විසකුරු

 ඡායාරූපය:

විසකුරු

මුහුණු දෙකක් ඇති මිනිසා

විසකුරුය ඔළු දෙකක් ඇති සර්පයකුට වඩා

 

සපා කෑවොත් ඔබව සර්පයකු

උරා ඉවතට ගත හැකි නමුදු ඒ විෂ

සපා කෑවොත් ඔබව මිනිසකු

ඉවතට ගත නොහැකිය ඒ විෂ!

 

(ප්‍රකට බංග්ලාදේශ ලේඛිකා තස්ලිමා නස්රින් විසින්රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)


තස්ලිමා නස්රින්

Taslima Nasrin

 

කලක් වෛද්‍යවරියක ලෙස කටයුතු කළ තස්ලිමා නස්රින් ලොව පුරාම කතාබහට ලක්වූ බංග්ලාදේශ ලේඛිකාවකි. කිවිඳියක, නවකතා රචිකාවක මෙන්ම පුවත්පත් තීරු ලිපි රචිකාවක ලෙසද ඇය ප්‍රකටය. කලක් තිස්සේ කාව්‍ය නිර්මාණ රචනයෙහි නියැළෙමින් කාව්‍ය සංග්‍රහයන් ගණනාවක් ලියා පළ කළ ඇය 1993 වසරේ රචනා කළ ‘ලජ්ජා’ (Lajja) නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. එම කෘතියෙන් ඉස්ලාම් ආගමට අපහාස කෙරෙන්නේ යැයි චෝදනා කරමින් මූලධර්මවාදීන් විසින් එල්ල කරන ලද පීඩනය හමුවේ රටින් පලා යන්නට පවා ඇයට සිදුවිය. වර්ෂ 1994 සිට රටින් පිටුවහල්ව සිටිමින් විප්‍රවාසී දිවියක් ගත කරන ඇය දැනටද කාව්‍ය නිර්මාණ ඇතුළු විවිධ නිර්මාණ මෙන්ම ස්වයං ලිඛිත චරිතාපදානයක්ද කොටස් වශයෙන් ලියා පළකරමින් සිටින්නීය.

[අජිත් නිශාන්ත]

මාතෘකා