මුහුණු පොතේ අකුරු කෙරුම්

 ඡායාරූපය:

මුහුණු පොතේ අකුරු කෙරුම්

මෙහෙමත් මිනිස්සු

ඇදයි කකුලක් කලු ලු මුහුණ ද
සිටින ඇවිදින මෙන්ම නින්දෙ ද
තමන් පමණක් හරි සිතන විට
පෙනේ සෙවණැලි වල ද බොහො ඇද

කරන වැඩෙහිද කියන වචනෙද
අදින පළදින සිනාවක වුව
වැරදි හොය හොය හොඳක් නොදකින
අයට බැරි ඇයි කිසිත් කරනට

රිදෙන විට සිත සමහරක් විට
තනිව සිතනෙමි කුමක් විය මට
බුදුන් දෙසු ලෙස ලොවේ සතහට
පුරුදු විය යුතු යසට අයසට

හලා කෙල හති දමා කැඩුමට
උඩ පැන්න මුත් ඉහළ අහසට
මිදි තිත්ත වූයේ ද නරියට
කා බලා නොව කඩනු බැරි විට

■ මලී වික්‍රමසිංහ

අම්මෙ,

අකල් දා වට අනෝරා වැහි
පියසි සූරා ගෙබිම තෙමුවා
ගිඟුම් දී හද අහස ගොරවා
අකුණු සැර කැණිමඬල බින්ඳා

පාන් පැල ළඟ වැටුණු පර මල්
පියළි වී බිම් පසට වැසුණා
සයුර එතෙරහි නොතනි බව ඔහු,
අම්මා අත වූ ලිපියේ තිබුණා

දෝණී නාවපු නැකත වරදලු
වේල පත්කඩේ රැහේ ලෙහුණා
වගක් ගත්තේ හිතට වරදක
දෙබෑ වෙන් නොවු පොලේ හින්දා

චපල හිමි පෙම, හද දෙපළු කළ
පෙමේ උත්තම ලකුණු පෙන්නා
අම්මේ, ඒකද නොඑන්නට ගියේ
සුදට හැරවුණ නුඹේ රුහිරු හඬවා

■ සරණි ආරියසේන
 

මේකප් ආටිස්ට්

පින්න කුමරා මම
තණ පිඩැල්ලක් යටට වී,
අහන් ඉන්නා සුසුම් රාවය...

බමරැනේ හැම උදෑසන
මම තමයි දොවන්නේ,
නුඹ ඔය සිඹින ඇගෙ මුහුණ
පින්න කුමරා මම
සරසවා හෙටත් මල
ඇරලවා නුඹ ලගට
තිරය පිටුපස ඔහේ වියැලෙන

■ චාමිකා අරවින්දි

මලක මළගම

ඔහේ වැටෙනා වතුර බිදුවක්
ලදැල්ලක නැවතුමක් පැතුවා..
ලදැල්ලේ වැටි නිදා උන්නූ
සේපාලිකාවක් බිමට වැටුනා..

මිරිකි මිරිකී එකට ගුලිවී
පොරකකා ජල කඳත් ගැලුවා
මරණයත් පෙනි පෙනී ඒමල
වැදූ ගහ මුල දනින් වැටුනා..

ඈත පෙනෙනා වියරු අහසේ
රිදී ඉරි හැම තැනම දිව්වා
මිහිදමත් සිදු කරගෙනම ඈ
හෙමින් සීරුවෙ හුස්ම හැරියා...

■ නයනා ප්‍රියදර්ශනී
 

අකුණු

මෑත් කර බලමි පඬුවන් දොර රෙද්ද
අදත් වැහි වගේ එල්ලාගෙන මූණ
කමක් නෑ උඹට හොඳ නම් මට මොකද
අකුණු එපා පුංචි එකා නිදි නේද?

■ සෂි මධුශානි

හිතවතී

ප්‍රේමයෙන් සංතෘප්ත හිතකත්
තිබුණි නම් හිස්තැන් සැදී
නොතේරෙන තැන් බොහොමයක් ළඟ
නිරුත්තර වේනම් අපී
කොතැන හෝ වැරදී ඇතී මුත්
හැරී නොබලන් හිතවතී .......

හරිත පත් පිරිවරා සැරසී
සිටින මුත් කලකදි තුටින්
ගසක් වුව පත් වරයි කලෙකදි
විදාගයි අත් නිදහසින්
ප්‍රේමයත් වෙහෙසක්ය විටෙකදි
නොදන්නෙමි කිමදැයි ඉතින් ....

■ හේමන්ත ජයවර්ධන
මාතෘකා