුතු අතරේ අම්මලාට අමාරුම දේ තමයි පුංචි දරුවන්ට කෑම කවන එක.විශේෂයෙන් ගුණ කෑම බීම කන්න බොන්න පුංචි දරුවො මැලිකමක් දක්වනවා. හැමදාම කෑමබීම හදන විදිහ වෙනස් කරලා අලුත් විදිහට කෑම බීම හදන්න ඉගෙන ගත්තොත් පුංචි දරුවො වගේම වැඩිහිටියොත් වෙනදට වඩා ආසාවෙන් ඒ කෑම පිළිගනීවි.

අපි හදන්න යන්නේ කවුරුත් රහ කර කර බොන්න කැමති ජනප්‍රිය පොප්සිකල් පානයක්. කෘත්‍රිමරසකාරක හෝ වර්ණකාරක කිසිවක් මේ සඳහා භාවිත කරන්නේ නැහැ. ඒ වගේම මේ දවස්වල වෙළෙදපොළේ බහුලව තිබෙන, වැඩි මිලක් නැති එහෙත් පෝෂණීය ගුණ රැසකින් සපිරි වට්ටක්කාවලින් තමයි මේ පොප්සිකල් එක හදන්නේ.

මේ සඳහා අවශ්‍ය වන්නේ වට්ටක්කා ග්‍රෑම් 250ක්, වතුර සහ රස පදමට සීනි,ලුණු සහ දෙහි යුෂ ස්වල්පයක් පමණයි.

මුලින්ම වට්ටක්කා පොත්ත පිටින් හොදින් සෝදා කුඩා කැබලිවලට කපාගන්න. පොත්ත ඉවත් කළහොත් වට්ටක්කා සතු පෝෂණීය ගුණය විනාශ වනවා. දැන් කපාගත් වට්ටක්කා කැබලි වාෂ්පයෙන් තම්බා ගන්න.එසේ වාෂ්පයෙන් තම්බා ගැනීමේ අරමුණ වතුර දමා තැම්බීමෙන් වට්ටක්කාවල පෝෂණ ගුණය විනාශ වීම වළක්වා ගැනීමයි. ඒ විදිහට වාෂ්පයෙන් තම්බාගත් වට්ටක්කා හොඳින් පොඩිකර ගන්න. ඉන්පසු එයට වතුර ස්වල්පයක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එය පියුරි එකක් එහෙමත් නැත්නම් මෘදු පේස්ට් එකක් ආකාරයට බ්ලෙන්ඩ් කරගත් පසු අවශ්‍ය පමණට වතුර එක්කරගන්න.ඉන්පසු එයට රස පදමට සීනි,ලුණු සහ දෙහි යුෂ එක්කර හොඳින් කලවම් කර පොක්සිකල් මෝල්ඩ්වලට දමා ශීතකරණයේ තබා පොඩ්ඩන්ට පිළිගන්වන්න. මේ ආකාරයට කැරට් සහ බීට්වලින් ද පොක්සිකල් සකසා ගත හැක.

ඒ වගේම පැණි රසට අකමැති වැඩිහිටියන්ට මෙයට සීනි වෙනුවට ලුණු, දෙහි යුෂ සහ ගම්මිරිස් එක්කර සකසා ගන්නත් පුළුවන්.

මාතෘකා